Bhora to srilanka…….

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉන්දියාවේ කොවිඩ් -19 වසංගතය සමනය වනතුරු ‘ඩාවුඩ් බෝරා ප්‍රජාවේ’ ආධ්‍යාත්මික ආචාර්ය සයිඩ්නා මෆාඩාල් සයිෆුඩීන් ඇතුළු අනුගාමිකයන් හතළිස් පස්දෙනකුට මෙරටට පැමිණ රැඳී සිටීම සඳහා අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකාව අනුමැතිය ලබාදී තිබෙනවා.

    1567597147-President-attends-Bohra-Global-Conference-L.jpg


    ශ්‍රී ලංකා පාර්ශ්වය සමග මේ පිළිබඳව කරන ලද සාකච්ඡාවකින් අනතුරුව ඒ සඳහා එම පිරිසට විශේෂ ගුවන් යානයක් සූදානම් කර ඇති බවත් ඔවුන් අදාළ කාලයේදී ශ්‍රී ලංකාවේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ නවාතැන් ගැනීමේ සූදානමින් පසුවන බවත් පැවසෙනවා.

    ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ ‘‘බෝරා ප්‍රජාවේ ආධ්‍යාත්මික නායකයා සහ අනුගාමිකයන් හතළිස්පහක පිරිසක් ලංකාවට එන්න අවසර ඉල්ලා තියෙනවා. ඒ නායකයන්ට සලකන්නේ රටක නායකයෙක් විදිහට. ඔවුන්ගේ නිවාඩු නිකේතනයක් බණ්ඩාරවෙල තියෙනවා. එතනට එන්න අවසර ඉල්ලා තියෙනවා. අපි ඒකට අවසර ලබාදීල තිබෙනවා‘’ යනුවෙනුයි.

    unnamed-1.jpg


    මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ කොවිඩ් -19 වයිරසය වැළැක්වීම සම්බන්ධයෙන් රජයෙන් පනවා ඇති සියලු මාර්ගෝපදේශයන්ට අනුකූලව බවද අතිරේක ලේකම්වරයා සඳහන් කළා.

    ‘‘ඒගොල්ලෝ දැනට ඉන්නේ මුම්බායිවල. එහෙන් පිටත්වෙන්න පැය හතළිස් අටකට කලින් පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කරලා වාර්තාවක් ගන්න කියලා අපි ඔවුන්ට උපදෙසා ලබාදුන්නා. එතකොට අපි දන්නවා ඒ දවස් දෙක ඇතුළත ඔවුන්ට වයිරසය ආසාදනය වෙලා නැහැ කියලා. ඊට පස්සේ අපි කෙළින්ම ඔවුන්ව ඔවුන්ගේ නිරෝධායන මධ්‍යස්ථානයට (බණ්ඩාරවෙල) යවනවා. එතන ඔවුන් නිරෝධානය වෙන්නේ යුද්ධ හමුදාවේ අධීක්ෂණය යටතේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුව. නිවාඩු නිකේතනයක් කියල ඔවුන්ට කැමති විදිහට එතන ඉන්න බැහැ.

    z_p03-Bohra-1.jpg


    නිරෝධායන කාලය අවසන් වෙන්න කලින් නැවත වතාවක් ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකළ යුතුයි. ඒක අපි ඔවුන්ට සූදානම් කර දෙනවා. එතන කාර්යමණ්ඩලයටත් අපි උපදෙස් ලබාදීල තියෙනවා සියලුම ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතුයි කියලා. ඒ අනුව ඒ නිවාඩු නිකේතනයේ සේවක පිරිසක් පෞද්ගලික ආරක්ෂක උපකරණවලින් සැරසිලා තමයි අදාළ සේවා සපයන්නෙ’’
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,276
    1
    57,327
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙයාල කොහොමත් බණ්ඩාරවෙල, දියතලාව පැත්තෙ තමයි ආගම පතුරවන්නෙ. මේ නිකායෙ පල්ලි තියෙනව එහෙ. ඉබ්බව දියේ දැම්මම ඇන්නෑවේ කිව්වලු
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕන කුණු ගොඩක් සෝක් කියල රෙද්ද අස්සේ දාගන්න නම් මුන් දන්නවා නියමෙට..තම්බින්ට බැනල වැඩක් නෑ අපේ පාලකයො තමා මේ විදියට මුන්ව නලවන්නේ..
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බලු පූට්ටූවන් -
    ලංකාවේ අය ගෙන්න ගමු- හැක හැක හැක ගෙනල්ලා කොහේද තියන්නේ.

    ඩාවූඩ් බොරා උන් ගේනවා - අපේ සර් වැඩකරු ලංකාවේ නම මුළු ලොකේඅ රැව් දෙනවා යකෝ/
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මෙයාල කොහොමත් බණ්ඩාරවෙල, දියතලාව පැත්තෙ තමයි ආගම පතුරවන්නෙ. මේ නිකායෙ පල්ලි තියෙනව එහෙ. ඉබ්බව දියේ දැම්මම ඇන්නෑවේ කිව්වලු
    සිරාද බන්
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    බලපන් ඉතින් සිරි මාමි, රනිල් මාමි ඔහොම්මමයි...ගන්න තීරණ...😬😬😬
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,483
    124,423
    113
    දෙහිවල
    Head of Dawoodi Bohra Community arrives in Sri Lanka with 36-member entourage

    The head of the Dawoodi Bohra Community, His Holiness Dr Syedna Mufaddal Saifuddin TUS and his entourage of 36, arrived in Sri Lanka on Monday (16) on a special charter flight.

    The entourage was met with and escorted to Anasa Wellness Resort in Bandarawela by the Army and are now observing the mandatory 14 days quarantine there.

    His Holiness and entourage are reported to have undergone the required PCR tests 72 hours prior to their departure and immediately upon arrival in Sri Lanka.

    The Army is managing the Anasa Resort as a quarantine centre and the entourage are following all the stipulated health and safety protocols, stringently, in accordance with the Covid mitigation protocols set out by the Government of Sri Lanka.

    “As responsible members of society, the safety and well-being of society at large is our highest priority, and we remain committed to safeguarding that committal. We are extremely grateful to the Ministry of Foreign Affairs, the Sri Lanka Army and the Ministry of Health for facilitating this visit,” the Dawoodi Bohra Community said in a statement. (NewsWire)
     
    • Like
    Reactions: NRTG

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,727
    12,753
    113
    මේ නිවට නියාලු යහපාලන ආණ්ඩුව කාලේ සිද්දියක් නේද

    ඇයි ඕවා ආපහු අපහු උඩට අදින්නේ