Beginners guide to නලීන් ද සිල්වා

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට කොලොස්ටරෝල් වලට එහෙම එක පාරට බෙහෙත් දීල හොයන්න පුලුවන් ඇති නේ ? ඔය කියන විදිහට බෙහෙත් තියෙන්න පුලුවන් දීපු ගමං බෙහෙතට හොඳ වෙනව කියල දැනගන්න පුලුවන් තුවාල අත පය උලුක් වීම් වගේ ලෙඩ වලට විතරයි. එහෙම නැතුව දීර්ඝ කාලයක් තිස්සෙ හොඳ වෙන බෙහෙත් ගැන ඔහොම හොයන්න බෑ. ටිකක් ප්‍රායෝගිකව හිතල බලපං.

    හොයාගත්ත ඒවට හොයාගත්ත විදිහ දන්නේ නැති නිසා ඒක දෙයියෝ දෙන්න ඇති :baffled: ඕවා මේ හැමදාම මිනිස්සු නොදන්න දේවල් ගැන ගහපු බෙර පදේ නෙ. අර මැරිච්ච හේතුව නොදන්න නිසා උට යකා ගහන්න ඇති කියනවා වගේ තමා.

    බැරි හින්ද තමා ගොඩක් ලෙඩ වලට බෙහෙත් නැත්තේ තාම. දැන් තියෙන බෙහෙතුත් හෙන කාලයක් දුක් විඳගෙන කරන්න ඕනේ බෙහෙත් තියෙන්නේ. අන්න ඒ ප්‍රායෝගික නොවන බවම තමා ඔය බෙහෙත් මිනිස්සු හදාගත්ත ඒවා බවට තියෙන සාක්කිය. ප්‍රත්‍යක්ෂ කරලා මනස දියුණු කරලා ගත්තා නං ආය ටෙස්ට් කර කර වැරදි වරදී ඉගෙනගන්න දෙයක් නෑ ගෙඩිය පිටින් පුළුවන් නෙ ගන්න අන්තිම 100%ක් නොවරදින බෙහෙත. කෝ එහෙම හොයාගෙන නෑ කොහෙවත්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිත එකග කරගන ඔච්චර දැනුමක් ගන්න පුලුවන් නම් ඇයි අපිට බැරිවුනෙ ඒ කාලේ රටට අක්‍රමන එනකොට නවතගන්න. කලින්ම දැනගන බෙරෙන්න තිබුනනෙ. සිතෙන් වැඩ දාපු හොදම කලයක්නෙ අනුරධපුර යුගය එත් අපිට බැරිවුනනෙ දකුනු ඉන්දිය අක්‍රමන වලින් බේරෙන්න. මම නම් කියන්නෙ බුදු හාමුදුරුවො දෙශනා කල ඇත්ත දර්මය දැන් වෙනස් කරලා තියෙන්නෙ.

    මේ තියෙන්නෙ තනිකර බටහිර චින්තනය. පෙරදිග රටවල් වල මිනිස්සු දැනුම ගත්තෙ යුද්ද කරන්න නෙමේ. හිත එකඟ කල්ල දැනුම ගත්ත කියල යුද්ද කරන්නත් බෑ. යුද්ද කරන්න ඕනෙ යුද සැලසුම්. හිත එකඟ කරල යුද සැලසුම් හදන්නද කියන්නෙ ? සැලසුම් හදන්න පාවිච්චි කරන්නෙ තර්කානුකූලව හිතන එක. ඒව තමා බටහිරයො හොඳටම කරන්නෙ.

    අනික කොහෙද කියල තියෙන්නෙ මනස දියුණු කරල හැම දෙයක්ම දැනගන්න පුලුවන් කියල ? මනස දියුණු කරල පංචේන්ද්‍රිය ගෝචර නොවෙන දේවල් ප්‍රත්‍යක්ශ කරගන්න පුලුවන් කියල විතරයි කියන්නෙ. ඒක දැනුම ලබාගන්න තවත් ක්‍රමයක් මිසක් ලෝකෙ තියෙන හොඳම ක්‍රමේ කියල කොහෙවත් කියල නෑ.

    බටහිර විද්‍යාවෙන් කරන්නෙ මේ සේරම මිථ්‍යාවල් කියල ලෝකෙ තියෙන සේරම සංස්කෘතීන් වල මිනිස්සු බටහිර ඊනියා විද්‍යාත්මක ක්‍රමේටම දැනුම ලබාගන්න පුරුදු කරවන එක. මනස දියුණු කරල ලබාගත්තු දැනුමක් කියල කිව්වත් ඇති කිසිම පරීක්ශණයක්වත් නොකර ඒක නොසලකා හරිනව. රජරට වකුගඩු රෝගයට හේතුව හොයාගත්තු එකටත් ඒකයි වුනේ.

    හොයාගත්ත ඒවට හොයාගත්ත විදිහ දන්නේ නැති නිසා ඒක දෙයියෝ දෙන්න ඇති :baffled: ඕවා මේ හැමදාම මිනිස්සු නොදන්න දේවල් ගැන ගහපු බෙර පදේ නෙ. අර මැරිච්ච හේතුව නොදන්න නිසා උට යකා ගහන්න ඇති කියනවා වගේ තමා.

    බැරි හින්ද තමා ගොඩක් ලෙඩ වලට බෙහෙත් නැත්තේ තාම. දැන් තියෙන බෙහෙතුත් හෙන කාලයක් දුක් විඳගෙන කරන්න ඕනේ බෙහෙත් තියෙන්නේ. අන්න ඒ ප්‍රායෝගික නොවන බවම තමා ඔය බෙහෙත් මිනිස්සු හදාගත්ත ඒවා බවට තියෙන සාක්කිය. ප්‍රත්‍යක්ෂ කරලා මනස දියුණු කරලා ගත්තා නං ආය ටෙස්ට් කර කර වැරදි වරදී ඉගෙනගන්න දෙයක් නෑ ගෙඩිය පිටින් පුළුවන් නෙ ගන්න අන්තිම 100%ක් නොවරදින බෙහෙත. කෝ එහෙම හොයාගෙන නෑ කොහෙවත්.

    මනස දියුණු කරල දැනුම ලබාගන්නව කියන්නෙ 100% නොවරදිනව කියන එක නෙමේ බං. කියන දේ තේරුම් ගනිල්ලකො. මනස දියුණු කරල පංචේන්ද්‍රියන්ට ගෝචර නොවෙන දේවල් ප්‍රත්‍යක්ශ කරන්න පුලුවන්. එච්චරයි. පංචේන්ද්‍රිය ගෝචර සීමාවෙන් ඔබ්බට තියෙන දේවලුත් ප්‍රත්‍යක්ශ කරගෙන දැනුම නිර්මාණය කරන්න පුලුවන් කියල විතරයි කියන්නෙ‍ෙ.

    මිනිස්සු හොයගත්ත නම් කෝ හොයාගත්ත ක්‍රමේ ? කෝ පරීක්ශණ කරපු අය ? කොහොමද පරීක්ශණ කලේ ? ඒව මොකුත් නෑ. උඹ ඔය කරන්නෙ මනස දියුණු කල්ල දැනුම ලබාගැනීම බටහිර විද්‍යාවට එකඟ නැති හින්ද මොකක් හරි කියන්න ඕනෙ නිසා කියනව මනස දියුණු කරපුව බොරු ඕව මිනිස්සු පරීක්ශණ කරල හොයාගත්තුව කියල. එතකොට ජ්‍යෝතිශ්‍ය නිර්මාණය කරල තියෙන්නෙත් මිනිස්සු පරීක්ශණ කරල ? එහෙනං ඇයි ජ්‍යෝතිශ්‍ය පිලිගන්නැත්තෙ ? කොහොමද පරීක්ශණ කලේ ? කරපු විදිහත් කිව්ව නං ? දැන් කියන්න ජ්‍යෝතිශ්‍ය විතරක් බොරු බෙහෙත් විතරක් ඇත්ත. ඒව පරීක්ශණ කරල කියල. දැන් එතකොට ඔය මහලොකු ඊනියා පරීක්ශණ නිරීක්ශණ නිගමන මත පදනම් වෙලා නෙමේද දැන් ජ්‍යෝතිශ්‍ය බොරුයි කියන්නෙ ? එතකොට ඒ කාලෙ පරීක්ශණ නිරීක්ශණ නිගමන තිබ්බ නං ඇයි ජ්‍යෝතිශය ප්‍රතික්ශේප වෙලා ගියෙ නැත්තෙ ? එතකොට බෙහෙත් කරන්න වෙලාව බලල තියෙන්නෙත් පරීක්ශණ කරල හොයාගෙනද ? බටහිර විද්‍යාව බේරගන්න පුලුවන් නං කොච්චර අසංගත වුනත් ගානක් නෑ නේ ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මනස දියුණු කරල දැනුම ලබාගන්නව කියන්නෙ 100% නොවරදිනව කියන එක නෙමේ බං. කියන දේ තේරුම් ගනිල්ලකො. මනස දියුණු කරල පංචේන්ද්‍රියන්ට ගෝචර නොවෙන දේවල් ප්‍රත්‍යක්ශ කරන්න පුලුවන්. එච්චරයි. පංචේන්ද්‍රිය ගෝචර සීමාවෙන් ඔබ්බට තියෙන දේවලුත් ප්‍රත්‍යක්ශ කරගෙන දැනුම නිර්මාණය කරන්න පුලුවන් කියල විතරයි කියන්නෙ‍ෙ.

