කියන්න කණගාටුයි අපේ රටේ ඩියුටි ෆ්රී වල ගන්න බඩුවක් නෑ. පරණ මොඩල් ඔක්කෝම තියෙන්නේ. ඊට වඩා අලුත් ඒවා පිට කඩවල් වල තියෙනවා. උබ එන්නේ ඔසී ඉදන් නේ. එහෙන් බඩු අරන් ශිප් කරපන් ලංකාවට. මතක ඇතුව ඔයාට දෙන ටැක්ස් ෆ්රී එක ගත්ත බඩු වලට කැල්කුලේට් කරලා බඩු දාන්න නැවට. ඩියුටි ෆ්රී එකෙන් බඩු ගනිද්දිත් ඒ සහන බද්දටම යටත්ව තමා ඔයාට බඩු ගන්න පුලුවන්. බැලන්ස් එකෙන් අඩු වෙනවා.
ලංකාවේ ඩියුටි ෆ්රී කඩවල් වල්ජ්න් ගත්ත බඩු ඔක්කොටම මට වොරන්ටි හම්බුනේ අබාන්ස්, සැම්සුන් කම්පැනි වලින්ම තමයි. මමමයි වොරන්ටි කාඩ් එක උන්ට ගිහින් දුන්නේ. ඒ වගේ කඩේකින් බලලා බඩු ගන්න. ෆ්රිජ්, වොශින් මැශින්, කුකර්, ටීවී, හෝම් තියේටර් තමා මෙහේ ලොකුවට අඩු සහ විකුණන්න තියෙන්නේ. වෙන බඩු හරිම අඩුයි. කැමරා විකුණන්න නෑ.