BBS අනාගතය

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
බොදුබලසේනාව දේශපාලනයෙන් විසිවෙයි
එළඹෙන මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා බොදුබල සේනා සංවිධානය ඒකාබද්ධ කර නොගන්නා බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.
බොදුබල සේනා සංවිධානයේ ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයාට ඡන්ද විශාල ප්‍රමාණයක් අහිමි වු බව හෙතෙම පෙන්වා දෙයි.
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් ද ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව හෙතෙම එහිදී වැඩිදුරටත් කියා සිටියේය.


http://www.breakingnews.lk/news-explorer.php?newsid=390&catgory=local&type=b