    පුළුවන් තමා ඉතින් මටත් කිව්වැකි මගේ මහපට ඇඟිල්ල දියුණු කරොත් මටත් දැනුම හොයන්න පුළුවන් කියල. වෙන්න බැරි නෑනේ ඉතින් අනාගතේ කවුද දන්නේ මොන මොන ඒවා හොයාගනිද කියල. එහෙමයි කියල අතීතේ හිටපු මුතුන් මිත්තෝ දැනුම හෙව්ව විදිහක් අපිට හොයාගන්න බෑ, අපි දන්නෙත් නෑ, ඒ හින්ද ඒ මිනිස්සු මහපට ඇඟිල්ලෙන් තමා ඒවා හොයාගන්න ඇත්තේ කියල නිගමනය කරලා හරියනවද :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පුළුවන් තමා ඉතින් මටත් කිව්වැකි මගේ මහපට ඇඟිල්ල දියුණු කරොත් මටත් දැනුම හොයන්න පුළුවන් කියල. වෙන්න බැරි නෑනේ ඉතින් අනාගතේ කවුද දන්නේ මොන මොන ඒවා හොයාගනිද කියල. එහෙමයි කියල අතීතේ හිටපු මුතුන් මිත්තෝ දැනුම හෙව්ව විදිහක් අපිට හොයාගන්න බෑ, අපි දන්නෙත් නෑ, ඒ හින්ද ඒ මිනිස්සු මහපට ඇඟිල්ලෙන් තමා ඒවා හොයාගන්න ඇත්තේ කියල නිගමනය කරලා හරියනවද :baffled:

    ඕක නිකං වචන හරඹයක් විතරනෙ. දැන් උඹම කමෙන්ට් එකක් දාල තිබ්බ නේ අර සුයිසයිඩ් සෙමට බටහිර වෙදකම් කරන්න ගිහිං ඔපරේශන් කරන්න ඕනෙ කියල පස්සෙ සිංහල වෙදකම් කරල හොඳකරගත්තු කතාවක් තියෙන ත්‍රෙඩ් එකක ? ඇයි ඔපරේශන් කරන්නැතුව හොඳ කරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනව නං බටහිර වෙදකමේ ඒක කරන්නැත්තෙ ? උඹලට අනුව නොදියුණු සිංහල වෙදකමෙන් කොහොමද ඒකට ඔපරේශන් කරන්නැතුව හොඳ වෙන්න බෙහෙත් තියෙන්නෙ ? දැන් ඒකටත් කියපං පරීක්ශණ කරල හොයගෙන තියෙන්නෙ කියල. පරීක්ශණ කරල හොයාගන්න පුලුවන් නං ඇයි බටහිර වෛද්‍යවරය බෙහෙත් දෙන්නැතුව ඔපරේශන් කරන්න ඕනෙ කිව්වෙ ?

    මනස දියුණු කරල, දෙවියො එක්ක සම්බන්ධ වෙලා රජරට වකුගඩු රෝගයට හේතුවක් හොයාගෙන, උඹල වගේ අය පිළිගන්නැති නිසා ඒක බටහිර විද්‍යාත්මකවත් පරීක්ශණ කරල වතුරෙ ආසනික් තියෙනව කියල පෙන්නල දීලත් තියෙනව. ඒත් මනස දියුණු කරල දැනුම ලබාගන්න බෑ. මනස වෙනුවට වෙන වචනයක් දාල ඒ වාක්‍යය කිසිම තේරුමක් නැති විකාරයක් නිසා මනස දියුණු කරල දැනුම ලබාගැනීමත් වෙන්න බැරි විකාරයක් කියල කියනව.

    බටේක කාච සෙට් කල්ල ඈත තියෙන වස්තු විශාල කරල බලන්න පුලුවන් උපකරණයක් හදල ගැලීලියෝ බ්‍රහස්පති වටේ යන හඳවල් 4ක් හොයාගත්ත.
    මහපට ඇඟිල්ලෙ බලු බෙට්ටක පච්චයක් කොටල ගැලීලියෝ බ්‍රහස්පති වටේ යන හඳවල් 4ක් හොයාගත්ත.

    ඔය වගේ කතාවක් තමා ඔය කියල තියෙන්නෙ. මොන තරම් තේරුමක් තියෙන වාක්‍යයක් වුනත් හිතෙන හිතෙන වචන දාල විකාරයක් කියල පෙන්නුවෑකි. ඒ වුනාට විද්‍යාවට ඒව ආදේශ කරන්න හිතෙන්නෑ. මනස දියුණු කරනව කිව්වාම තමා මනස වෙනුවට මහපට ඇඟිලි දාල තේරුමක් තියෙනවද බලන්නෙ. ගුරුත්වාකර්ශනේට කොස් ඇට දැම්මො කොස් ඇට හින්ද ඇපල් ගෙඩි බිමට වැටෙනව. එමනිසා ගුරුත්වාකර්ශණය විකාරයකි. නිකමට වත් මෙහෙම හිතෙන්නෑ නේ ? ඒ වුනාට මැරිල සත්තු වෙලා ඉපදෙනව. මැරිල කොස් කොල වෙලා ඉපදෙනව. මේක මහ විකාරයක් ඒ නිසා මැරිල ගිහිං ඉපදෙන්නෑ කියල නං ගානට හිතෙනව නේ ? :P අම්මප උඹ නං.

    හොයාගත්ත විදිහ දන්නෑ නෙමේ හොයාගත්ත විදිහ දන්නව. හොයාගත්ත විදිහ කියල තියෙනව. හොයාගත්තෙ භාවනා කරල මනස දියුණු කරල ප්‍රත්‍යක්ශයෙන්. එහෙම දැනුම ලබාගන්න අය දැනුත් ඉන්නව. එහෙම තමා රජරට වකුගඩු රෝගයට හේතුව හොයාගත්තෙ. එහෙම තමා සිංහල වෙදකම ජ්‍යෝතිශය නිර්මාණය කලේ. නැතුව බටහිර විද්‍යාඥයන්ගෙ ක්‍රමේට හිතෙන්වත් මවාගන්න බැරි වියුක්ත ප්‍රවාද හදල ඒක හරිද බලන්න ඊනියා පරීක්ශණකලේ නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිස්සු හොයගත්ත නම් කෝ හොයාගත්ත ක්‍රමේ ? කෝ පරීක්ශණ කරපු අය ? කොහොමද පරීක්ශණ කලේ ? ඒව මොකුත් නෑ. උඹ ඔය කරන්නෙ මනස දියුණු කල්ල දැනුම ලබාගැනීම බටහිර විද්‍යාවට එකඟ නැති හින්ද මොකක් හරි කියන්න ඕනෙ නිසා කියනව මනස දියුණු කරපුව බොරු ඕව මිනිස්සු පරීක්ශණ කරල හොයාගත්තුව කියල. එතකොට ජ්‍යෝතිශ්‍ය නිර්මාණය කරල තියෙන්නෙත් මිනිස්සු පරීක්ශණ කරල ? එහෙනං ඇයි ජ්‍යෝතිශ්‍ය පිලිගන්නැත්තෙ ? කොහොමද පරීක්ශණ කලේ ? කරපු විදිහත් කිව්ව නං ? දැන් කියන්න ජ්‍යෝතිශ්‍ය විතරක් බොරු බෙහෙත් විතරක් ඇත්ත. ඒව පරීක්ශණ කරල කියල. දැන් එතකොට ඔය මහලොකු ඊනියා පරීක්ශණ නිරීක්ශණ නිගමන මත පදනම් වෙලා නෙමේද දැන් ජ්‍යෝතිශ්‍ය බොරුයි කියන්නෙ ? එතකොට ඒ කාලෙ පරීක්ශණ නිරීක්ශණ නිගමන තිබ්බ නං ඇයි ජ්‍යෝතිශය ප්‍රතික්ශේප වෙලා ගියෙ නැත්තෙ ? එතකොට බෙහෙත් කරන්න වෙලාව බලල තියෙන්නෙත් පරීක්ශණ කරල හොයාගෙනද ? බටහිර විද්‍යාව බේරගන්න පුලුවන් නං කොච්චර අසංගත වුනත් ගානක් නෑ නේ ?

