Beginning of the Universe ?

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
දෙවියන් වහන්සේ හා නිර්මාණය

ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි දෙවියන් වහන්සේට ඕපපාතික ව පහළ වීමට හැකි කමක් නැත. එයට හේතුව දෙවියන් වහන්සේට ඕපපාතික ව පහළ වීමට උන්වහන්සේ විසින් නිර්මාණය කෙරුණූ ලෝකයක් නොතිබීම ය. ලෝකය නිර්මාණය කරනූ ලබන්නේ දෙවියන් වහන්සේ විසින් බැවින් කාලය පිළිබඳ කිනම් අර්ථකථනයක් දුන්න ද උන්වහන්සේ පහළ වන තුරු ලෝකයක් තිබිය හැකි නො වෙයි. මෙහි දී කිව හැකි එක් කරුණක් නම්, ලෝකය ද දෙවියන් වහන්සේ ද එකට නිර්මාණය වූ බව ය. දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වන විට ලෝකය ද ඒ හා සමඟ පහළ විණි යැ යි කතාවක් ගොඩනැඟිය හැකි ය. එය බ්*රහ්මන් හා සම්බන්ධ ලෝක නිර්මාණයට තරමක් සමීප වූව ද එහි දී ලෝකය මැවීම පිළිබඳ ගෞරවය දෙවියන් වහන්සේ ගෙන් උදුරා ගැනීමක් සිදු වන බව පෙනී යයි. එය ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනය සමඟ සංගත නො වෙයි.

දෙවියන් වහන්සේ විසින් දෙවියන් වහන්සේ නිර්මාණය කරනූ ලැබිය නොහැකි ද යන ප්*රශ්නයට පිළිතුර උන්වහන්සේ ඇත්තට ම ඇතැ යි යනූවෙන් ගන්නේ ද නැත් ද යන්න මත රඳා පවතියි. උන්වහන්සේ ඇත්තට ම නැත්නම් සමහර විට මනස විසින් මනස ඇති කරනූ ලබන්නේ ය වැනි පිළිතුරක් දීමේ හැකියාව වෙයි. එහෙත් දෙවියන් වහන්සේ ඇත්තට ම ඇතැ යි ගතහොත්, එවිට සියල්ල උන්වහන්සේ ගෙන් නතර වෙයි. එහි තේරුම නම් දෙවියන් වහන්සේ තමන් වහන්සේ හැර අන් සියල්ල නිර්මාණය කරන මූත් තමන් වහන්සේ නිර්මාණය නොකරන බව ය.

මෙහි සියල්ල නිර්මාණය කළේ ය යනූවෙන් අදහස් කෙරෙන්නේ දෙවියන් වහන්සේ තමන් වහන්සේ ම සියල්ල නිර්මාණය කළේ ය යන්නට වඩා සියල්ල නිර්මාණය කිරීමට අවශ්*ය මූලික ද්*රව්*ය ද, සියල්ල නිර්මාණය කිරීමට අවශ්*ය සැලැස්ම ද නිර්මාණය කෙළේ ය යන්න ය. උදාහරණයක් ලෙස ගතහොත්, පූටූ මේස ආදිය හෝ අද පවතින ගස් සතුන් ආදිය හෝ නිර්මාණය කරනූ ලබන්නේ දෙවියන් වහන්සේ විසින් නො වෙයි. එහෙත් උන්වහන්සේ පළමූ සතුන්, ආදම් හා එව්, පළමූ ගස් හා ප්*රජනන ක්*රම ආදියත් මිනිසූන්ට පූටූ හා වෙනත් දැ නිර්මාණය කිරීමේ හැකියාවත් නිර්මාණය කිරීමෙන් අද පවතින ගස් ආදියත්, අද ජිවත් වන මිනිසූනූත්, පූටූ ආදියත් නිර්මාණය කිරිම සඳහා අවශ්*ය සියල්ල නිර්මාණය කර ඇත.

දෙවියන් වහන්සේ යනූ කාගේ හෝ නිර්මාණයක් නම් ඉන් කියැවෙන්නේ එසේ නිර්මාණය කිරීමට පෙර දෙවියන් වහන්සේ නොසිටි බවත්, එහෙත් එසේ නිර්මාණය කළ තැනැත්තා සිටි බවත් ය. එසේ ගතහොත් දෙවියන් වහන්සේ සියල්ල නිර්මාණය කළේ ය යන්න අසත්*යයක් වෙයි. සියල්ල නිර්මාණය කිරීම පිළිබඳ අර්ථ නිරූපණය කුමක් වූවත් දෙවියන් වහන්සේ වෙනත් අයකු විසින් නිර්මාණය කරනූ ලැබී යැ යි ගත හැකි නො වෙයි. එවිට දෙවියන් වහන්සේට ද වඩා පළමූවැන්නෙක් ලෝකයේ පවතියි.

එවිට අපට පිළිගැනීමට සිදු වන්නේ දෙවියන් වහන්සේ ඇත්තට ම ඇති බැවින් කාගේ හෝ නිර්මාණයක් නොවී පවතින බව ය. දෙවියන් වහන්සේ ගැන පමණක් නොව බ්*රහ්මන් ගැන පවා කිව හැක්කේ එවැන්නකි. බ්*රහ්මන් සම්බන්ධයෙන් ගත්කල ලෝකය හා බ්*රහ්මන් යනූ එකක් බව ද බ්*රහ්මන් ලෝකයෙන් වෙන් කිරීමට නොහැකි බව ද තේරුම් ගත යූතු ය. එසේ තිබිය දී ද මූල හේතුවක් ගැන කතා කරන විට ඒ මූල හේතුව ඵලයක් ලෙස ගෙන වෙනත් හේතුවක් දීමට නොහැකිකම ප්*රශ්නයක් වෙයි.

දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ ගේ ම නිර්මාණයක් ලෙස සැලකිය නොහැක්කේ යූදෙව් චින්තනයෙහි පමණක් නොව ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි ද දෙවියන් වහන්සේ ඇත්තට ම පවතින ලෙස ගැනීම නිසා ය. ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි හේතු සොයන්නේ බොහෝ විට ඒ චින්තනයෙහි ඇත්තට ම පවතින්නේ යැ යි ගනූ ලබන වස්තු හා එහි ගුණ සඳහා ය. ඇත්තට ම නැතැ යි කියන දැ හි පවා අඩූතරමින් හේතුව ඇත්තට ම පවතින්නක් වෙයි. උදාහරණයක් ලෙස ගතහොත් ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි පොල් ගෙඩියක් ඇත්තට ම පවතින බවත්, එය ඇත්තට ම පොළොවට වැටෙන බවත් පිළි ගැනෙයි. මිනිසූන් හිටියත් නැතත්, පොල් ගෙඩි හා පොල් ගෙඩි වැටෙනූ නිරිකෂණය කිරිමට මිනිසකු හෝ වෙනත් නිරිකෂකයකු හෝ සිටියත් නැතත්, පොල් ගෙඩි ඇති බවත්, ඒ පොල් ගෙඩි වැටෙන බවත් ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි පිළිගැනෙයි. එසේ නම්, පොල් ගෙඩි වැටීමට හේතුව කුමක් දෑ යි අසන කල ඉන් විමසෙන්නේ ඇත්තට ම සිදු වන ක්*රියාවකට හේතුව කුමක් ද යන්න ය. එවිට ඒ හේතුව ද ඇත්තට ම පවතින්නක් ලෙස ගැනීමට සිදු වෙයි. බොහෝ දෙනා ගුරුත්වාකර්ෂණ බලයක් (කෙෂත්*රයක්) ඇත්තට ම ඇතැ යි පිළිගන්නේ එබැවින් ය. ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි ඇත්තට ම පවතින පොල් ගෙඩි ඇත්තට ම පවතින ගුරුත්වාර්ෂණ කෙෂත්*රයක වැටෙයි.
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි සියල්ල ඇත්තට ම පවතින්නේ යැ යි ගැනෙනවා ද නො වෙයි. එහෙත් එලෙස ඇත්තට ම නොපවතින්නේ යැ යි ගැනෙන දේට පවා හේතු සොයන්නේ ඇත්තට ම පවතින්නේ යැ යි ගැනෙන දේ ඔස්සේ ය. අපට උදාහරණයක් ලෙස හොල්මන් ගත හැකි ය. ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි හොල්මන් යනූවෙන් ඇත්තට ම සංසිද්ධියක් නැතැ යි ගත්ත ද එසේ හොල්මන් පෙනීම විස්තර කෙරෙන්නේ ඇති බවට සැලකෙන මනස ඔස්සේ ය. මනසේ යම් වෙනස් වීමක් නිසා හොල්මන් පෙනෙන්නේ යැ යි තේරුම් කිරීමට ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනය මත පදනම් ව කටයූතු කරන්නෝ උත්සාහ කරති. ඔවූහූ මනසේ එලෙස යම් යම් භ්*රාන්ති ඇති වීමට ද ඇත්තට ම පවතින හේතු සොයති. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි ඵලය හොල්මන් මෙන් ඇතැම් විටක ඇත්තට ම නොපවතින්නක් වූව ද, හේතුව ඇත්තට ම පවතින්නක් බව ය.

එවිට සියල්ලෙහි ම මූල හේතුව ඇත්තට ම පවතින්නක් විය යූතු බව අමූතුවෙන් කිව යූතු නො වෙයි. දෙවියන් වහන්සේ ඇත්තට ම පවතින්නේ යැ යි ගැනෙයි. ඇත්තට ම පවතින්නකට තමන් ම නිර්මාණය කර ගැනීමට නොහැකි ද යන්න අපට විසඳාගත යූතු ව ඇති ප්*රශ්නය වෙයි. මෙහි දී ගැටලුව වනූයේ නිර්මාණය කිරීමට නම් එය යම් අවස්ථාවක හෝ නො පැවතිය යූතු වීම ය. තමන් ම නිර්මාණය කර ගත්ත ද වෙනත් අයකු නිර්මාණය කළ ද නිර්මාණය කෙරෙන්න එසේ නිර්මාණය කිරිමට පෙර නො පවතියි. මෙහි දී පෙර යන වචනය යොදා ගැනීම සම්බන්ධයෙන් යමකුට විරුද්ධ විය හැකි ය. කාලය යන්න දෙවියන් වහන්සේ ගේ නිර්මාණයක් බැවින් දෙවියන් වහන්සේ කාලය මැවීමට පසූව පමණක් පෙර හා පසූ සංකල්ප ඇතැ යි තර්ක කිරීමට හැකි වෙයි. කාලය මැවීමට පෙර, පෙරක් නැත යන්න මේ තර්කයෙහි හරය වෙයි. එය එසේ වූවත් නිර්මාණයක් කෙරෙන්නේ නිර්මාණයක් නැති බැවින් යැ යි වෙනත් තර්කයක් ගොඩනඟා ගත හැකි ය. ඒ තර්කයට පෙර හා පසූ යන සංකල්ප අවශ්*ය නො වෙයි. කාලයක් නැති වූව ද ඒ තර්කය වලංගු වෙයි. දෙවියන් වහන්සේ නිර්මාණය කිරීමට නම්, දෙවියන් වහන්සේ නැති විය යූතු ය.

මෙහි දී දෙවියන් වහන්සේ ඕපපාතික ව පහළ නොවී ද යන ප්*රශ්නය ද ඇසිය හැකි ය. දෙවියන් වහන්සේ යනූ තමන් වහන්සේ ගේ ම නිර්මාණයක් නොවූණ ද, දෙවියන් වහන්සේට ඕපපාතික ව පහළ වීමේ හැකියාවක් ඇත. බෞද්ධ සාහිත්*යයෙහි දෙවියෝ (දෙවියන් වහන්සේ නොව) ඕපපාතිකව පහළ වෙති. එහෙත් දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වීම යැ යි කීම සිංහල බෞද්ධ චින්තනයක ගත හැකි වූව ද ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි ගත හැකි නො වෙයි. එක් අතෙකින් දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වී යැ යි ගැනීම උන් වහන්සේට කරන මදි පූංචිකමකි. අනෙක් අතට දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වන්නේ කොහේ ද යන ප්*රශ්නය නැගීමට සිදු වෙයි. සිංහල බෞද්ධ චින්තනයෙහි දෙවිවරු ඕපපාතිකව පහළ වන්නේ එක්කෝ භූමාටූ දෙවියන් ලෙස පවතින ලෝකයක ය. එසේත් නැත්නම් දිව්*ය ලෝකවල ය. ඒ දිව්*ය ලෝක ද දෙවියන් ඕපපාතිකව පහළ වීමට පෙර සිට ම පවතියි.

එහෙත් ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි දෙවියන් වහන්සේට ඕපපාතික ව පහළ වීමට හැකි කමක් නැත. එයට හේතුව දෙවියන් වහන්සේට ඕපපාතික ව පහළ වීමට උන් වහන්සේ විසින් නිර්මාණය කෙරුණූ ලෝකයක් නොතිබීම ය. ලෝකය නිර්මාණය කරනූ ලබන්නේ දෙවියන් වහන්සේ විසින් බැවින් කාලය පිළිබඳ කිනම් අර්ථකථනයක් දුන්න ද උන්වහන්සේ පහළ වන තුරු ලෝකයක් තිබිය හැකි නො වෙයි. මෙහි දී කිව හැකි එක් කරුණක් නම්, ලෝකය ද දෙවියන් වහන්සේ ද එකට නිර්මාණය වූ බව ය. දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වන විට ලෝකය ද ඒ හා සමඟ පහළ විණි යැ යි කතාවක් ගොඩනැඟිය හැකි ය. එය බ්*රහ්මන් හා සම්බන්ධ ලෝක නිර්මාණයට තරමක් සමීප වූව ද එහි දී ලෝකය මැවීම පිළිබඳ ගෞරවය දෙවියන් වහන්සේ ගෙන් උදුරා ගැනීමක් සිදු වන බව පෙනී යයි. එය ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනය සමඟ සංගත නො වෙයි

මේ සියල්ලෙන් පෙනී යන්නේ ඇත්තට ම ඇතැ යි යනූවෙන් ගැනෙන විට තමන් ම තමන් නිර්මාණය කරන්නේ යැ යි ගැනීමට නොහැකි බව ය. සිංහල ථෙරවාදී බෞද්ධ චින්තනයෙහි මේ ගැටලුව නැත. එහි මනස යනූවෙන් යමක් ඇත්තට ම නැත. මනස විසින් මනස නිර්මානය කෙරෙන්නේ යැ යි කී විට එහි දී නැති මනසක් ඇති මනසක් ලෙස ගැනීමක් කියැ වෙයි. නැති මනස ඇති මනසක් ලෙස ගැනෙන්නේ ඇති මනසක් ලෙස ගන්නා නැති මනසකින් ය. මනස ඇත්තට ම පවතින්නේ නම් එවිට මනසට මනස නිර්මාණය කිරිමට නො හැකි වෙයි. එසේ නිර්මාණය කිරීම දෙවියන් වහන්සේ විසින් දෙවියන් වහන්සේ නිර්මාණය කරනූ ලැබීම වැනි ක්*රියාවක් වෙයි. ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනය මූල හේතු සොයයි. එය ඒක රේඛීය චින්තනයක් වෙයි. සිංහල බෞද්ධ චින්තනය චක්*රීය වෙයි. එය මූල හේතු නො සොයයි.

එපමණක් නො වෙයි. බොහෝ දෙනා එතරම් සැලකිල්ලක් නොදක්වන කරුණක් වෙයි. මෙය අපේ විද්*යාවක් හා අපේ ප්*රවාද ගොඩනඟා ගැනීමේ දී ද වැදගත් වෙයි. ග්*රී්ක යූදෙව් ක්*රිස්තියානි චින්තනය හේතු
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
සොයන්නේ බොහෝ විට ඒ චින්තනයට අනූව ඇත්තට ම පවතින දේ සඳහා ය. එනම් ඇත්තට ම පවතින ඵල සඳහා ය. ඒ හේතු සෑම විට ම ඇත්තට ම පවතින හේතු ලෙස ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි සැලකෙයි. ඇතැම් ඵලයක් ඇත්තට ම නොපැවතුණ ද එහි හේතුව නම් ඇත්තට ම පවතියි. මූල හේතුව වූ දෙවියන් වහන්සේ කිසිම හේතුවක ඵලයක් නොවී හේතුවක් ලෙස පමණක් ඇත්තට ම පවතියි.

එහෙත් සිංහල බෞද්ධ චින්තනයෙහි මේ සියල්ල මෙයට වඩා වෙනස් ය. ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනය පිටූපස යන ඇතැම් බෞද්ධයන් කුමක් කීව ද සිංහල බෞද්ධ හේතුඵල දහම ඇත්තේ සංස්කාර ධර්ම සඳහා ය. සංස්කාර ධර්ම හැරෙන්නට වෙනත් ධර්ම පිළිබඳ හේතුඵල දහමක් ගැන සිංහල බෞද්ධ චින්තනයෙහි නො කියැවෙයි. සංස්කාර ධර්ම යනූ සංස්කරණය නිසා ඇති වන ධර්ම ය. ඒ ධර්ම ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනය අනූව කියන්නේ නම් ඇත්තට ම පවතින ධර්ම නො වෙයි. ඒ සියලු ධර්ම මනස විසින් සකස් කෙරී ඇති, මනසට සාපේකෂ ධර්ම වෙයි. සංස්කාර ධර්මයකට හේතුවක් වන්නේ තවත් සංස්කාර ධර්මයකි. සංස්කාර ධර්මයක ඵලය තවත් සංස්කාර ධර්මයකි. පොළොව මෙන් ම පොල් ද සංස්කාර ධර්මයකි. පොල් වැටිම ද සංස්කාර ධර්මයකි. පොල් වැටෙන්නේ ඇයි ද යන ප්*රශ්නයට දෙන එක් පිළිතුරක් වූ ගුරුත්වාකර්ෂණ කෙෂ්ත්*රය ද සංස්කාර ධර්මයකි. ගුරුත්වාකර්ෂණ කෙෂ්ත්*රය සංස්කාර ධර්මයක් වීම නිසා එය "ඇත්තට ම" පවතින ධර්මයක් නො වෙයි. සිංහල බෞද්ධයන්ට එතරම් පහසූවෙන් ගුරුත්වාකර්ෂණය කෙෂ්ත්*රයක් "ඇත්තට ම" නැතැ යි තේරුම් ගත හැකි ව තිබියදීත් ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනය පසූපස ගොස් ගුරුත්වාකර්ෂණ කෙෂ්ත්*රය ඇතැ යි ගන්නේ සංස්කෘතික යටත් විජිතවාදයට හසූවීමෙන් ය.
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
batahira lokaye rekiya chinthana rataawa anuwa sama deyakama aga mula sewimata yaama anuwana menma dushkara kriyawaki.:D;)
 
nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    Y2K said:
    ok God Question ...................( I guess you have not read my previous articles "Something" & "Anything"

    God is the ultimate cause .....

    Machan think of a train there may be 5 or 6 blocks ..... if some one ask which one is pulling what ....then we can say 6 pulling 5 , 5 pull by 4 ....................4 < 3 .... 3 < 2 but you don't ask who is pulling the 1st block ? B'coz you know 1 st one greats its own power ............ no other box to pull 1 st block... 1 st Block creats its own energy to pull all the other blocks as well

    machan magen hawoth Nirwanaya koheda tiyenne kiyala hari .... ube Heaven eka mata pennapan kiyala hari ............ matath ubatath denna Physical evidence ekak na ... but apita menna mehema kiyanna puluwan ............... Nirwanaya kiyanne ... Bowthika seyak demai ... Thrushnaway nathi karagaththama hari sasara bami welin midunama ... apita mahath u suwayak hithata dannenawa anna eka thamai nirwanaya kiyala

    Heaven eka gana lassana kathawath tiyenawa ...

    Ekka Father kenekgen lamayek hauwa father Apaya saha heaven eka tiyenne koheda kiyala .............. father poddak wela idala kiwwa puththa oyage muna hariyata wadurekge wage kiyala ............ me lakayata godak tharaha giya ...... ethakota father kiwwa putha onna oka thamai apaya kiyala ........... lamaya poddak kalpana karala kenthiya adu karagena nawaththa karuna awabodakaragena sitha sahallu karagaththa ...puththa anna oka thamai suwargaya kiyala .................. me podi katha wen lamaya godak dewal therum gaththa

    ithin macahn apita Nirwanaya ... Heaven eka .... God wa pennanna kiwwoth kiyanna theyenne ekai ........... God is pure Love , God is the power of the world

    yes.......... that's the deference between my religion and your's........ we believes all things happening ecoding to the "hethupala dahama"................... so we have the answer for that Question "what is newana?"............ [it is a thing that build adding some reason.........] now don't ask me what are the reasons.......... i don't know much about it..............
    in your religion when we go deep inside to it.............. there is somethings that you cannot describe to any one...................[eg-: how is the god get such a power to bild the wold?]

    but in budu dahama............ everything's are matching each other.............. there are no undesirable things......... everything happening ecoding to hethu-paldahama......
    :yes: :yes: :yes: :yes:
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    nuwanoo7 said:

    Ok then I would like to ask "who create the Hithu pala dhahama ? it is 100% natural phenomena ? who establish such wonderful law ?
     
    supun75

    Member
    Sep 18, 2007
    4,425
    23
    0
    this world is not a creation of GOD.
    The whole world has gone beyond that theory.only some ppl still think its right.
    science has proven it long ago.

    But i must say Lord Budhha had said it even b4 the theories of science proved it right.
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    Y2K said:
    Machan Vinyanaya tiyenne koheda ? (Mind)

    සිත හා මනස

    සිරුරක් ඇති සතුන් සම්බන්ධයෙන් ගත් කල මනස ඇත්තේ සිරුර ඇසූරෙන් ය යන්නෙන් කියැවෙන්නේ මනස ද්*රව්*යයක් බව නො වෙයි. මෙහි දී ද්*රව්*යය යන්නෙන් ඝන, ද්*රව, වායූ, ප්ලාස්මා ආදිය පමණක් නො ව, විකිරණ ද අදහස් වෙයි. ඇතැම් බෞද්ධයෝ ද මනස ශක්ති විශේෂයක්, මානසික තරංග විහිදුවන්නක් ආදී වශයෙන් සිතීමට පූරුදු වී සිටිති. එහෙත් ඒ නිවැරැදි නො වෙයි. මනස යනූ ශක්ති විශේෂයක් නම් ඒ මානසික ශක්තිය අනාගතයේ දී යම්කිසි දවසක විද්*යූතය වැනි වෙනත් ශක්තියකට හැරවීමට හැකි වනූ ඇත. එමෙන් ම විද්*යූත් ශක්තිය ද මානසික ශක්තිය බවට පත් කිරමට හැකි වනූ ඇත. එහි තේරුම මනස ද තවත් භෞතික අවස්ථාවක් බවට පත් කිරම ය.

    සිරුරක් නැති, එසේත් නැත හොත් දෙවියන්, බඹූන් වැනි රූපාවචර හා අරූපාවචර සතුන්ට ද මනස් ඇත. ඒ මනස් කාමාවචර ලෝකයෙහි මිනිසූන්, සිවූපාවූන් වැනි සතුන් ගේ සිරුරු වැනි දෙයක් ඇසූරු කරමින් නො පවතියි. සිත මිස කය නැති බඹ ලොවෙහි බඹූන් ගේ මනස් කෙසේ වත් සිරුරක් ඇසූරෙන් පැවතිය හැකි නො වෙයි. මනස යනූ මනසේ ම නිර්මාණයක් බව අපි කියා ඇත්තෙමූ. මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දිවයින ඉරිදා සංග්*රහයෙහි සිංහල බෞද්ධ මනස මැයෙන් පළ වූ ලිපියෙහි වෙයි.
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    මනස යනූ එකක් පසූපස ඇති වන චිත්ත පරම්පරාවක් වෙයි. විත්ත ඇති වී නැති වන්නේ අනූගාමී චිත්තයට යම් තොරතුරු ප්*රමාණයක් ලබා දීමෙන් ය. එසේ ඇති වන චිත්ත පරම්පරාව මනස ලෙස ගැනෙයි. එහෙත් එසේ ගැනෙන්නේ මනස විසින් ම බව අමතක නො කළ යූතු ය. එපමණක් නො ව, චිත්ත යන සංකල්පය නිර්මාණය කෙරෙන්නේ ද මනස විසින් ම ය. මෙය ඇතැමූන්ට, විශේෂයෙන් ම රේඛීය චින්තනයට හූරු වූ අයට ගැටලු සහගත ප්*රකාශයක් විය හැකි ය. එබැවින් ඒ පිළිබඳ ව කෙටි විස්තරයක් කිරම අවශ්*ය වෙයි.

    මනස යනූ අනූගාමි චිත්ත පරම්පරාවක් නම් මනස විසින් චිත්ත නිර්මාණය කෙරෙන්නේ කෙසේ ද? මෙය තේරුම් ගත හැක්කේ නිර්මාණාත්මක සාපේකෂතාවාදී දර්ශනය මත පිහිටමින් ය. නිර්මාණාත්මක සාපේකෂතාවාදී දර්ශනයට අනූව ඒ ඒ පූද්ගලයා අනිත්*ය, දුක්ඛ, අනාත්ම පිළිබඳ අනවබෝධය හේතු කොටගෙන සංකල්ප නිර්මාණය කරයි. එසේ නිර්මාණය කෙරෙන පළමූ සංකල්පය නම් අන් කිසිවක් නො ව, මම හෙවත් තමා යන සංකල්පය ය. මම යන සංකල්පය යනූ මනස පිළිබඳ සංකල්පය වෙයි. එසේ නම් පළමූ ව ඇති වන්නේ මම, මනස යන සංකල්පය වෙයි. බටහිර ඊනියා පශ්චාත්නූතනවාදීන් කුමක් කීව ද අනෙකා හෝ බාහිර සමාජය හෝ බාහිර සංස්කෘතිය හෝ වෙනත් අනෙකක් යන සංකල්ප ඇති වන්නේ තමන් ගේ මනසෙහි මිස අනෙකකු ගේ මනසෙහි නො වෙයි. මනසක් නැති ව වෙනත් කිසි ම වාචික හෝ නිර්වාචික හෝ සංකල්පයක් ඇති නො වෙයි.

    මෙලෙස සංකල්ප ඇති වීම යනූ මනස විසින් සංකල්ප නිර්මාණය කරනූ ලැබීම ය. මේ සංකල්ප පිළිබඳව අපි සවිඥානික වෙමූ. අපි නාමයක් වේදනා, සංඥා, සංඛාර හා විඥාන ලෙස සලකමූ. මේ කොටස් හතර එකිනෙකට සම්බන්ධ වන අතර එකක් අනෙකකට ඌනනය කිරමට නො හැකි වෙයි. සංකල්පයක් යනූ නිර්මාණය කෙරෙන්නක් බැවින් ඒ සංඛාර වන අතර අපට ඒ පිළිබඳ විඥානයක් ද වෙයි. විඥානයක් නොමැති නම් එතැන සංකල්පයක් ද නො වෙයි.

    මේ ඇතැම් සංකල්ප රූප ආශ්*රිත ව පවතියි. උදාහරණයක් ලෙස ගත හොත් පූටූව යන සංකල්පය ඇති වන්නේ පූටූව යන රූපය ද ඇති ව ය. එහි නාම රූප යන ධර්ම දෙක ම වෙයි. එහෙත් කාලය වැනි සංකල්පවල දී රූපයක් නිර්මාණය නො කෙරෙයි. එවැනි අස්ථාවල දී සංකල්පය වෙනත් ඉන්ද්*රියක සෘජූ ආධාරය නොමැති ව මනස විසින් තනි ව ම නිර්මාණය කෙරෙයි. වෙනත් ඉන්ද්*රියවල සෘජූ ආධාරය නොමැති ව මනස විසින් නිර්මාණය කෙරෙන සංකල්පවලට අපි පකද්කදත්ති යැ යි කීවෙමූ. කාලය යනූ පකද්කදත්තියක් බව අපි සඳහන් කෙළෙමූ.

    චිත්තය යනූ ද සංකල්පයක් වෙයි. චිත්තය යන සංකල්පය ද නිර්මාණය කෙරෙන්නේ මනස විසින් ම ය. මනසින් තොර ව චිත්තය යනූවෙන් දෙයක් පවතින්නේ යැ යි කිව හැකි නො වෙයි. මනස ඇති වී තිබෙන්නේ චිත්ත නිසා යැ යි කියන විට, එනම් මනස යනූ එකක් පසූපස ඇති වී නැති වන චිත්ත පරම්පරාවක් යැ යි කියන විට ඉන් අදහස් වන්නේ මනස නැති ව චිත්ත පවතින බව නො වෙයි. මනස යනූ කුමක් දෑ යි මනසට තේරුම් ගැනීමට අවශ්*ය වූ විට ඒ සඳහා මනස යම් ආකෘතියක් නිර්මාණය කරයි. යමක් තේරුම් ගැනීම යනූ එය වෙනත් සංකල්ප ඔස්සේ විස්තර කිරමකි. මනස විස්තර කරන්නේ කිනම් සංකල්පයක් ඇසූරෙන් ද?

    ඒ සංකල්පය කුමක් වූව ද එය නිර්මාණය කිරමට සිදු වන්නේ මනසට ය. සියලු සංකල්ප මනසෙහි නිර්මාණ වෙයි. මනස විසින් මනසට ගත හැකි කුඩා ම සංකල්පය චිත්තය යැ යි නම් කෙර ඇත. දෑන් චිත්තයක් ඇති වන්නේ කුමකින් ද යන ප්*රශ්නය අසන්නට සිදු වෙයි. චිත්තයක් ඇති විය හැක්කේ එයට වඩා කුඩා සංකල්පවලින් ය. ඒ කුඩා සංකල්පය ඇති විය හැක්කේ එයට ද වඩා කුඩා සංකල්ප එකතුවකින් ය. ඒ ද්*රව්*යය පරමාණූවලින් සෑදී ඇතැ යි කියන්නාක් මෙන් ය.

