Bertrand Russell Quotes

chanaka

Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    Bertrand Russell Quotes
    Bertrand+Russell+Bertrand_Russell.jpg


    මම ලොව අවිද්‍යාත්මක මතවාද වලට පහර ගැසීම ඇරඹුවෙමි. මට මුළින්ම හමුවන්නේ මාක්ස්වාදය සහ ෆ්රෝයිඩ් වාදයයි.
    මාක්ස්වාදය විද්‍යාත්මක පදනමක් මත ගොඩනගන ලද දර්ශනයක් නොව, (dogmatic)නොහොත් ඒකාධිකාරී ලක්ෂණ දරණ දර්ශනයක් බවට වර්ගීකරණය කිරීමට අපහසු නොවීය.
    එතෙක් විද්‍යාත්මකයයි පිළිගැනීමක් තිබූ ෆ්රෝයිඩ්වාදයටද මා අතින් අත් වූයේ එම ඉරණම මය…
    ආගම් වල ඉගැන්වෙන සර්වබලධාරී දෙවියන් පිළිබඳ සංකල්පයට මම එළව එළවා පහර දුන්නෙමි.”

    “ඊළඟට මා හැරුණේ ආසියාතිකයින් මහත් අභිරුචියෙන් අදහන බෞද්ධ දර්ශනය වෙතටය.

    දියුණු බටහිරයින් ඇදහූ දේව ආගම් පහසුවෙන් හෙළාදුටු මා සිතුවේ නොදියුණු ආසියාතිකයින් අදහන මේ දහම ඉතා පහසුවෙන් පරාජය කළ හැකි බවය.
    නමුත් එය ඇරඹූ සැනින් පහසු කටයුත්තක් නොවීය. දැන් දැන් බිඳ දැමිය හැකි කරුණක් හමුවේ යයි සිතමින් මම දිගටම එය ගැඹුරින් අධ්‍යණය කළෙමි.
    කිනම් ආශ්චර්යයක්ද! එහි අවිද්‍යාත්මක අසාර්ථක තර්කනයක් යැයි හුවා දක්වමින් බිඳ දැමිය හැකි එකදු කරුණක් හෝ සොයාගැනීමට අසමත් වීමි.
    ඒ වෙනුවට මට පෙනී ගියේ සියල්ල ඉතා ප්රඑවේශමෙන් තර්කාණුකූලව ගොඩ නගන ලද ශක්තිමත් දර්ශනයක් බවය.”


    අන්තාර්ජලයෙන් උපුටා ගන්නා ලදී :D:D:D