    මිනිස්සු අත්දැකීම් වලින් ඉගෙනගන්නවා කියන්නේ ඒකට තමා. වගු ගහගෙන ප්‍රස්තාර ඇඳගෙන සාම්පල් වෙන වෙනම අරන් නිරීක්ෂණ කොළ වල ලියල පරීක්ෂණ වාර්තා එළිදක්වන එකට නෙවේනෙ ඉන්ද්‍රිය පහෙන් දැනුම ගන්නවා කියන්නේ. දැන් උඹ උපන් දා ඉඳන් මේ වෙනකන් ගත්තු අත්දැකීම් වලින් ගත්ත දැනුම ගත්තේ පොත් වල ලියල පරීක්ෂන කරලද :baffled: ගෙදර අම්මගෙන් අහපන්කෝ කෝ අම්මේ උයන්න ඉගෙනගත්තේ කොහොමද කෝ බත් ඉවීම ගැන පරීක්ෂණ වාර්තා කියල :baffled: ඒවා මුකුත් නැති නිසා අම්මත් මනස දියුණු කරලයි බත් උයන්න ඉගෙනගත්තේ කියල නිගමනය කරනවද :eek:

    ජ්‍යෝතිශ්‍ය නිර්මාණය කරල තියෙන්නෙත් මිනිස්සු පරීක්ශණ කරල තමා. වැඩේ තියෙන්නේ උන් වැරදි නිගමන වලට එළඹිලා. දැන් මට පුළුවන් කියන්න අපේ ගෙදර බල්ලා නැට්ට වනන සීග්‍රතාවේ අනුව ඒ වේගෙන් හෙට හුලං හමනවා කියල. දවස් දෙකක් විතර හුලං බලල යකෝ වැඩේ ඇත්ත නේන්නං කියල නිගමනයකට ආවොත් ඒක හරි වෙනවද :baffled: ජ්‍යෝතිෂ්‍ය කියන්නෙත් එහෙම එකක් ඒකයි වැරදි කියන්නේ. නැතුව පරීක්ෂණයක් කරපු පලියට යමක් හරි වෙන්නේ නෑ නෙව නිවැරදි නිගමන වලට එළඹෙන්නත් ඕනේ. අනික කොහොමත් ජ්‍යෝතිෂ්‍යට මුල් වෙච්ච තාරකා විද්‍යාව හැදිලා තියෙන්නෙත් ග්‍රහ වස්තු යන විදිහ ඇහෙන් බලලා රටා අධ්‍යනය කරලා තමා. නැත්තන් අහවල් එකකටද ඇහැට පේන ග්‍රහයෝ ටික විතරක් කේන්දරේ ඉන්නේ.

    මේ ඊයේ නාථ දෙයියෝ දුන්න ආසනික් ඇත්ත හැබැයි ඒ විදිහටම අල්ලාහ් දුන්න කුරානේ වැරදි කියපු එකා මට එනවනේ ඇත්තට අසංගත උනාට ගානක් නෑ නේද අහන්න. :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක නිකං වචන හරඹයක් විතරනෙ. දැන් උඹම කමෙන්ට් එකක් දාල තිබ්බ නේ අර සුයිසයිඩ් සෙමට බටහිර වෙදකම් කරන්න ගිහිං ඔපරේශන් කරන්න ඕනෙ කියල පස්සෙ සිංහල වෙදකම් කරල හොඳකරගත්තු කතාවක් තියෙන ත්‍රෙඩ් එකක ? ඇයි ඔපරේශන් කරන්නැතුව හොඳ කරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනව නං බටහිර වෙදකමේ ඒක කරන්නැත්තෙ ? උඹලට අනුව නොදියුණු සිංහල වෙදකමෙන් කොහොමද ඒකට ඔපරේශන් කරන්නැතුව හොඳ වෙන්න බෙහෙත් තියෙන්නෙ ? දැන් ඒකටත් කියපං පරීක්ශණ කරල හොයගෙන තියෙන්නෙ කියල. පරීක්ශණ කරල හොයාගන්න පුලුවන් නං ඇයි බටහිර වෛද්‍යවරය බෙහෙත් දෙන්නැතුව ඔපරේශන් කරන්න ඕනෙ කිව්වෙ ?

    ආයෙත් දේශීය වෙදකමට දෙයියන්ගේ ලේබල් එක ගහගෙන ඒක උඹේ ගොඩට දාගෙන බටහිර වෙදකමට විද්‍යාවේ ලේබල් එක ගහල මගේ ගොඩට දාල. ඔය දෙකම මිනිස්සු හොයාගත්ත දැනුම කියල මම කලින් කීව නෙ මොකෙන් කරත් ප්‍රශ්නයක් නෑ ලෙඩේ හොඳ වෙනවනං. උඹ සිංහල වෙදකම දෙයියෝ දුන්න කියල එකක් මවාගෙන හිටියට මට කරන්න දෙයක් නෑ මට කෝකත් එකයි. මේක මේ දේශීය විදේශීය ප්‍රශ්නයක් නෙවේ දැනුම හොයපු විදිහ ගැන ප්‍රශ්නයක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බටේක කාච සෙට් කල්ල ඈත තියෙන වස්තු විශාල කරල බලන්න පුලුවන් උපකරණයක් හදල ගැලීලියෝ බ්‍රහස්පති වටේ යන හඳවල් 4ක් හොයාගත්ත.
    මහපට ඇඟිල්ලෙ බලු බෙට්ටක පච්චයක් කොටල ගැලීලියෝ බ්‍රහස්පති වටේ යන හඳවල් 4ක් හොයාගත්ත.

    ඔය වගේ කතාවක් තමා ඔය කියල තියෙන්නෙ. මොන තරම් තේරුමක් තියෙන වාක්‍යයක් වුනත් හිතෙන හිතෙන වචන දාල විකාරයක් කියල පෙන්නුවෑකි. ඒ වුනාට විද්‍යාවට ඒව ආදේශ කරන්න හිතෙන්නෑ. මනස දියුණු කරනව කිව්වාම තමා මනස වෙනුවට මහපට ඇඟිලි දාල තේරුමක් තියෙනවද බලන්නෙ. ගුරුත්වාකර්ශනේට කොස් ඇට දැම්මො කොස් ඇට හින්ද ඇපල් ගෙඩි බිමට වැටෙනව. එමනිසා ගුරුත්වාකර්ශණය විකාරයකි. නිකමට වත් මෙහෙම හිතෙන්නෑ නේ ? ඒ වුනාට මැරිල සත්තු වෙලා ඉපදෙනව. මැරිල කොස් කොල වෙලා ඉපදෙනව. මේක මහ විකාරයක් ඒ නිසා මැරිල ගිහිං ඉපදෙන්නෑ කියල නං ගානට හිතෙනව නේ ? :P අම්මප උඹ නං.

    ගුරුත්වාකර්ශනේ කියන්නෙ ඇත්ත ලෝකේ පවතින දෙයක් නෙවේනේ මනුස්සයෝ කොස්ඇට වලට ආදේශ කරන්න. ඒක වස්තු වල හැසිරීම විස්තර කරන්න හදපු මොඩල් එක හඳුන්වන්න අතින් දාපු නමක් නෙ. කොස්ඇට ආදේශ කරන්න ඕනේ නෑ කවුරුහරි ඇපල් වැටෙන්නේ ගුරුත්වාකර්ශනේ හින්ද කියනවනං ඒක විකාරයක් තමා කොහොමත්.
     
    Last edited:

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ජොනී බට්ට;22649592 said:
    childhood to adulthood transitional stage eke obsessions athi wenawa, eka passema panna panna gihama uba wage delusional stage ekakata enawa. eth oka eka phase ekak withrai. tikak naki weddi owa ibema hariyayi :confused:

    අපෙත් එකෙක් ඉන්නවා full antisocial වෙලා කොන්වෙලා හිටපු එකෙක්. දැන් නලින්දගේ ලබ්බවල් අල්ලාගෙන රගනවා, පොරගේ දේශනා අහන්න යනවා, FB එකේ කැම්පස් ප්‍රොෆාලා වගේ ඩයල් වලින් screenshot දාගෙන ගේම ඉල්ලනවා. එක ජෝගියයි :lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිස්සු අත්දැකීම් වලින් ඉගෙනගන්නවා කියන්නේ ඒකට තමා. වගු ගහගෙන ප්‍රස්තාර ඇඳගෙන සාම්පල් වෙන වෙනම අරන් නිරීක්ෂණ කොළ වල ලියල පරීක්ෂණ වාර්තා එළිදක්වන එකට නෙවේනෙ ඉන්ද්‍රිය පහෙන් දැනුම ගන්නවා කියන්නේ. දැන් උඹ උපන් දා ඉඳන් මේ වෙනකන් ගත්තු අත්දැකීම් වලින් ගත්ත දැනුම ගත්තේ පොත් වල ලියල පරීක්ෂන කරලද :baffled: ගෙදර අම්මගෙන් අහපන්කෝ කෝ අම්මේ උයන්න ඉගෙනගත්තේ කොහොමද කෝ බත් ඉවීම ගැන පරීක්ෂණ වාර්තා කියල :baffled: ඒවා මුකුත් නැති නිසා අම්මත් මනස දියුණු කරලයි බත් උයන්න ඉගෙනගත්තේ කියල නිගමනය කරනවද :eek:

    ජ්‍යෝතිශ්‍ය නිර්මාණය කරල තියෙන්නෙත් මිනිස්සු පරීක්ශණ කරල තමා. වැඩේ තියෙන්නේ උන් වැරදි නිගමන වලට එළඹිලා. දැන් මට පුළුවන් කියන්න අපේ ගෙදර බල්ලා නැට්ට වනන සීග්‍රතාවේ අනුව ඒ වේගෙන් හෙට හුලං හමනවා කියල. දවස් දෙකක් විතර හුලං බලල යකෝ වැඩේ ඇත්ත නේන්නං කියල නිගමනයකට ආවොත් ඒක හරි වෙනවද :baffled: ජ්‍යෝතිෂ්‍ය කියන්නෙත් එහෙම එකක් ඒකයි වැරදි කියන්නේ. නැතුව පරීක්ෂණයක් කරපු පලියට යමක් හරි වෙන්නේ නෑ නෙව නිවැරදි නිගමන වලට එළඹෙන්නත් ඕනේ. අනික කොහොමත් ජ්‍යෝතිෂ්‍යට මුල් වෙච්ච තාරකා විද්‍යාව හැදිලා තියෙන්නෙත් ග්‍රහ වස්තු යන විදිහ ඇහෙන් බලලා රටා අධ්‍යනය කරලා තමා. නැත්තන් අහවල් එකකටද ඇහැට පේන ග්‍රහයෝ ටික විතරක් කේන්දරේ ඉන්නේ.

    මේ ඊයේ නාථ දෙයියෝ දුන්න ආසනික් ඇත්ත හැබැයි ඒ විදිහටම අල්ලාහ් දුන්න කුරානේ වැරදි කියපු එකා මට එනවනේ ඇත්තට අසංගත උනාට ගානක් නෑ නේද අහන්න. :baffled:

    ආයෙත් දේශීය වෙදකමට දෙයියන්ගේ ලේබල් එක ගහගෙන ඒක උඹේ ගොඩට දාගෙන බටහිර වෙදකමට විද්‍යාවේ ලේබල් එක ගහල මගේ ගොඩට දාල. ඔය දෙකම මිනිස්සු හොයාගත්ත දැනුම කියල මම කලින් කීව නෙ මොකෙන් කරත් ප්‍රශ්නයක් නෑ ලෙඩේ හොඳ වෙනවනං. උඹ සිංහල වෙදකම දෙයියෝ දුන්න කියල එකක් මවාගෙන හිටියට මට කරන්න දෙයක් නෑ මට කෝකත් එකයි. මේක මේ දේශීය විදේශීය ප්‍රශ්නයක් නෙවේ දැනුම හොයපු විදිහ ගැන ප්‍රශ්නයක්.

    ජ්‍යෝතිශයෙ ඉන්නෙ ඇහැට පේන ග්‍රහයොලු. මට රාහුයි කේතුයි ඉන්න තැන පෙන්නන්කො ? :D අද රෑට එලියට බැස්සොත් බලන්න පුලුවන් අහසෙ කොයි හරියෙද කියලවත් කියන්නකො :baffled:
    එතකොට අහස බෙදපු නැකැත් 27 එහෙම පේනව ඇති නේ ගානට ඉරක් ගහල ? :D රාශි දොලහ නං පේන්න තියෙනව වත් කිව්වෑකි. ඒත් මොකක් හරි වචන ටිකක් දාපු එකනෙ කලේ :D එහෙම් පිටිංම අසංගතයි :no:

    බත් උයන විදිහයි වෙදකමයි කියන්නෙ එකිනෙකට සංසන්දනය කරන්න පුලුවන් තරම් ගැලපෙන සිදුවීම් දෙකක්ද බං. දෙකේ සංකීර්ණත්වය කොච්චර වෙනස්ද. මට තාම උත්තරයක් හම්බුන්නෑ එක පාරට රෝග ලක්ශණ බෙහෙත බිව්වාම රෝග ලක්ශණ පහවෙලා යනව පේන්නැති ලෙඩ වලට සිංහල වෙදකමේ බෙහෙත් තියෙන්නෙ කොහොමද කියල. තාම රමනූජන් දැනුම ගත්තු විදිහ ගැනවත් මොකුත් කිව්වෙ නෑනෙ :D දැන් කියයි ඒ මනුස්සය හීනෙන් පියවරෙං පියවර සාධනය කලා කියල. :rolleyes:

    සාම්පල් අරං පරීක්ශා කරල නිගමන වලට එලඹෙන එකට තමා පංචේන්ද්‍රියන්ගෙන් දැනුම ලබාගන්නව කියන්නෙ. උපන් දා ඉඳන් ගත්තු අත්දැකීම් පරීක්ශණ දෙකම අයිති වෙන්නෙ පංචේන්ද්‍රියන් මූලික කරගෙන ලබාගන්න දැනුමට තමා. ගණිතයෙ වගේ නම් පංචේන්ද්‍රීය ගෝචර ලෝකය සලකන්නැතුව හුදෙක් තර්කව විතරක් පාවිච්චි කල්ල දැනුම නිර්මාණය කරගන්නව. ඉස්සෙල්ල ඒ දෙක වෙන් කරගෙන ඉන්න :yes:

    අනික මං කිව්වද ලංකාවෙ තිබ්බ සියලුම දැනුම මනස දියුණු කරල ගත්ත කියල ? මුලින් මනස දියුණු කරල ගන්න දැනුම 100%ක් නිවැරදියි කියල කිව්ව කියල හිතාගෙන විවේචනය කලා. දැන් ලංකාවෙ තිබ්බ සේරම දැනුම මනස දියුණු කරල ගත්ත කියල කිව්ව කියල හිතාගෙන විවේචනය කරනව. ඉස්සෙල්ල කියන දේ පැහැදිලි කරගෙන ඉන්න. විද්‍යාවෙදි පංචේන්ද්‍රීය ගෝචර සිදුවීම් වියුක්ත ප්‍රවාද ගොඩනඟල තේරුම් ගන්නවට (දැනුම නිර්මාණය කරනවට) අමතරව දැනුම නිර්මාණය කරන්න පුලුවන් වෙනත් ක්‍රම තිබ්බ. මනස දියුණු කරල පංචේන්ද්‍රීයන්ට ගෝචර වන සීමාවන්ට එහා ගිය දේවල් ප්‍රත්‍යක්ශ කරගැනීම. එහෙම ප්‍රත්‍යක්ශ කරගන්න පුලුවන් වෙනස් ප්‍රාණීන්නට (දෙවියන්ට වගේ) සම්බන්ධ වෙලා දැනුම ලබාගැනීම. ලංකාවෙ වගේම වෙනත් ශිෂ්ඨාචාර වල හිටපු මිනිස්සුත් ඒ විදිහට දැනුම ලබාගත්ත දැනුම නිර්මාණය කලා. බටහිර විද්‍යාවෙන් ඒ සේරම බටහිර විද්‍යාත්මක ප්‍රවාද මත පදනම් වෙලා බොරුයි කියල ප්‍රතික්ශේප කරනව. ඒකට විරුද්ධයි. බටහිර විද්‍යාවෙ ඇත්ත ස්වභාවය තේරුම් ගන්න ඕනෙ. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනේ වර්ධනය වෙන බටහිර විද්‍යාව සිංහල බෞද්ධ චින්තනයෙන් අවශෝෂණය කරන්න ඕනෙ. ඒ කරණ ගමං මනස දියුණු කිරීමෙනුත් දැනුම ලබාගන්න ඕනෙ. ඔන්න කියන ටික සරලව දැක්වුව. ඔතනිං එහාට නොකියපු දේවල් කිව්ව කියල හිතාගෙන විවේචනය කලාට මට කරන්න දෙයක් නෑ :no:

    ලෙඩේ හොඳ වෙනවනං මොකෙන් වුනත් ප්‍රශ්නයක නෑ තමා. මාත් කියන්නෙ ඒක. ඒත් දැන් ඇත්තට වෙන්නෙ ඒකද ? රජරට වකුගඩු රෝගයට දෙවියන්ගෙ මාර්ගයෙන් දැනගත්තයි කියල ඉදිරිපත් කරපු හේතුව කවුරුත් ගනං ගන්නවද ? ඒව ගැන පරීක්ශණයක් කරන්නෙවත් නෑ. දෙවියන් මාර්ගයෙන් දැනගත්ත කියල කියපු නිසාම විතරක් නොසලකා හැරල. ලෙඩේ හොඳ කරන්න පුලුවන්නං මොක වුනත් ප්‍රශ්නයක් නැත්තං ඇයි දෙවියො මාර්ගයෙන් දැනගත්ත කිව්ව පලියට ඒව නොසලකා හරින්නෙ ? බටහිර දැනුමෙ ආධිපත්‍යය තියෙනව කියල පේන්නැතුවද ? නැත්තං පෙනි පෙනිත් නෑ වගේ රඟපානවද ? :eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපෙත් එකෙක් ඉන්නවා full antisocial වෙලා කොන්වෙලා හිටපු එකෙක්. දැන් නලින්දගේ ලබ්බවල් අල්ලාගෙන රගනවා, පොරගේ දේශනා අහන්න යනවා, FB එකේ කැම්පස් ප්‍රොෆාලා වගේ ඩයල් වලින් screenshot දාගෙන ගේම ඉල්ලනවා. එක ජෝගියයි :lol::lol:

    ඒ ඇරෙන්න නලීන්ද සිල්ව මතු කරන කරුණු ගැන කිසිම ප්‍රශ්නයක් නෑ නේ ? :D ප්‍රශ්නෙ තියෙන්නෙ නලීන් ද සිල්වට කේන්ති යන එකෙයි නලීන් ද සිල්ව කියන දේවල් පිලිගන්න අයගෙ පෞද්ගලික ජීවිතෙයි ගැන විතරයි නේ ? :D මරු :) එහෙම තමා ඉන්න ඕනෙ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජ්‍යෝතිශයෙ ඉන්නෙ ඇහැට පේන ග්‍රහයොලු. මට රාහුයි කේතුයි ඉන්න තැන පෙන්නන්කො ? :D අද රෑට එලියට බැස්සොත් බලන්න පුලුවන් අහසෙ කොයි හරියෙද කියලවත් කියන්නකො :baffled:
    එතකොට අහස බෙදපු නැකැත් 27 එහෙම පේනව ඇති නේ ගානට ඉරක් ගහල ? :D රාශි දොලහ නං පේන්න තියෙනව වත් කිව්වෑකි. ඒත් මොකක් හරි වචන ටිකක් දාපු එකනෙ කලේ :D එහෙම් පිටිංම අසංගතයි :no:

    ග්‍රහයින්ගෙන් ඇහැට පේන උන් ටික විතරක් කේන්දරේ ඉන්නවා කිව්වම ඒකෙන් කියවෙන්නේ නෑ කේන්දරේ ඉන්න ඔක්කොම ඇහැට පේන ග්‍රහලෝක කියල :yes: චන්ද්‍රයා එහෙමත් ඉන්නේ ඔය ඌ ග්‍රහලෝකයක්යැ :baffled: අහස බෙදන්න අහසේ ඉරි තියෙන්න ඕනෙද මොනවද මේ කතා, ඊළඟට අහයි සිකුරුට සිකුරු කිව්වේ කොහොමද අහසේ සිකුරු කියල ලේබල් එකක් තිබුනද නිරීක්ෂණය කරන්න, නැත්තන් කොහෙන්ද සිකුරු නම ආවේ කියල.

    බත් උයන විදිහයි වෙදකමයි කියන්නෙ එකිනෙකට සංසන්දනය කරන්න පුලුවන් තරම් ගැලපෙන සිදුවීම් දෙකක්ද බං. දෙකේ සංකීර්ණත්වය කොච්චර වෙනස්ද. මට තාම උත්තරයක් හම්බුන්නෑ එක පාරට රෝග ලක්ශණ බෙහෙත බිව්වාම රෝග ලක්ශණ පහවෙලා යනව පේන්නැති ලෙඩ වලට සිංහල වෙදකමේ බෙහෙත් තියෙන්නෙ කොහොමද කියල. තාම රමනූජන් දැනුම ගත්තු විදිහ ගැනවත් මොකුත් කිව්වෙ නෑනෙ :D දැන් කියයි ඒ මනුස්සය හීනෙන් පියවරෙං පියවර සාධනය කලා කියල. :rolleyes:

    මේ ආයෙත් කියන්නේ සංකීර්ණ වැඩි නිසා, හොයාගත්තේ කොහොමද කියල හිතාගන්න බැරි නිසා දෙයියෝ දුන්නා කියන තර්කෙ නෙ. හිතෙන හිතෙන ජාති දෙයියෝ දුන්න ගොඩට දාගෙන ඉතින් උදාහරණ ගේනවා ඒවගෙන් මෙන්න දෙයියන්ගේ වැඩ කියල. බත් උයන එකයි වෙදකමයි සංකීර්ණ බවෙන් වෙනස් උනාට දෙකම දැනුම වැඩිදියුණු කරගෙන පැවතගෙන එන්නේ අවිධිමත් විදිහට අත්දැකීමෙන්. එහෙම ඒවා කෝ හොයාගත්ත විදිහක් නෑ නෙ එහෙනං දෙයියෝ දුන්නා තමා කියල කියන එකේ අඩුපාඩුව මම කිවේ. රාමනුජන් කියපුව හරි කියන්නේ මුහම්ම්ද්ට දෙයියෝ කියපුවත් එහෙනං හරි වෙන්න එපැයි දෙකේදීම අදාළ මනුස්සය කියනවා මට දෙයියෝ කිවේ කියල. හැබැයි මුහම්මද් වැරදියි ලු. රාමනුජන් හරි ලු. රාමනුජන් මුස්ලිම් කෙනෙක් වෙලා අල්ලාහ් සමීකරණ දුන්නා කිවනං මොකෝ වෙන්නේ. උඹලා ඔය උදාහරනේ ගනීවිද :baffled:

    සාම්පල් අරං පරීක්ශා කරල නිගමන වලට එලඹෙන එකට තමා පංචේන්ද්‍රියන්ගෙන් දැනුම ලබාගන්නව කියන්නෙ. උපන් දා ඉඳන් ගත්තු අත්දැකීම් පරීක්ශණ දෙකම අයිති වෙන්නෙ පංචේන්ද්‍රියන් මූලික කරගෙන ලබාගන්න දැනුමට තමා. ගණිතයෙ වගේ නම් පංචේන්ද්‍රීය ගෝචර ලෝකය සලකන්නැතුව හුදෙක් තර්කව විතරක් පාවිච්චි කල්ල දැනුම නිර්මාණය කරගන්නව. ඉස්සෙල්ල ඒ දෙක වෙන් කරගෙන ඉන්න :yes:
    ඔව් ඔව් හරි, ඉතින් අත්දැකීම් වලින් දැනුම ගන්නකොට මේ කාටහරි පස්සේ පෙන්නන්න පුළුවන් විදිහට සාම්පල ගැන වාර්තා තියාගෙන පරීක්ෂණ කරන්නේ නෑ නෙ. ඉතින් අපි ආපස්සට බලද්දී හිතෙන්නේ මැජික් එකකින් මේවා හොයාගෙන කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනික මං කිව්වද ලංකාවෙ තිබ්බ සියලුම දැනුම මනස දියුණු කරල ගත්ත කියල ? මුලින් මනස දියුණු කරල ගන්න දැනුම 100%ක් නිවැරදියි කියල කිව්ව කියල හිතාගෙන විවේචනය කලා. දැන් ලංකාවෙ තිබ්බ සේරම දැනුම මනස දියුණු කරල ගත්ත කියල කිව්ව කියල හිතාගෙන විවේචනය කරනව. ඉස්සෙල්ල කියන දේ පැහැදිලි කරගෙන ඉන්න. විද්‍යාවෙදි පංචේන්ද්‍රීය ගෝචර සිදුවීම් වියුක්ත ප්‍රවාද ගොඩනඟල තේරුම් ගන්නවට (දැනුම නිර්මාණය කරනවට) අමතරව දැනුම නිර්මාණය කරන්න පුලුවන් වෙනත් ක්‍රම තිබ්බ. මනස දියුණු කරල පංචේන්ද්‍රීයන්ට ගෝචර වන සීමාවන්ට එහා ගිය දේවල් ප්‍රත්‍යක්ශ කරගැනීම. එහෙම ප්‍රත්‍යක්ශ කරගන්න පුලුවන් වෙනස් ප්‍රාණීන්නට (දෙවියන්ට වගේ) සම්බන්ධ වෙලා දැනුම ලබාගැනීම. ලංකාවෙ වගේම වෙනත් ශිෂ්ඨාචාර වල හිටපු මිනිස්සුත් ඒ විදිහට දැනුම ලබාගත්ත දැනුම නිර්මාණය කලා. බටහිර විද්‍යාවෙන් ඒ සේරම බටහිර විද්‍යාත්මක ප්‍රවාද මත පදනම් වෙලා බොරුයි කියල ප්‍රතික්ශේප කරනව. ඒකට විරුද්ධයි. බටහිර විද්‍යාවෙ ඇත්ත ස්වභාවය තේරුම් ගන්න ඕනෙ. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනේ වර්ධනය වෙන බටහිර විද්‍යාව සිංහල බෞද්ධ චින්තනයෙන් අවශෝෂණය කරන්න ඕනෙ. ඒ කරණ ගමං මනස දියුණු කිරීමෙනුත් දැනුම ලබාගන්න ඕනෙ. ඔන්න කියන ටික සරලව දැක්වුව. ඔතනිං එහාට නොකියපු දේවල් කිව්ව කියල හිතාගෙන විවේචනය කලාට මට කරන්න දෙයක් නෑ :no:

    මේකනේ දැන් සැරයක් චෛත්‍ය, වැව් එහෙම ටෙස්ට් කරන්න වැරදි වැරදි හදපුව කොයි කියලත් ඇහුව දවසක්, ගඩොලෙන් ස්මාරකයක් හදනව වගේ මුලික දේවලුත් දෙයියෝ දුන්න දැනුම කියද්දී ඊට වඩා සංකීර්ණ ඒවත් එහෙම ගන්න ඇති කියලයි කියවන මනුස්සයට හිතෙන්නේ. බලන් ගියාම ලේසි ලේසි ඒවා මිනිස්සු හොයාගෙන, අමාරු ඒවා දෙයියන්ගේ. ඒක අරකටත් වඩා භයානකයි. ආයෙත් කැරකිලා එන්නේ අර උනේ කරේ කොහොමද කියල අපේ පුංචි මොලේට නොතේරෙන ඒවා දෙයියෝ දුන්න ඒවා අනික් සුළු සුළු අපිට තේරෙන ඒවා මිනිස්සු හොයාගත්ත ඒවා කියන තැනට. අනාගතේ ඒවා මිනිස්සු කරපු විදිහ හොයාගත්තම අර අකුණු ගහන්නේ දෙයියෝ කෝප වෙලා කියල හිතන් හිටපු එක අත්අරිය වගේ ඒකත් අත්අරිනවද.

    ලෙඩේ හොඳ වෙනවනං මොකෙන් වුනත් ප්‍රශ්නයක නෑ තමා. මාත් කියන්නෙ ඒක. ඒත් දැන් ඇත්තට වෙන්නෙ ඒකද ? රජරට වකුගඩු රෝගයට දෙවියන්ගෙ මාර්ගයෙන් දැනගත්තයි කියල ඉදිරිපත් කරපු හේතුව කවුරුත් ගනං ගන්නවද ? ඒව ගැන පරීක්ශණයක් කරන්නෙවත් නෑ. දෙවියන් මාර්ගයෙන් දැනගත්ත කියල කියපු නිසාම විතරක් නොසලකා හැරල. ලෙඩේ හොඳ කරන්න පුලුවන්නං මොක වුනත් ප්‍රශ්නයක් නැත්තං ඇයි දෙවියො මාර්ගයෙන් දැනගත්ත කිව්ව පලියට ඒව නොසලකා හරින්නෙ ? බටහිර දැනුමෙ ආධිපත්‍යය තියෙනව කියල පේන්නැතුවද ? නැත්තං පෙනි පෙනිත් නෑ වගේ රඟපානවද ? :eek:

    ඔය ඇවිල්ල මිනිස්සු විසින් මහන්සියෙන් හොයාගත්ත දැනුමේ ආධිපත්‍ය. ආය බටහිර පෙරදිග කියල නැති බෙදිල්ලක් හදනවා දැනුමට. ඔය බෙහෙත දේශීය වෙද පොතකින් ගත්තා කිවනං ඔහොම වෙනවද නෑ නෙ. අර ඩෙංගු වලට පැපොල් කොළ හොඳයි කිවා කවුරුත් හිනාවුනේ නෑ ඒක හරි උනත් වැරදි උනත් විස්වාස කරා ගරුත්වයක් දුන්නා. හැබැයි දේවාල වල කපුවෝ කියන ඒවා, ජ්‍යෝතිෂ්‍යකාරයෝ කියන ඒවා නං දැන් ලක්වෙන්නේ අපහාස උපහාස වලට. ආසනික් එකටත් උනේ ඒකයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ග්‍රහයින්ගෙන් ඇහැට පේන උන් ටික විතරක් කේන්දරේ ඉන්නවා කිව්වම ඒකෙන් කියවෙන්නේ නෑ කේන්දරේ ඉන්න ඔක්කොම ඇහැට පේන ග්‍රහලෝක කියල :yes: චන්ද්‍රයා එහෙමත් ඉන්නේ ඔය ඌ ග්‍රහලෝකයක්යැ :baffled: අහස බෙදන්න අහසේ ඉරි තියෙන්න ඕනෙද මොනවද මේ කතා, ඊළඟට අහයි සිකුරුට සිකුරු කිව්වේ කොහොමද අහසේ සිකුරු කියල ලේබල් එකක් තිබුනද නිරීක්ෂණය කරන්න, නැත්තන් කොහෙන්ද සිකුරු නම ආවේ කියල.

    මේ ආයෙත් කියන්නේ සංකීර්ණ වැඩි නිසා, හොයාගත්තේ කොහොමද කියල හිතාගන්න බැරි නිසා දෙයියෝ දුන්නා කියන තර්කෙ නෙ. හිතෙන හිතෙන ජාති දෙයියෝ දුන්න ගොඩට දාගෙන ඉතින් උදාහරණ ගේනවා ඒවගෙන් මෙන්න දෙයියන්ගේ වැඩ කියල. බත් උයන එකයි වෙදකමයි සංකීර්ණ බවෙන් වෙනස් උනාට දෙකම දැනුම වැඩිදියුණු කරගෙන පැවතගෙන එන්නේ අවිධිමත් විදිහට අත්දැකීමෙන්. එහෙම ඒවා කෝ හොයාගත්ත විදිහක් නෑ නෙ එහෙනං දෙයියෝ දුන්නා තමා කියල කියන එකේ අඩුපාඩුව මම කිවේ. රාමනුජන් කියපුව හරි කියන්නේ මුහම්ම්ද්ට දෙයියෝ කියපුවත් එහෙනං හරි වෙන්න එපැයි දෙකේදීම අදාළ මනුස්සය කියනවා මට දෙයියෝ කිවේ කියල. හැබැයි මුහම්මද් වැරදියි ලු. රාමනුජන් හරි ලු. රාමනුජන් මුස්ලිම් කෙනෙක් වෙලා අල්ලාහ් සමීකරණ දුන්නා කිවනං මොකෝ වෙන්නේ. උඹලා ඔය උදාහරනේ ගනීවිද :baffled:

    ඔව් ඔව් හරි, ඉතින් අත්දැකීම් වලින් දැනුම ගන්නකොට මේ කාටහරි පස්සේ පෙන්නන්න පුළුවන් විදිහට සාම්පල ගැන වාර්තා තියාගෙන පරීක්ෂණ කරන්නේ නෑ නෙ. ඉතින් අපි ආපස්සට බලද්දී හිතෙන්නේ මැජික් එකකින් මේවා හොයාගෙන කියල.

    මේකනේ දැන් සැරයක් චෛත්‍ය, වැව් එහෙම ටෙස්ට් කරන්න වැරදි වැරදි හදපුව කොයි කියලත් ඇහුව දවසක්, ගඩොලෙන් ස්මාරකයක් හදනව වගේ මුලික දේවලුත් දෙයියෝ දුන්න දැනුම කියද්දී ඊට වඩා සංකීර්ණ ඒවත් එහෙම ගන්න ඇති කියලයි කියවන මනුස්සයට හිතෙන්නේ. බලන් ගියාම ලේසි ලේසි ඒවා මිනිස්සු හොයාගෙන, අමාරු ඒවා දෙයියන්ගේ. ඒක අරකටත් වඩා භයානකයි. ආයෙත් කැරකිලා එන්නේ අර උනේ කරේ කොහොමද කියල අපේ පුංචි මොලේට නොතේරෙන ඒවා දෙයියෝ දුන්න ඒවා අනික් සුළු සුළු අපිට තේරෙන ඒවා මිනිස්සු හොයාගත්ත ඒවා කියන තැනට. අනාගතේ ඒවා මිනිස්සු කරපු විදිහ හොයාගත්තම අර අකුණු ගහන්නේ දෙයියෝ කෝප වෙලා කියල හිතන් හිටපු එක අත්අරිය වගේ ඒකත් අත්අරිනවද.

    ඔය ඇවිල්ල මිනිස්සු විසින් මහන්සියෙන් හොයාගත්ත දැනුමේ ආධිපත්‍ය. ආය බටහිර පෙරදිග කියල නැති බෙදිල්ලක් හදනවා දැනුමට. ඔය බෙහෙත දේශීය වෙද පොතකින් ගත්තා කිවනං ඔහොම වෙනවද නෑ නෙ. අර ඩෙංගු වලට පැපොල් කොළ හොඳයි කිවා කවුරුත් හිනාවුනේ නෑ ඒක හරි උනත් වැරදි උනත් විස්වාස කරා ගරුත්වයක් දුන්නා. හැබැයි දේවාල වල කපුවෝ කියන ඒවා, ජ්‍යෝතිෂ්‍යකාරයෝ කියන ඒවා නං දැන් ලක්වෙන්නේ අපහාස උපහාස වලට. ආසනික් එකටත් උනේ ඒකයි.

    අහස බෙදන්න ඉරි නෑනෙ කියල කියන කටුස්සට නිකමට වත් අහන්න හිතෙන්නෑ නේ ක්ශේත්‍ර රේඛා බෙදන්න මොනවද තියෙන්නෙ කියල :P ග්‍රහයො කියන්නෙ ග්‍රහලෝක නෙමේ. දැන් කාගෙ කේන්දරේ ගැනද ඔය කතා කරන්නෙ ? ඒකෙ රාහු කේතු ගැන මොකවත්ම නැද්ද ? ඉන්නෙ ග්‍රහලෝක කියල හඳුන්වන ටික විතරද ? :baffled:

    හොයාගත්තෙ කොහොමද කියල හිතාගන්න බැරි නිසා නෙමේ බං මනස දියුණු කරලයි දැනුම ගත්තෙ කියල කියල තියෙන හින්ද කියන්නෙ. උඹ කියන විදිහට ඉස්සර පොත් එහෙම ලියපු ඔක්කොටම එක පාරට ආතල් එකක් ඇවිල්ල කිසිම කෙනෙක් පරීක්ශණ ගැන ලියන්නැතුව එක පාරට දෙවියන්ගෙ මාර්ගෙන් දැනුම ගත්තයි, මනස දියුණු කරල දැනුම ගත්තයි කියල ලියන්න හිතිල :D නැත්තං conspiracy theorists ල කියනව වගේ මාර කුමන්ත්‍රණයක් වෙලා හැමෝම කරපු පරීක්ශණ ගැන විස්තර දන්න සේරම මකල දාල :P පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතපං බං. ඔය තියෙන බෙහෙත් තොගේ, ග්‍රහ පිහිටීමයි පලාපලයි ගැන පරීක්ශණ කලා නං එක්කෙනෙක්ටවත් නිකංවත් හිතෙන්නැද්ද අහවලා අහවල් පරීක්ශණේ කරල හොයාගත්ත කියල කියන්න ? ඒ වෙනුවට තියෙන්නෙ අහවල් සෘශිවරය කිව්ව කියල.

