ටොප් ගන් : අමරවික්‍රම
පලවෙනි එක බලලා තිබුණෙ නැහැ. අල්ලලා ගියා.
එනෝලා හෝම්ස් 2
මේක නම් දැණුනෙ ට්‍රාන්ස්ෆෝර්මර්ස්, පැසිෆික් රිම්, ගොඩ්සිලා බලනකොට දැනෙන වර්ගයේ හැඟීම්. ඒ කියන්නෙ අපි ඔය කලින් කිව්ව ඒවා බලනකොට ග්‍රේට් ප්ලොට් ලයින්ස් බලාපොරොත්තු වෙන්න බැහැ නෙ. වී සී ජයන්ට් තිංග්ස් ෆයිටිං ජයන්ට් තිංග්ස්. හැබැයි ඒකත් මාරම එන්ටර්ටේනිං ගතියක් තියනවා.
ආන්න ඒ වගේ මේකත් මිස්ට්‍රි එකක් උනාට, පීරියඩ් ඩ්‍රාමා ගතිය, එනොලගෙ ක්වර්කි කැරැක්ටර් එක තමා මට වැදුනෙ. මිස්ට්‍රි කතාවකට වඩා උඩ ඒවා වලින් මතුපිටින් ගත්ත වින්දනයක් තමා තිබුණෙ. ඒක උපරිමයි.
නෝ පේ
මට මේක මෙන්ශන් කරන්න අවශ්‍යයි. නමුත් මට මූවි එක තේරුනාද සැකයි.