    එහෙත් මනස් ඇති මිනිස්සූ පරමාණූවෙන් සෑහීමට පත් නො වූ හ. ඔවූහූ එනම් ඔවූන් ගේ මනස් පරමාණූව ද කඩා බැලූ හ. ඒ සඳහා මනස විසින් ප්*රෝටෝන, ඉලෙක්ට්*රෝන, නියූට්*රෝන ආදී අංශු නිර්මාණය කරන ලදි. එහෙත් මනස ඉන් ද සෑහීමකට පත් නො වෙයි. ඉලෙක්ට්*රෝන ආදී අංශු ද ක්වාක් හෝ තන්තු (ූටරඉනගස)- ඇසූරෙන් නිර්මාණය කිරමේ උත්සාහයක් පවතියි. එහෙත් යමකු ගේ මනස තන්තුවක් යනූ කුමක් දෑ යි ඇසූව හොත් ඒ විස්තර කිරම සඳහා තන්තුවටත් කුඩා වූ යමක් නිර්මාණය කෙරෙන්නේ ද? තන්තු යනූ අංශු නො වන බව මෙහි දී මතක තබා ගැනීම වැදගත් වෙයි. තන්තුවක් ඉලෙක්ට්*රෝන ආදී විවිධ ස්වරූප ගන්නේ එහි ශක්තිය හා කම්පනය අනූව යැ යි බටහිර භෞතික විද්*යාඥයෝ කියති.
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    කෙසේ වෙතත් මෙහි කෙළවරක් තිබිය යූතු ය. තන්තුවක් නිර්මාණය වී ඇත්තේ මෙන්න මේ භෞතික තත්ත්වය නිසා යැ යි කී විට ඒ භෞතික තත්ත්වය ඇති වී තිබෙන්නේ කුමක් නිසා ද යන ප්*රශ්නය ඇසීමට සිදු වෙයි. අපට එලෙස දිගින් දිගට ප්*රශ්න කිරමට නො හැක්කේ මනසට ගත හැකි සංකල්පවල සීමාවක් තිබෙන බැවින් ය. වෙනත් ඉන්ද්*රිිිය ආධාරයක් නොමැති ව මනසට ගත හැකි කුඩා ම සංකල්පය ලෙස මනස විසින් හඳුනා ගනූ ලැබ ඇත්තේ, එනම් නිර්මාණය කෙර ඇත්තේ චිත්තය යන්න ය. චිත්තයට වඩා කුඩා සංකල්පයක් මනසට නිර්මාණය කළ හැකි නො වෙයි.

    එලෙසින් ම මනසට අනෙක් ඉන්ද්*රිය ද ඇසූරු කරමින් නිර්මාණය කළ හැකි කුඩා ම සංකල්පය වනූයේ රූප යන්න ය. රූපයක් පවතින කාලය හෙවත් රූපකෂණයක් චිත්තකෂණ දා හතක් යැ යි ථෙරවාදී සම්ප්*රදායෙහි කියැවෙයි. මේ කාල නිර්ණය ලංකාවේ අනූරාධපූර සමයෙහි වැඩ විසූ සිංහල භිකෂූන් වහන්සේ ගේ නිර්මාණයක් යැ යි කියැවෙයි. (කාල පරමාණූව යන සංකල්පය ද නිර්මාණය කෙරුණේ උන් වහන්සේලා අතින් ය) ඒ නිර්මාණයෙන් කියැවෙන ප්*රධාන ම කරුණක් වනූයේ අනෙක් ඉන්ද්*රිය මනසට වඩා ගොරහැඬි බව ය. අනෙක් ඉන්ද්*රිය ඇසූරෙන් මනසට ගත හැකි කුඩා ම සංකල්පය ඒ ඉන්ද්*රිය නොමැති ව මනසට ගත හැකි කුඩා ම සංකල්පය මෙන් දාහත් වාරයකට සමාන කාලයක් පවතින සංකල්පයකි.

    චිත්ත, ඒ ආශ්*රිත ව පවත්නා චෛතසික හා රූප යනූ මනසට ගත හැකි කුඩා ම සංකල්ප වෙයි. මෙහි කුඩා ම යන්නෙන් අදහස් කෙරෙන්නේ ඒ සංකල්පය සංකල්පයක් ලෙස ග්*රහණය කර ගත හැකි කුඩා ම කාලය යන තේරුමෙන් ය. මේ සංකල්පවලින් චිත්ත හා චෛතසික පකද්කදත්ති යැ යි ගැනීමට අපට සිදු වන්නේ ඒ සංකල්ප නිර්මාණය කිරමේ දී මනසට අනෙක් ඉන්ද්*රිය සෘජූ ව ම අවශ්*ය නො වන බැවින් ය. එලෙසින් ම අපට මනස යන සංකල්පය ද පකද්කදතියක් ලෙස ගත හැකි වෙයි. චිත්ත, චෛතසික, මනස ආදී මේ සියල්ල මනසට සාපේකෂ බව අවධාරණය කළ යූතු ය.

    අද බටහිර ඊනියා මනෝ විශ්ලේෂකයන්ට ප්*රධාන ප්*රශ්නයක් වී ඇත්තේ අවිඥානික මනස ය. ඇතැම් විට යටි හිත යනූවෙන් ද කියැවෙන මේ අවිඥානික මනස යනූ කුමක් ද? ඊනියා පශ්චාත්නූතනවාදී මනෝ විශ්ලේෂකයන්ට අනූව අවිඥානික මනස යනූවෙන් යමක් පවතියි. එමෙන් ම ඔවූන්ට සවිඥානික මනස යනූවෙන් ද යමක් පවතින බව කිව යූතු නො වෙයි. අවිඥානික මනස හා සවිඥානික මනස අතර ඇති වෙනස කුමක් ද? මෙහි දී අප සඳහන් කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි පදනම් ව අප විසින් නිර්මාණය කෙරෙන අදහස් කිහිපයකි.