    රමනූජන් කියපුව සේරම හරි කියන්නෑ. රමනූජන් ඉදිරිපත් කරපුවගෙත් වැරදීම් වෙලා තියෙනව. ඒත් කිසිම සාධනයක් නැතුව ගන්න බැරි ප්‍රතිඵල ගොඩක් රමනූජන් සාධන නැතුන ඉදිරිපත් කලා ඒව පස්සෙ ගණිතඥයො සාධනය කලා. හාඩිගෙ බලකිරීමට රමනූජන් සමීකරණ ඉදිරිපත් කරල පස්සෙ සාධනය කලා. රමනූජන් කිව්ව එයාට නමක්කල් කියල දෙවිකෙනෙක් සමීකරණ කියන්නෙ කියල. කුරාණෙ පිළිගන්නැතුව මේව පිළිගන්න එක හාස්‍යයට ලක් කරන්න එක්කො කටුස්ස රමනූජන් දෙවි කෙනෙක් කිව්වය කියල ඉදිරිපත් කරපු සමීකරණ ඔක්කොම වැරදියි කියල පෙන්නල දෙන්න ඕනෙ. නැත්තං ඒ සමීකරණ පියවරෙන් පියවර ගන්නැතුව එක පාරට හිතන්න පුලුවන් තරම් සරල භාවයක් තියෙන සමීකරණ කියල ඔප්පු කල්ල පෙන්නන්න ඕනෙ. ඒ මොකුත් නෑ නිකංම හිනාවෙනව. කුරාණෙත් එහෙම දේවල් තියෙනවනං පෙන්නල දෙන්න බොරුවට සමාන කරන්නැතුව. එහෙම පෙන්නල දෙන්නැතුව සමාන කරනව නං තව කෙනෙක්ට මෙතන්ට ඇවිල්ල ඕක ගෙදර හිරමනේටත් සමාන කල්ල හාස්‍යයට ලක් කලෑකි. ඔතන තියෙන්නෙ නිකං වචන හරඹයක් විතරයි.

    දැන් කව්ද කිව්වෙ සංකීර්ණ ඒව දෙයියො හොයාගත්ත කියල හොයන එක නවත්තන්න කියල ? ඕක මේ atheists ල සර්ව බලධාරී දෙවියො ගැන වාද කරද්දි දාන තර්කෙනෙ :P විද්‍යාව හොයාගන්නව theists ල ලේසි ටික හොයාගෙන අමාරු ටික දෙවියන්ට දානව :P අපි atheist experience එහෙම බලන්නෑනෙ :lol: දෙවියො හොයාගත්ත කියල හිතන්නැතුව අතෑරල දාන්න නෙමේ බං කියන්නෙ පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන දේවල් ටික විතරක් සලකල ප්‍රවාද හදල ලෝකය තේරුම් ගන්නවට අමතරව මනස දියුණු කරල දැනුම ගන්න පුලුවන් ඒ විදිහටත් දැනුම ගන්න ඕනෙ කියල. ඉස්සර මිනිස්සු නිර්මාණ කරන්න එහෙම දැනුම ගත්ත කියල.

    පෙරදිග බටහිර කියල නැති බෙදිල්ලක් හදනවලු :P විද්‍යාවට පෙරදිගින් එකතු වුන හරිහමං ප්‍රවාදයක් කියන්නකො :P ඇයි විද්‍යාවට පෙරදිග බටහිර බේදයක් නැත්තං විද්‍යාවෙ අලුතෙන්ම හිතල හදන ප්‍රවාද ඔක්කොම බටහිර සංස්කෘතීන්වල හැදුන විද්‍යාඥයො අතින්ම ඉදිරිපත් වෙන්නෙ ? විද්‍යාවට පෙරදිග බටහිර කියල භේදයක් නැත්තං එතකොට පෙරදිගින් බිහිවුන දැනුමත් විද්‍යාත්මකද ? :P ජ්‍යෝතිශය විද්‍යාත්මකද ඒ කියන්නෙ :P ජ්‍යෝතිර්වේදියො කියන ඒව උපහාසයට ලක් කරණ අය විද්‍යාවෙන් කාලගුණේ ගැන අනාවැකි කියනව කියල දන්නෑ :P ඒකයි ඒ එකක් වැරදිච්චි ගමං උපහාසයට ලක් කරන්නෙ :P ඕනෙම අනාවැකියක් කියන්න පුලුවන් යම් සම්භාවිතාවකට යටත්ව. බටහිර විද්‍යාවෙ තමා deterministic universe එකක් ගැන කතා කරන්නෙ. ඒකත් දැන් ක්වොන්ටම් භෞතික විද්‍යාවත් එක්ක බැහැගෙන යනව. ජ්‍යෝතිශයෙ කොහෙද අනාගතය deterministic කෝණයෙන් දකින්නෙ ? හරි නං අපහාස උපහාස වලට ලක් වෙන්න ඕනෙ විශ්වයම deterministic කියල අරගෙන අනාවැකි කියල වරදින කාලගුණ විද්‍යාව නේද ? :P ඒව පේන්නෑ :D

    මේන් මේකටත් උත්තර දෙන්නකො. කටුස්සට අනුව බුදු හාමුදුරුවො සංසාරය ගැන දැනගත්තෙ කොහොමද ? කර්ම කර්මඵල ගැන දැනගත්තෙ කොහොමද ? ඒව ගැන ඒ කාලෙ මිනිස්සු පරීක්ශා කලාද ? පරීක්ශා කලා නං කොහොමද ? කර්මය කර්ඵලය ඇත්තද ? නැත්තං බුදු හාමුදුරුවො බොරු කියලද ? :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අහස බෙදන්න ඉරි නෑනෙ කියල කියන කටුස්සට නිකමට වත් අහන්න හිතෙන්නෑ නේ ක්ශේත්‍ර රේඛා බෙදන්න මොනවද තියෙන්නෙ කියල :P ග්‍රහයො කියන්නෙ ග්‍රහලෝක නෙමේ. දැන් කාගෙ කේන්දරේ ගැනද ඔය කතා කරන්නෙ ? ඒකෙ රාහු කේතු ගැන මොකවත්ම නැද්ද ? ඉන්නෙ ග්‍රහලෝක කියල හඳුන්වන ටික විතරද ? :baffled:

    ක්ෂේත්‍ර රේඛා කීවට මම දන්නවායැ ඔය මොකක් ගැනද කියන්නේ කියල. ඔක්කොම අහසේ තියෙන්න ඕනේ නෑ නෙ කොපි පේස්ට් කරන්න මිනිස්සුන්ට පුළුවන් අතින් පයින් දාල කලාප බෙදල, ලේබල් ගහල, අලුතෙන් දේවල් ඒක ඇතුලේ හදන්න. ග්‍රහලෝක විතරක් නෙවේ චන්ද්‍රයා එහෙමත් ඉන්නේ කියල දැන් මම කිවේ. හැබැයි ග්‍රහලෝක වලින් ඇහැට පෙන උන් විතරයි ඉන්නේ ඒ මොකෝ. එතකොට සැකයක් උපදින්නේ නැද්ද මොකෝ අනික් උන් නැත්තේ කියල. එහෙනං මනස දියුණු කරාමත් ඇහැට පේන ටික විතරයි පෙනිලා තියෙන්නේ. :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හොයාගත්තෙ කොහොමද කියල හිතාගන්න බැරි නිසා නෙමේ බං මනස දියුණු කරලයි දැනුම ගත්තෙ කියල කියල තියෙන හින්ද කියන්නෙ. උඹ කියන විදිහට ඉස්සර පොත් එහෙම ලියපු ඔක්කොටම එක පාරට ආතල් එකක් ඇවිල්ල කිසිම කෙනෙක් පරීක්ශණ ගැන ලියන්නැතුව එක පාරට දෙවියන්ගෙ මාර්ගෙන් දැනුම ගත්තයි, මනස දියුණු කරල දැනුම ගත්තයි කියල ලියන්න හිතිල :D නැත්තං conspiracy theorists ල කියනව වගේ මාර කුමන්ත්‍රණයක් වෙලා හැමෝම කරපු පරීක්ශණ ගැන විස්තර දන්න සේරම මකල දාල :P පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතපං බං. ඔය තියෙන බෙහෙත් තොගේ, ග්‍රහ පිහිටීමයි පලාපලයි ගැන පරීක්ශණ කලා නං එක්කෙනෙක්ටවත් නිකංවත් හිතෙන්නැද්ද අහවලා අහවල් පරීක්ශණේ කරල හොයාගත්ත කියල කියන්න ? ඒ වෙනුවට තියෙන්නෙ අහවල් සෘශිවරය කිව්ව කියල.

