BeeP හඬින් ලෙඩේ හොයන්න.........,

Hassiya

Member
Jul 14, 2012
8
7
0
BeeP හඬින් ලෙඩේ හොයන්න.........,

හොඳින් ක්‍රියා කරන පරිගණකයක් ක්‍රියාත්මක කල සැනින් "බීප්" හඬක් ඇසේ,ඕනෑම පරිගණකයක් ආරම්භ වීමේදී මුලින්ම මව්පුවරුවේ ඇති බයෝස් වැඩසටහන ක්‍රියාත්මක වේ.මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මව්පුවරුවේ ඇති චිපයක් මගිනි.මෙහි ප්‍රධාන කාර්යය වන්නේ Post-Power On Self Test ලෙස සලකන ක්‍රියාවලිය මෙහෙය වීමයි, ඊට අමතරව,



  • බයෝස් වැඩසටහන ස්‌වයං පරීක්ෂණයට භාජනය කිරීම.
  • පරිගණකය සතු ප්‍රධාන මතකය පරීක්ෂා කර බැලීම.
  • මුලික දර්ශන තිර ලබාදීම.
  • පරිගණකය බුට්‌ කරවීම.
  • පරිගණකයට සවි කර ඇති උපකරන හඳුනා ගැනීම.
  • මෙහෙයුම් පද්ධතිය ධාවනයට අවශ්‍ය මුලික පසුබිම සාදාගැනීම.
යනාදී දේවල්ද සිදුවේ.​
මෙම බීප් හඬ මගින් අපට පරි ගණකයේ ඇති දෝෂ හඳුනා ගත හැක,​

  • කෙටි බීප් හඬ - දෝෂ නොමැත.
  • බීප් හඬ නැත - බල සැපයුමේ හෝ මව්පුවරුවේ දෝෂයක් ඇත.
  • නොනවතින බීප් හඬ - බල සැපයුමේ,මව්පුවරුවේ හෝ යතුරු පුවරුවේ දෝෂයක් ඇත.
  • නැවත නැවත මතුවන බීප් හඬ - මෙමරියේ දෝෂයකි.
  • එක දිග බීප් හඬක් හා එක කෙටි බීප් හඬක් - මව්පුවරුවේ දෝෂයක් ඇත.
  • එක දිග බීප් හඬක් හා එක කෙටි බීප් හඬ දෙකක් - ඩිස්ප්ලේ ඇඩප්ටරයේ දෝෂයක්.
  • එක දිග බීප් හඬක් හා එක කෙටි බීප් හඬ තුනක් - ග්‍රැෆික් ඇඩප්ටරයේ දෝෂයක්.
  • දිගු බීප් හඬ තුනක් - යතුරු පුවරුවේ දෝෂයකි
  • නොනවතින උස පහත් හඬින් යුතු බීප් හඬ - ප්‍රොසෙසරය රත් වී ගෙන එන බව පවසයි.
  • කෙටි බීප් හඬ දෙකක් - POST / CMOS හි දෝෂයක්
 

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif
    11.gif
    ++++
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    machan mage PC eke ledak thiyenawa .... ON karanta giyaama 2 /3 k parak on wenta gihin off wenwa ...

    UPS eke on karla power button eka on karama pc eka on wenta gihin off wenwa ... ehemma thiyala thibbama ayath auto on wenta gihin off wenwa ... e vidiyata 3/4 parak wela pc eka on wennne ....

    case eka mokak wenta ahitda .........:confused::confused::confused::confused: