ශ්‍රී ලංකා දුම්රිය සේවයේ අද වෙනකොට දුම්රිය ධාවනය වෙන මාර්ග අතරින් දීර්ගතම මාර්ගය තමයි මඩකලපුව දුම්රිය මාර්ගය. දුම්රිය මංසන්ධි 04ක් හරහා ලංකාවේ එක් කෙරවලක සිට අනෙක් කෙරවලට දිව යන සැතපුම් 217ක් දුර හරි අපූරු දුම්රිය මාර්ගයක් තමා මඩකලපුව දුම්රිය මාර්ගය කියන්නේ. 1928 වසරේ තමා මේ දුම්රිය මාර්ගයේ වැඩකටයුතු අවසාන කරලා තියෙන්නේ. මුල් කාලයේ සැහැල්ලු දුම්රිය හා දුම්රිය ඇංජින් පමනක් ධාවනය වෙච්ච මේ මාර්ගයේ 1950 වසරෙන් පස්සේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනයට සුදුසු ආකාරයට නවීකරනය සිද්ධකරලා තියෙනවා.
මේ අපුරු දුම්රිය මාර්ගයේ තතුවිත්ති බලන්න පෙරේරා පසුගිය මාසයේ මඩකලපුවේ සංචාරය කරා. ඒ උදේ 6:10 ට කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වෙන උදය දේවී දුම්රියෙන්.
ඉස්සෙල්ලාම මගේ ගමනේ මට හම්බ උනේ 797. ඒ ගම්පහට කිට්ටුවදී. පොල්ගහවෙල හිඟන්නා ඇදගෙන පොල්ගහවෙල යනවා.
මේ අපේ දුම්රිය සේවයේ දැනට භාවිතා වෙන හොඳම DMU එක කිව්වොත් මම හරි. ඒ ඇස් 10.
උදය දේවී..ඉදිරියටම
බෆර්... කොහොමද ස්පීඩ් එක.
වඳුරෙක් දිහා බකං නිලන්
ආයේ අපි ගමනේ.
කෝච්චියේ යනකොට වටපිටාව හරි ලස්සන ඇතිනේද. අනේ.. ඔයාලාට පේන දේ මටත් කියනවාද?
දැකලා පුරුදු කෙනෙක් ඇදං යන්නේ...
දුම්රිය සේවයේ අලුත් හැඩකාරයෝ..
ඇක්ස්පෝ
මම කිව්වානේ අපිට මේ ගමනේදී දුම්රිය මංසන්ධි 04ක් හම්බ වෙනවා කියලා. මුලින්ම හමුවෙන්නේ රාගම. ඊලඟට පොල්ගහවෙල. තුන්වෙනි එක තමා මේ. මහව.
මෙයා තමා අපිව ඇදගෙන ආවේ. තවම ගමනින් ආවේ 1/4ක් විතරයි. තව සෑහෙන දුරක් යන්න තියෙනවා. මේ ලෑස්තිවෙන්නේ ටර්න්ටේබල් යන්න.
එයා ටර්න්ටේබල් එකට ගියවෙලේ මම පොඩ්ඩක් ඉස්ටේසම වටේ කැරකුනා. ටොප් බඩුවක් මහව ඇවිල්ලා.
දුම්රිය සේවයේ තවත් කෞතුක භාන්ඩයක්. S7 DMU එකක්.
මේ එයාගේ අනිත් මූන.
රියල් ස්ටීල් එකේ රොබෝ වගේ. තව එකෙක් කීවා කඩියා වගේ කියල
දුම්රිය සේවයේ අතීතයයි වර්තමානයයි.
මේ භාන්ඩේ මොකද්ද දන්නවාද? මේක රිපීටර් සිග්නල් එකක්. ඒ කියන්නේ ඉස්සරහ කෙලවරේ තියෙන සිග්නල් එක මෙතනත් රිපීට් වෙනවා.. ඒ මොකද කියනවානම් මහව ඉස්ටේසම තියෙන්නෙ වංගුවක නිසා දුම් රියේ එන්ජිමට සිග්නල් එක පෙනුනට ප්‍රධාන නියාමක මැදිරියට ඒ සිග්නල් එක පේන්නෙ නැති නිසා. මෙන්න මේ සිග්නල් එක වගේමයි
දුම්රිය නිසා පනගැට ගහගන්නා සෑහෙන පිරිසක් ඉන්නවා. මේ ඒවගේ ආච්චි කෙනෙක්.
මෙතනින් එහාට තමයි ගමනේ සැබෑම අලංකාරය විඳින්න තියෙන්නේ. මහව වෙනකං ඉහේ කෙස් ගානට කෝච්චියේ ගිහින් තියෙන නිසා වැඩිපුර පින්තූර ගත්තේවත් ෆුට්බොර්ඩ් ගියේවත් නෑ. සීට් එකක පිළිවෙලට වාඩිවෙලා ගිය මම මහවින් පස්සේ එලියට බැස්සා.
අතහැරදමන ලද යාපහුව දුම්රිය ස්‍ථානය.
සාරවත් කුඹුරු
උදය දේවී....
"