    ඉස්සෙල්ලත් කීව වගේ මේක තනි මනුස්සයෙක් එක දවසින් පරීක්ෂණයක් කරලා ගත්තු දැනුම නෙවේනෙ බන් විශේෂයෙන් අහවල් කෙනා මේ දවසේ හොයාගන්නා ලදී කියල කියන්න. පොඩ්ඩ පොඩ්ඩ පරම්පරාවෙන් ඇවිල්ලා ඕක පොතක ලියන්න තරං කරුණු ගොඩක් ගොඩ ගැහුණම ඌ දන්නේ නෑ මේ දැනුමේ ආරම්භකයා කවුද කොහොමද හොයාගත්තේ කියල. එහෙම අහවල් සෘෂිතුමා කියල නමක් දැනගෙන් හිටියත් කල් යද්දී ඕවට අසාමාන්‍ය කතා ආරෝපණය වෙනවා. මහාවන්සේම බලපන් පටන් ගන්නේ සින්හයෙක්ගෙන් අපි ඉපදුනා කියල. මහභාරතේ හරි රාමායනේ හරි බලපන් කොච්චර අතින් පයින් දාලද කියල. එහෙව් එකේ අහවල් සෘෂි තුමාට දෙයියෝ දුන්නා කියල තියෙන එක පුදුමයක් නෙවේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ක්ෂේත්‍ර රේඛා කීවට මම දන්නවායැ ඔය මොකක් ගැනද කියන්නේ කියල. ඔක්කොම අහසේ තියෙන්න ඕනේ නෑ නෙ කොපි පේස්ට් කරන්න මිනිස්සුන්ට පුළුවන් අතින් පයින් දාල කලාප බෙදල, ලේබල් ගහල, අලුතෙන් දේවල් ඒක ඇතුලේ හදන්න. ග්‍රහලෝක විතරක් නෙවේ චන්ද්‍රයා එහෙමත් ඉන්නේ කියල දැන් මම කිවේ. හැබැයි ග්‍රහලෝක වලින් ඇහැට පෙන උන් විතරයි ඉන්නේ ඒ මොකෝ. එතකොට සැකයක් උපදින්නේ නැද්ද මොකෝ අනික් උන් නැත්තේ කියල. එහෙනං මනස දියුණු කරාමත් ඇහැට පේන ටික විතරයි පෙනිලා තියෙන්නේ. :baffled:

    මහාබාරත කියල තඩි පොතක් තියෙනව ගූගල් කල්ල බලපං :yes: යුරේනස් නෙප්චූන් ගැන සඳහන් වෙනව :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉස්සෙල්ලත් කීව වගේ මේක තනි මනුස්සයෙක් එක දවසින් පරීක්ෂණයක් කරලා ගත්තු දැනුම නෙවේනෙ බන් විශේෂයෙන් අහවල් කෙනා මේ දවසේ හොයාගන්නා ලදී කියල කියන්න. පොඩ්ඩ පොඩ්ඩ පරම්පරාවෙන් ඇවිල්ලා ඕක පොතක ලියන්න තරං කරුණු ගොඩක් ගොඩ ගැහුණම ඌ දන්නේ නෑ මේ දැනුමේ ආරම්භකයා කවුද කොහොමද හොයාගත්තේ කියල. එහෙම අහවල් සෘෂිතුමා කියල නමක් දැනගෙන් හිටියත් කල් යද්දී ඕවට අසාමාන්‍ය කතා ආරෝපණය වෙනවා. මහාවන්සේම බලපන් පටන් ගන්නේ සින්හයෙක්ගෙන් අපි ඉපදුනා කියල. මහභාරතේ හරි රාමායනේ හරි බලපන් කොච්චර අතින් පයින් දාලද කියල. එහෙව් එකේ අහවල් සෘෂි තුමාට දෙයියෝ දුන්නා කියල තියෙන එක පුදුමයක් නෙවේ.

    එතකොට මනස දියුණු කරගන්න අහවල් අහවල් අහවල් විදිහට කරන්න කියල තියෙන්නෙ කැහිල්ලට වෙන්ටැ නේ ? :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රමනූජන් කියපුව සේරම හරි කියන්නෑ. රමනූජන් ඉදිරිපත් කරපුවගෙත් වැරදීම් වෙලා තියෙනව. ඒත් කිසිම සාධනයක් නැතුව ගන්න බැරි ප්‍රතිඵල ගොඩක් රමනූජන් සාධන නැතුන ඉදිරිපත් කලා ඒව පස්සෙ ගණිතඥයො සාධනය කලා. හාඩිගෙ බලකිරීමට රමනූජන් සමීකරණ ඉදිරිපත් කරල පස්සෙ සාධනය කලා. රමනූජන් කිව්ව එයාට නමක්කල් කියල දෙවිකෙනෙක් සමීකරණ කියන්නෙ කියල. කුරාණෙ පිළිගන්නැතුව මේව පිළිගන්න එක හාස්‍යයට ලක් කරන්න එක්කො කටුස්ස රමනූජන් දෙවි කෙනෙක් කිව්වය කියල ඉදිරිපත් කරපු සමීකරණ ඔක්කොම වැරදියි කියල පෙන්නල දෙන්න ඕනෙ. නැත්තං ඒ සමීකරණ පියවරෙන් පියවර ගන්නැතුව එක පාරට හිතන්න පුලුවන් තරම් සරල භාවයක් තියෙන සමීකරණ කියල ඔප්පු කල්ල පෙන්නන්න ඕනෙ. ඒ මොකුත් නෑ නිකංම හිනාවෙනව. කුරාණෙත් එහෙම දේවල් තියෙනවනං පෙන්නල දෙන්න බොරුවට සමාන කරන්නැතුව. එහෙම පෙන්නල දෙන්නැතුව සමාන කරනව නං තව කෙනෙක්ට මෙතන්ට ඇවිල්ල ඕක ගෙදර හිරමනේටත් සමාන කල්ල හාස්‍යයට ලක් කලෑකි. ඔතන තියෙන්නෙ නිකං වචන හරඹයක් විතරයි.

    අසාමාන්‍ය හැකියාව + අධික ආගම් භක්තිය ඔය දෙක එකතු උනාම ඔහොම ඒවා වෙනවා. බලපන්කො කොච්චර මිනිස්සු ඉන්නවද දෙයියන්ට ස්තුති කරනවා ඒවා දුන්නට. හීනෙන් පේන්නෙත් ඒ දෙයියන්ව. එහෙව් එකේ තමන් අදහන දෙයියා හීනෙන් පෙනිලා ඕවා දෙනා වගේ පේන්න බැරිද. මම ඒකයි කිවේ ඔය මනුස්සය මුස්ලිම් උනානං අල්ලාහ් පේන්නේ කියල. ඔන්න ඒ මනුස්සයට හැබැහින් පහල වෙලා කොලයක් දුන්න කියල වගේ වෙලා නං අන්න යමක් තියෙනවා එතන. හීනෙන් පේන ඒවා ෂුවර් නෑ. :yes: රාමනුජන් ගැන නං එදා කීව වගේම මම දන්නේ නෑ හොයන්න ඕනේ උට මොකෝ වෙලා තිබිල තියෙන්නේ කියල. සමීකරණ හරි උනා කියල දෙයියෝ දුන්න කතාව හරි වෙන්නේ නෑ එහෙනං උසේන් බෝල්ට් දුවල දෙයියෝ තමා මට ශක්තිය දුන්නේ කීවම ඌ දිනපු නිසා දෙයියෝ ශක්තිය දුන්න කතාව හරි වෙන්න ඕනේ.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට මනස දියුණු කරගන්න අහවල් අහවල් අහවල් විදිහට කරන්න කියල තියෙන්නෙ කැහිල්ලට වෙන්ටැ නේ ? :lol:
    මනස විතරද බලපන්කො මන්තර පොත්ම කොච්චර තියෙනවද අරෙහෙම මෙහෙම කරපුවම මෙහෙම වෙනවා කියල. එහෙම තියෙන නිසා ඒවා හරි වෙනවද :P ලේ ටිකක් දාල ඉරිපන්දමක් ගහල මන්තරේ කීවම යක්ෂයා එනවා කියල සුද්දෝ කරන්නේ ඒවත් හරි ඇති එහෙනං.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් කව්ද කිව්වෙ සංකීර්ණ ඒව දෙයියො හොයාගත්ත කියල හොයන එක නවත්තන්න කියල ? ඕක මේ atheists ල සර්ව බලධාරී දෙවියො ගැන වාද කරද්දි දාන තර්කෙනෙ :P විද්‍යාව හොයාගන්නව theists ල ලේසි ටික හොයාගෙන අමාරු ටික දෙවියන්ට දානව :P අපි atheist experience එහෙම බලන්නෑනෙ :lol: දෙවියො හොයාගත්ත කියල හිතන්නැතුව අතෑරල දාන්න නෙමේ බං කියන්නෙ පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන දේවල් ටික විතරක් සලකල ප්‍රවාද හදල ලෝකය තේරුම් ගන්නවට අමතරව මනස දියුණු කරල දැනුම ගන්න පුලුවන් ඒ විදිහටත් දැනුම ගන්න ඕනෙ කියල. ඉස්සර මිනිස්සු නිර්මාණ කරන්න එහෙම දැනුම ගත්ත කියල.

    කවුද හොයන එක නවත්තන්න ඕනේ කතාවක් කිවේ. උඹම තමා චෛත්‍ය වැව් එහෙම හදල තියෙන්නේ එකපාරටම, කෝ වැරදි වැරදි හදපු ඒවා පේන්න නෑ එකපාරටම හදලනේ ඒ හින්ද ඒ දැනුම දෙයියෝ දුන්න ඒවා තමා මිනිස්සු අත්දැකීමෙන් ඉගෙනගත්ත ඒවා නෙවේ කියල කිවේ. අර තර්කෙම තමා ඒක කිසි වෙනසක් නෑ.

    ඉන්ද්‍රිය පහට අමතරව වෙන එකක් දියුණු කරලා ගන්න පුළුවන් ඇති අපි දන්නේ නෑ නෙ.
    හැබැයි දැනටම හදල තියෙන ඒවා ගත්තේ එහෙමයි කියන්න බෑ ඒකයි මම කියන්නෙ. කිසිම අසාමාන්‍ය බවක් නෑ එහෙම හිතන තරං.