    පළමූවෙන් ම කිව යූත්තේ සවිඥානික මනස මෙන් ම අවිඥානික මනස ද අපේ නිර්මාණ බව ය. බෞද්ධ සාහිත්*යයෙහි අවිඥානික මනස යැ යි කිව හැක්කක් පිළිබඳ ව අවූරුදු දහස් ගණනක් තිස්සේ සඳහන් වෙයි. බටහිරයන් අවිඥානික මනසක් ගැන කථා කරන්නේ අවූරුදු සියයකට අඩූ කාලයක සිට ය. සවිඥානික මනස සංකල්පීය වශයෙන් යම් යම් දැ ගන්නා බව, එනම් අප සාමාන්*යයෙන් කියන ආකාරයට අවබෝධ කර ගන්නා බව පැහැදිලි ය. සංකල්ප නිර්මාණය කෙරෙන්නේ සවිඥානික මනස විසින් ය.

    ඒ අර්ථයෙන් ගත් කල සවිඥානික මනස සංකල්ප නිර්මාණය කරයි. එනම් සවිඥානික මනසෙහි එක් කාර්යයක් වනූයේ සංකල්ප නිර්මාණය කිරම ය. සවිඥානික මනස යන සංකල්පය පමණක් නො ව, අවිඥානික මනස යන සංකල්පය ද නිර්මාණය කෙර ඇත්තේ සවිඥානික මනස විසින් ය. එහෙත් මනසෙහි, එනම් සවිඥානික මනසෙහි හා අවිඥානික මනසෙහි එක ම කාර්යය සංකල්ප නිර්මාණය කිරිම යැ යි නො සිතිය යූතු ය. මනසෙන් කෙරෙන තවත් කාර්යයන් රාශියක් වෙයි.

    තොරතුරු ගබඩා කර ගැනීම ඉන් එක් කාර්යයක් වෙයි. සංසාරගත ව සත්ත්වයා විසින් ඇති කර ගනූ ලැබ ඇති තොරතුරු රැස් කර තබා ගන්නේ මනසෙහි ය. මනස ඒ කාර්යය කරන්නේ තොරතුරු එක් චිත්තයකින් අනූගාමී චිත්තයට ලබා දීම යන ක්*රියාවලිය ඔස්සේ ය. එසේ චිත්තයක් අනූගාමී චිත්තයට තොරතුරු ලබා දීමේ දී ඇතැම් තොරතුරු ඉවත් කරන බවත් අලුත් තොරතුරු එකතු කරන බවත් පැහැදිලි විය යූතු ය. චිත්තයක් අනූගාමී චිත්තයට ලබා දෙන්නේ එක ම තොරතුරු නම් සත්ත්වයා ගේ වෙනසක් නො සිදු වෙයි. එවිට සත්ත්වයාට කිසි ම දවසක සසරින් එතර වීමට ද නොහැකි වෙයි. තොරතුරු රැස් කිරම හා තොරතුරු අනූගාමී චිත්තයට ලබා දෙන්නේ උඩූ හිත ද? යටි හිත ද? එසේත් නැතිනම් සවිඥානික මනස ද? අවිඥානික මනස ද?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Machan Api wage prashna karana lamain 2 k hitiya Americawe ... 2 nama Christians but eka lamayek namata christians mokada eya danne na Intelligent design eka gana anik lamaya poddak hodata hithana kenek .... dinnatama bari una thamage mathaya prove karanna .............Dawasak Science day ekedi kadima siddiyak una .... Ara Creation eka piliganna kena adala tibuna lassana mill ekak ekka gewal kadu hadana lassana plan ekak ..... Science day ekedi ara nahayata ahanne nathie lamaya meka dakala puduma una ....................... aya puduma wela ahuwa oya kohomada meka aduwe kiyala .... ara yaluwa hina wela kiwwa meka ibe athi une mama nemai ahuwe kiyala ... ara yaluwa kiwwa boru kiyanna apa meka oyage nirmanayak kiyala ...... ethakota ara lamaya kiwwa yaluwa me podi de mage nirmanayaknum lokaya namathie sankirna kriyawaliya Diwiyange ehemanathnum uthum u nirmanakaruwakuge wenna barida kiyala ?

    ithin onna oyawage lassana kathandara tiyanawa ................ e mona unath thama ilbe sitina mathayen aththa wenna apita amarui .............

    Albert Eeinstin kiyala tiyanawa Lokaya maha Ganithaknayekge nirmanayak wage kiyala .................. ( Eiestine's Dewawadiyeku nowe)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    supun75 said:
    this world is not a creation of GOD.
    The whole world has gone beyond that theory.only some ppl still think its right.
    science has proven it long ago.

    But i must say Lord Budhha had said it even b4 the theories of science proved it right.

    What is your theory ? Lord Buddha have not said anything about this if i am not mistaken

    But I have heard elsewhere Lord Buddha have told that Life came from other world
    is it true ?

    Science can not prove that God is Not there ? is it beyond our Three Demention world ... It is beyond the Space & Time

    Science can't prove Nirwanaya or Heaven or God that's for sure. If they can they might be more Rahathanun wahansela .......................
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    tharinda07 said:
    කෙසේ වෙතත් මෙහි කෙළවරක් තිබිය යූතු ය. තන්තුවක් නිර්මාණය වී ඇත්තේ මෙන්න මේ භෞතික තත්ත්වය නිසා යැ යි කී විට ඒ භෞතික තත්ත්වය ඇති වී තිබෙන්නේ කුමක් නිසා ද යන ප්*රශ්නය ඇසීමට සිදු වෙයි. අපට එලෙස දිගින් දිගට ප්*රශ්න කිරමට නො හැක්කේ මනසට ගත හැකි සංකල්පවල සීමාවක් තිබෙන බැවින් ය. වෙනත් ඉන්ද්*රිිිය ආධාරයක් නොමැති ව මනසට ගත හැකි කුඩා ම සංකල්පය ලෙස මනස විසින් හඳුනා ගනූ ලැබ ඇත්තේ, එනම් නිර්මාණය කෙර ඇත්තේ චිත්තය යන්න ය. චිත්තයට වඩා කුඩා සංකල්පයක් මනසට නිර්මාණය කළ හැකි නො වෙයි.

