ජනපති යුධ අධිකරණයට ගෙනයාම වළකන්න තුනෙන් දෙකෙන් දිනවන්න
February 5, 2014 at 8:35 am | lanka C news
February 5, 2014 at 8:35 am | lanka C news
ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියට රට බේරාගත් ජනාධිපතිවරයා ගෙනයෑම වළක්වන්න.මැතිවරණයෙන් තුනෙන් දෙකක ජයග‍්‍රහණයක් ලබා දෙන්නැයි ඇමති බැසිල් රාජපක්ෂ ඉල්ලයි.
ඒ මහතා මේ බව පැවසුවේ මහරගම ප‍්‍රදේහයේ පැවති රැස්වීමක් අමතමිනි.
ඒ මහතා එහිදී මෙසේද පැවසීය.
‘ත‍්‍රස්තවාදයෙන් රට බේරාගත් ජනාධිපතිවරයා ජාත්‍යන්තර අධිකරණයක් හමුවට ගෙනයෑම වළක්වාගත හැක්කේ ඔබටයි. මෙම පළාත් සභා දෙකම තුනෙන් දෙකක ජයග‍්‍රහණයක් ලබා දුන්නොත් ඇමෙරිකාවට එතුමාට විරුද්ධව කටයුතු කිරීමට නොහැකි වෙනවා.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ජනතාව ජනාධිපතිවරයා සමග සිටින විට එතුමාට විරුද්ධව කටයුතු කිරීමට බොහෝ රටවල් කැමති නැහැ.එම නිසා ජිනීවා මානව හිමිකම් පිළිබද සම්මේලනයේදී ලෝකයේ අනෙක් රටවල් එතුමාට ද්‍රෝහි වී කටයුතු කරන එකක් නැහැ. ඒ තත්ත්වය ඇති කිරමට ඔබ රජයට පක්ෂ මන්ත‍්‍රීවරු පළාත් සභාවලට යැවීමට කටයුතු කරන්න..

ඔන්න දේශප්‍රේමියෝ ටික මහින්දට පැත්තේ උන්ට චන්දෙ දීලා මහින්දව බේරගනිල්ලා.නැත්නම් මහින්දව ඇවිල්ලා අරන් යයි...අපිනම් නැහැ ඕවට..



