Bharatha's Daughter & සයිබර් ලෙඩ්ඩු...
මෙවානම් අපිට උනත් අනුමත කරන්න බෑ තමා.අසරන කමින් ප්‍රයොජන ගන්න කාලකන්නි ඉන්න රටක් ද මේක...
සමජය ගැන සදාචාරය ගැන නොහිතා.තමන්ගෙ වාසිය තකා මෙ විදියේ WEB SITES අනත්තවත් තියෙනවා..
මෙවාට විරුද්ද වෙන්න..නැගිසිටින්න..හඩක් නගන්න... 

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ගේ අභාවයෙන් තෙදිනක් යන්නටත් මත්තෙන් එතුමාගේ දියණියගේ ඡායාරූප වලින් ප්‍රයෝජන ගැනීමේ පිළිකුල් සහගත මෙන්ම රෝගී ක්‍රියාදාමයක් පිලිබඳ ව පාඨකයන් පිරිසක් විසින් එවූ තොරතුරු වලින් හෙළි විය.
භාරත ලක්ෂ්මන් මහතා ව කෲර ලෙස ඝාතනයට ලක් වූයේ, පසුගිය 8 වෙනිදා හෙවත් සෙනසුරාදා ය. එම සිදුවීමෙන් මෙරට ජනයා තුල හට ගත් දුක්ඛ දෝමනස්සයන් ද සමගින් ඒ මහතාගේ පණසුන් දේහය බදාගෙන වියෝ දුකින් වැළපෙන දියණිය ව පමණක් රූපවාහිනියෙන් දකින මේ විකෘති හැඟීම් වලින් යුත් මානසික අසහනකාරීහු විසින් සැණෙකින් ඇයගේ ඡායාරූප කිහිපයක් කොහෙන් හෝ සොයාගෙන ඒ මත “ප්‍රමෝට්” වීමෙන් ලබන කාළකණ්නි වින්දනය කෙතරම් අශ්ලීල ද?
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර (භාරතගේ දියණිය) මෝස්තර නිරූපණය හදාරණ බව සැබෑවකි. ඇය පෙනී සිටින ඡායාරූප ද අන්තර්ජාලයෙන් සොයා ගැනීමේ එතරම් අපහසුවක් ද නොමැත. එහෙත් මේ අසහනකාරී සයිබර් රෝගීහු විසින් ශෝකයෙන් බරිත ඇය ව රූපවාහිනියෙන් දුටු සැණින්, උන්ගේ පහත් මට්ටමේ වෙබ් ඇටවුම් වලට ප්‍රචාරය ගැනීම සඳහා වෙනත් වෙබ් අඩවි වල මුදල් ගෙවා පල කරනු ලබන දැන්වීම් වෙනුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඡායාරූප භාවිත කිරීම මේ අවස්ථාවේ දී (මෙවන් සංවේදී මොහොතක) කෙතරම් සදාචාරවත් ද යන්න විමසිය යුතු ය.
සමහරවිට තමන් සේ ම ඔවුන්ගේ වෙබ් අඩවි වලට පිවිසෙන්නෝ ද මානසික ව පහත් යැයි මේ වෙබ් අඩවි මෙහෙයවන්නෝ සිතනවා විය හැකි ය.,
එහෙත් මෙවන් කුපාඩින්ට කීමට දෙයක් ඇත. එනම්,
“කරන්ඩ දෙයක් ඇත්තේ ම නැතිනම් නම් මෙවන් පහත් වැඩ නොකර හිඟා කාපියව්..” යනුවෙනි.
පසුගිය වසර 7ක පමණ කාලයක සිට මෙරට අමුතු අන්දමේ වෙබ් කලාවක් බිහි ව ඇති අතර එය වෙබ් අඩවිකරණයක් නොව “පාදඩකරණයක්” සේ අපි දකිමු. විශේෂයෙන් ම “ග්‍රාහක පිවිසුම් අනුව මුදල් ගෙවන ගූගල් ඇඩ්සෙන්ස්” (Pay Through Clicks – Google Adsense Revenues) වැනි ක්‍රමෝපායයන් නිසාම වෙබ් අඩවිකරණයේ සියළු ගුණාත්මකභාවයන් කෙළෙසමින් මෙරට වෙබ් අඩවිකරණය තුලට මෙරට පහත්ම අධ්‍යාපන මට්ටමේ පිරිසක් ඇතුළු වී සිටිති. ඒ ඉක්මණින් ප්‍රමෝට් වී මුදල් සොයා ගැනීමට මිස ග්‍රාහකයා වෙනුවෙන් ගුණාත්මක යමක් කිරීමට නොවේ. මේ සියල්ලෝ ම “ලංකාවෙ එක අපි” ය කියාගනිමින් මෙරට සිංහල භාෂාව කියවන පාඨකයාගේ බුද්ධියට කරනු ලබන හානිය ද සුළු පටු නොවේ. විශේෂයෙන් ම, ඒ ඒ වෙබ් අඩවි අතරේ ම දැන්වීම් හුවමාරු කරගන්න මොවුන් විසින් නිරතුරු හුවා දක්වන්නේ, “විකෘති ලිංගිකත්වයත්, ප්‍රචණ්ඩත්වයත් සහ වැදගැම්මකට නැත්තා වූ ඕපාදූපත්” පමණි. අනෙක් කරුණ වන්නේ, මෙම වෙබ් අඩවි බොහෝමයක ම “තමන්ගේ කියා දෙයක්” නැති වීම යි. එනම් ඇත්තේ, කොහෙන් හෝ හොයා ගත් යූ ටියුබ් (Youtube) වීඩියෝවකි. එසේත් නැතහොත් මෙරට ලාබාල තරුණ තරුණියන්ගේ “ෆේස්බුක්” (Facebook) ගිණුම් වලින් සොරා ගන්නා ලද පුද්ගලික ඡායාරූප ගොන්නකි.
මේ නම් තාරුණ්‍යයේ නිර්මාණශීලීත්වය හෝ දක්ෂතාවය නොවේ.. හික්මීමක්, ලජ්ජාවක් හෝ බුද්ධියක් නොමැත්තවුන්ට තාක්ෂණය හිමි වීමේ විපාකයෝ ම වෙත්. හරිහැටි අධ්‍යාපනයක් නොලැබීමේ වරද ය.. එය අවබෝධකොට ගෙන සිටිය යුතු වන්නේ බුද්ධිමත් පාඨක ඔබ යි.
පසු සටහන:
ශ්‍රී ලංකාව තුල වෙබ් අඩවි වල අන්තර්ගතයයන් පරීක්ෂා කිරීමේ බලය ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යංශයට බව කියැවේ. මේ පිළිබඳව කල විමසීමකදී, ජනමාධ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසුවේ, තවමත් ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධව කිසිදු නීති රීති මාලාවක් පිළියෙල කොට නැති බවත්, ඉදිරියේ දී ඒ පිළිබඳව විමසා බැලෙන බවත් ය.
කෙසේ නමුත්, හුදු මූල්‍යමය වාසි හා වෙනත් මන්දමානසික අවශ්‍යතාවන් සඳහා ලිංගිකත්වය හා ප්‍රචණ්ඩත්වය “මාර්කට්” කරමින් හතු පිපෙන්නාසේ බිහිවෙන තුට්ටුවක් නොවටිනා වෙබ් අඩවි පිළිලයක් සේ ඔඩු දුවන්නට පළමු යම් කිසි නීති රීති මාලාවක් ක්‍රියාත්මක විය යුතු බව අපගේ හැඟීමයි.
http://lankacnews.com/sinhala/

Last edited:
danuth ekek thread ekak daaala eyage pics thiyenaaa amuthuma kaaalakanni haththak bung inne

මෙ වෙලව ඒකට හොද වෙලව නෙවෙ...මනුස්සකම ගැනත් හිතන්න ඔනි නෙ???