    එලෙසින් ම මනසට අනෙක් ඉන්ද්*රිය ද ඇසූරු කරමින් නිර්මාණය කළ හැකි කුඩා ම සංකල්පය වනූයේ රූප යන්න ය. රූපයක් පවතින කාලය හෙවත් රූපකෂණයක් චිත්තකෂණ දා හතක් යැ යි ථෙරවාදී සම්ප්*රදායෙහි කියැවෙයි. මේ කාල නිර්ණය ලංකාවේ අනූරාධපූර සමයෙහි වැඩ විසූ සිංහල භිකෂූන් වහන්සේ ගේ නිර්මාණයක් යැ යි කියැවෙයි. (කාල පරමාණූව යන සංකල්පය ද නිර්මාණය කෙරුණේ උන් වහන්සේලා අතින් ය) ඒ නිර්මාණයෙන් කියැවෙන ප්*රධාන ම කරුණක් වනූයේ අනෙක් ඉන්ද්*රිය මනසට වඩා ගොරහැඬි බව ය. අනෙක් ඉන්ද්*රිය ඇසූරෙන් මනසට ගත හැකි කුඩා ම සංකල්පය ඒ ඉන්ද්*රිය නොමැති ව මනසට ගත හැකි කුඩා ම සංකල්පය මෙන් දාහත් වාරයකට සමාන කාලයක් පවතින සංකල්පයකි.

    චිත්ත, ඒ ආශ්*රිත ව පවත්නා චෛතසික හා රූප යනූ මනසට ගත හැකි කුඩා ම සංකල්ප වෙයි. මෙහි කුඩා ම යන්නෙන් අදහස් කෙරෙන්නේ ඒ සංකල්පය සංකල්පයක් ලෙස ග්*රහණය කර ගත හැකි කුඩා ම කාලය යන තේරුමෙන් ය. මේ සංකල්පවලින් චිත්ත හා චෛතසික පකද්කදත්ති යැ යි ගැනීමට අපට සිදු වන්නේ ඒ සංකල්ප නිර්මාණය කිරමේ දී මනසට අනෙක් ඉන්ද්*රිය සෘජූ ව ම අවශ්*ය නො වන බැවින් ය. එලෙසින් ම අපට මනස යන සංකල්පය ද පකද්කදතියක් ලෙස ගත හැකි වෙයි. චිත්ත, චෛතසික, මනස ආදී මේ සියල්ල මනසට සාපේකෂ බව අවධාරණය කළ යූතු ය.

    අද බටහිර ඊනියා මනෝ විශ්ලේෂකයන්ට ප්*රධාන ප්*රශ්නයක් වී ඇත්තේ අවිඥානික මනස ය. ඇතැම් විට යටි හිත යනූවෙන් ද කියැවෙන මේ අවිඥානික මනස යනූ කුමක් ද? ඊනියා පශ්චාත්නූතනවාදී මනෝ විශ්ලේෂකයන්ට අනූව අවිඥානික මනස යනූවෙන් යමක් පවතියි. එමෙන් ම ඔවූන්ට සවිඥානික මනස යනූවෙන් ද යමක් පවතින බව කිව යූතු නො වෙයි. අවිඥානික මනස හා සවිඥානික මනස අතර ඇති වෙනස කුමක් ද? මෙහි දී අප සඳහන් කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි පදනම් ව අප විසින් නිර්මාණය කෙරෙන අදහස් කිහිපයකි.

    පළමූවෙන් ම කිව යූත්තේ සවිඥානික මනස මෙන් ම අවිඥානික මනස ද අපේ නිර්මාණ බව ය. බෞද්ධ සාහිත්*යයෙහි අවිඥානික මනස යැ යි කිව හැක්කක් පිළිබඳ ව අවූරුදු දහස් ගණනක් තිස්සේ සඳහන් වෙයි. බටහිරයන් අවිඥානික මනසක් ගැන කථා කරන්නේ අවූරුදු සියයකට අඩූ කාලයක සිට ය. සවිඥානික මනස සංකල්පීය වශයෙන් යම් යම් දැ ගන්නා බව, එනම් අප සාමාන්*යයෙන් කියන ආකාරයට අවබෝධ කර ගන්නා බව පැහැදිලි ය. සංකල්ප නිර්මාණය කෙරෙන්නේ සවිඥානික මනස විසින් ය.

    ඒ අර්ථයෙන් ගත් කල සවිඥානික මනස සංකල්ප නිර්මාණය කරයි. එනම් සවිඥානික මනසෙහි එක් කාර්යයක් වනූයේ සංකල්ප නිර්මාණය කිරම ය. සවිඥානික මනස යන සංකල්පය පමණක් නො ව, අවිඥානික මනස යන සංකල්පය ද නිර්මාණය කෙර ඇත්තේ සවිඥානික මනස විසින් ය. එහෙත් මනසෙහි, එනම් සවිඥානික මනසෙහි හා අවිඥානික මනසෙහි එක ම කාර්යය සංකල්ප නිර්මාණය කිරිම යැ යි නො සිතිය යූතු ය. මනසෙන් කෙරෙන තවත් කාර්යයන් රාශියක් වෙයි.

    තොරතුරු ගබඩා කර ගැනීම ඉන් එක් කාර්යයක් වෙයි. සංසාරගත ව සත්ත්වයා විසින් ඇති කර ගනූ ලැබ ඇති තොරතුරු රැස් කර තබා ගන්නේ මනසෙහි ය. මනස ඒ කාර්යය කරන්නේ තොරතුරු එක් චිත්තයකින් අනූගාමී චිත්තයට ලබා දීම යන ක්*රියාවලිය ඔස්සේ ය. එසේ චිත්තයක් අනූගාමී චිත්තයට තොරතුරු ලබා දීමේ දී ඇතැම් තොරතුරු ඉවත් කරන බවත් අලුත් තොරතුරු එකතු කරන බවත් පැහැදිලි විය යූතු ය. චිත්තයක් අනූගාමී චිත්තයට ලබා දෙන්නේ එක ම තොරතුරු නම් සත්ත්වයා ගේ වෙනසක් නො සිදු වෙයි. එවිට සත්ත්වයාට කිසි ම දවසක සසරින් එතර වීමට ද නොහැකි වෙයි. තොරතුරු රැස් කිරම හා තොරතුරු අනූගාමී චිත්තයට ලබා දෙන්නේ උඩූ හිත ද? යටි හිත ද? එසේත් නැතිනම් සවිඥානික මනස ද? අවිඥානික මනස ද?

    Macahn Good work but some word can't read ...................... kali ne can you use any other font ............... can you make a PDF file ?