මමත පදින්නේ 135 එකක්. පහත දේවල් තිබේ
1. පැට්‍රොල් 60+ වැඩ. 60 ට වැඩ ස්පීඩ් යනවා නම් ඊට අඩුවෙන් කරන්නේ.
2. ලුක් එක මට නම් ස්පෝටි. පල්සර 150/180 මට අල්ලන්නේ නැත්තේ ඉස්සරහ ලුක් එක හෙඩ්ලයිට් ලුක් එක එහෙම දැන් යල් පැනගිය ඒවා
3. සිට් නම් තදයි, සස්පෙන්ෂන් හරි නෑ පිටිපස්සේ.
4. හන්ඩ්ලින් ok. එත් එක එකාට අනුව ඕක වෙනස් වෙනව.
5. වයිබ්රේට් එක : ඔතන තාක්ෂණික පසුබිම මේකයි ඕනෑම බයික් එකක් එක්තරා වෙගෙකදී වයිබ්රේට් වෙනව අපහු ඒ වේගේ පැන්නම අඩු වෙනව. ඕකට කියන්නේ resonance vibration කියල. පල්සර 135 හෙ ඕක එන්නේ 65 පැන්නම.
6. බිල්ඩ් කොලිටි - පල්සර 135 හැදුවේ ඊට කලින් ආව xcd 135 එකේ කැලි වලින් බව ඇත්ත වෙන්න පුළුවන්. ඒ වගේ පාර්ට්ස් මේකෙත් තියේ. ඒ නිසා මේ බයික්කේ අව්ල් නම්, බජාජ් අනිත් හොඳ යැයි සම්මත බයික් වල පාර්ට්ස් හදන්නේ වෙනම කොම්පැනියක ද ? ටයිටේනියම් වැනි ලෝහ යොදගෙනද ? ඒ බයික් වල පාර්ට්ස් හිටං හදන්නේ 135 එකේ පාර්ට්ස් හදන කොම්පනියේම තමයි. ලංකාවෙන් යවන යකඩ වලින්. එකයි ඔච්චර ඉක්මනින් මලකඩ කන්නේ.
7. බයික්කේ බර අඩුයි පල්සර 150/180 ට සාපේක්ෂව. ඒ නිසා සැහැල්ලු බයික්කයක් පදින සිස්ටම් එකට පදින්න ඕනා. ට්‍රැෆික් වලදී සහ එහෙං මෙහෙන් රිංගන්න නම් මේක පට්ට.
8. බයික්කේ තියෙන්නේ වැල් 4 (මහා ලොකු දෙයක් නෑ. එකම ටයිමින් බං.) ඒ නිසා සද්දේ වෙනස් ද දන්නේ නෑ. බජාජ් එන්න එන්නම බයික් එන්ජිං වල සයිස් එක අඩු කරනවා. කොලිටි එකත් අඩුයි. අලුත් පල්සර ඉස්සර පල්සර තරම් දුවන්න බෑ සිංහලු.
9. ඕපන් චෙන් (o-රිං චේන්) - ගොඩක් සිරිසේනලා අනාගන්නේ මේක හින්ද. ඕක මේන්ටේන් කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. නැතිනම් චෙන් ස්පොකට් ඔක්කොම ඉක්මනින් කෙලවෙනවා. ඉතිං සිරිසේන කියනවා පල්සර 135 චේන් අව්ල්
10. ලයිට් කැලි, ස්විච් හුටපට - ඔක්කොම ගහන්නේ ඉන්දියාවේ minda කියන කොම්පැනියේ. බජාජ් බයික් ඔක්කොටම එකයි
11. නිව්ට්‍රල් බෑ - ඕක ඉතිං 1 down 4 upගියර්තියෙනඒවගේහැටියක්.ක්‍රමයඅල්ලගත්තම සිරිසේනටත් පුළුවන් නිව්ට්‍රල් කරන්න
12. ඕටෝ චෝක් - මේක නිසා හරි නෑ කියල කියන සිංහලුත් ඉන්නව. ඒ ය ඔටෝ චෝක් කියන්නේ මොකක්ද එක වැඩ කරන විදිහ ඉගෙනගෙන එන්න
13. ලෙඩ වැඩි - පාරට බැහැල බයික් 10 ගත්තොත් 5ක් ප්ලටිනා, 3 ක් පල්සර 135, 1 පල්සර 180. සෝ සින්හලුනේ වැඩියෙන් තියෙන බයික්ස් වල වැඩියෙන් ලෙඩ ගැන කතා වේ.
14. පල්සර 150/180 සාපේක්ෂව පල්සර 135 හෙ අවාසි මේවයි
* සිට් එක තදයි. සස්පෙන්ෂන් තදයි
* සැහැල්ලු නිසා වංගු වලදී එහෙම හන්ඩ්ලින් අව්ල්? වයිබ්රේට් එක වැඩි ?
* o-රිං චේන් (ඕපන් චෙන්) නිසා නඩත්තුවක් ඕනා ගෙවීම වැඩි
* පිලියන් උස වැඩි නිසා පස්සේ යන්න ගෑනු කැමති නෑ. ස්පෙෂලි 40+ අය, අන්කල්ස්ලා
15. පල්සර 150/180 සාපේක්ෂව පල්සර 135 හෙ වාසි මේවයි
* පැට්‍රොල් වැඩ කිරීම හොඳයි. 50-55kmpl vs 60-65kmpl
* ලුක් එක හොඳයි
* මිල අඩුයි
මම වගේ ගමෙහ් කුකුලෙක්ට අනුව, පල්සර 150/180 අද කාලෙට අනුව නම් අන්කල්ලට ඔබින පප්පා ටයිප් බයික්කයක් (රිදෙයි), දැන් ඒකෙ මස්කල් ලුක් එක නෑ. ඇතැමුන්ට අනුව ඒක වැදගත් ලුක් එක සහ පල්සර 135 රස්තියාදු ලුක් එකලු. හෙඩ් ලයිට් එක හරි නෑ රව්ම් වැඩි, පස්ස හරි නෑ පල්සර 135/200 වගේ short skirt ලුක් එක නෑ.