"අපි CIFL හි සල්ලි දැම්මේ සනත් ජයසුරිය නිසයි-ආයෝජකයෝ කියති."
07 August 2013
07 August 2013
පීපල්ස් ලීසිං මුදල් සමාගමේ යටතට පත් කරනු ලැබු CIFL මුදල් සමාගමේ සභාපති ලක්‍ෂ්මන් රූපසිංහ සහ එහි ප්‍රධාන විධායක ලෙස කටයුතු කළ ගාමිණී කරුණාතිලක යන අය අගරු වු චෙක්පත් ලබා දිමේ චෝදනාවකට කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා විසින් එක් සැකකරුවකු වෙනුවෙන් ලක්‍ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් නියම කරමින් මුදාහැරීමට නියෝග කර ඇත.
තැන්පත්කරුවන් දෙදෙනකු වන ශීලා ජයකොඩි සහ පතිරගේ දයාසේන යන අය විසින් කොම්පඤ්ඤවීදිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
මේ අතරේ ඊයේ සහ අද මෙම සමාගමේ මිලියන ගණනක කොටස් හුවමාරු වනු දක්නට විය.මහ බැංකුව මේ පිළිබඳව කළ විමසිමකදි ප්‍රකාශ කළේ සමාගමේ කොටස් ගනුදෙනු අත්හිටුවිම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනිමට දැනට අදහසක් නැති බවයි.
"අපි ඒ සමාගම නැවත ගොඩ නංවන්න කටයුතු කරමින් ඉන්නේ.කොටස් ගනුදෙනු නැවැත්වුවහොත් එය එම ක්‍රියාමාර්ගයට බාධාවක් වන්න පුළුවන්. මහ බැංකුව කීය."
මෙම සමාගම පසුගිය දිනවල ක්‍රිකටි ක්‍රිඩක සනත් ජයසුරිය යොදා ගෙන විශාල තැන්පතු රැස් කිරිමේ ව්‍යාපාරයක් දියත් කළා.ඒ විතරක් නොවේ මෙහි වසර 02 කට පෙර සිදු වු මුළික කොටස් නිකුතුව වේලාවේත් අපි එයට මුදල් ආයෝජනය කළා.
සනත් ජයසුරිය වැනි ලොව පිළිගත් ක්‍රිඩකයෙකු කෙරෙහි ඇති වු විශ්වාශයත් කොටස් වෙළෙඳ පොළ පාලනය කරන අය කෙරෙහි වු විශ්වාශයත් නිසා එදා අපි රුපියල් ලක්ෂ ගණනින් මුදල් මෙම සමාගමේ ආයෝජනය කළා.දැන් ඒ අයට ඒ තැන්පතු ගෙවා ගන්න මුදල් නැහැ.දෙන්නේ අගරු වු චෙක්පත්.එදා රුපියල් 10 කට දුන්න කොටසක මිල අද රුපියලයි.
මෙහි මුදල් තැන්පත් කරලා අමාරුවේ වැටිලා අන්තිමේ අගරු වු චෙක්පත් අරන් පිඩා විදි 100 කට ආසන්න පිරිසක් මේ වන විට පෙළ ගැසි ඉන්නවා.අපි අහන්නේ මේ සමාගම් මේ විදියට බිද වැටෙන්න දිලා නියාමන බලධාරින් පසුගිය දිනවල කළේ මොනවද ?කියලයි.
දැන් බලන්න මුළික කොටස් නිකුතුවක් දිලා කොටස් ගන්න සල්ලි අරන් අවුරුදු 02 ක් යනකොට සමාගම නැත්තටම නැති වෙලා.කොහොමද මිනිස්සු රටේ මුල්‍ය ක්‍රමය ගැන විශ්වාශය ගොඩ නංවා ගන්නේ යැයි මෙහිදි රන්දොරට කරුණු කී එහි ආයෝජිකාවක් වන එස්.කේ ප්‍රනාන්දු මහත්මිය සදහන් කළාය.
"මේ අතරේ මහ බැංකුවෙන් මේ පිළිබඳව කළ විමසිමකදි ඔවුන් සදහන් කළේ මෙම සමාගමේ බිද වැටිමට එහි පැරණි හිමිකරු වු දිප්ති පෙරේරා වග කිව යුතු බවත් ඔහු මේ වන විට සමාගමේ හිමිකමින් ඉවත්ව ඇඟ බේරා ගෙන ඇති බවයි.එසේ වුවත් ඔහු සමඟ සබදතා දිගින් දිගටම පවත්වා ගනිමින් මෙම සමාගම ගොඩනැංවිම සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද කීය."


