Bike tranfer

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    යාලුවනේ මගේ bike එක transfer කරන්න හැදුවේ..කොහාටද යන්න ඕනේ

    මට මේකට ඕනේ document පැහැදිලිව කියන්නකෝ..

    තව මේකේ province එකත් මාරු කරන්න ඕනේ

    කියක් විතර යයිද?
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    mamama hoyagatta

    මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීමේදි අවශ්‍ය ලියවිලි මොනවාද?
    එම්.ටී.ඒ. 6 බී ආකෘතිය (පැවරුම් නිවේදනය)
    එම්.ටී.ඒ. 8 සී ආකෘතිය (අයදුම්පත)
    පැවරුම්කරු හෝ නව අයිතිකරු සී/ස සමාගමක් නම් එහි ආකෘති පත්‍ර වල තෙරපුම් මුද්‍රාව සහිතව අත්සන් කළ යුතුය. තෙරපුම් මුද්‍රාව නොමැති නම් ඒ බවට ආයතනයේ ලිපි ශීර්ෂයක ලියු ලිපියක් සහ සමාගම් ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
    පැවරුම්කරු හවුල් ව්‍යාපාරයක් නම් අනෙකුත් හවුල් කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශකරන ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
    පවරන්නා තනි පුද්ගල ව්‍යාපාරය්ක් නම් ඉහත පරිදි ව්‍යාපර හිමිකරුගේ ලිපිය සහ ව්‍යාපාර ලියාපදිංචි සහතිකය.
    අයදුම් කරන දිනට මාස 6 ක් තුළ ලබාගත් අඟල් 2.0 x 2.5 ප්‍රමාණයේ පැවරුම්ලාභියාගේ වර්ණ හෝ කළු සුදු උඩුකය ඡායාරුප දෙකක් (අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි,සාමදාන විනිශ්චයකාරවරයකු හෝ රජයේ මාණ්ඩලික සේවයේ නිලධාරියෙකු විසින් එක් ඡායාරූපයක පසුපිටුවේ සහතික කළ යුතුය. සාමාදාන විනිශ්චයකාරවරයාගේ ලියාපදිංචි අංකය මුද්‍රාවෙහි සටහන්ව තිබිය යුතුය.)
    පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
    පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය සහ එහි ඡායා පිටපතක්
    වාහනයේ ලියාපදිංචි සහතිකය
    උගසක්, පරම අයිතියක් හෝ බද්දක් ලියාපදිංචි වී ඇත්නම් එය අවලංගු කළ ලිපිය
    වාහනයේ හිමිකම පැවරීමට විරුද්ධත්වයක් නොමැති බවට පවරන්නාගේ ලිඛිත ප්‍රකාශයක්(වර්තමාන ලියාපදිංචි හිමිකරු) හා ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් (මෙම ප්‍රකාශය හා හැඳුනුම් පතෙහි ඡායා පිටපත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ ප්‍රදේශයේ සාම විනිසුරු/ දිවුරුම් කොමසාරිස්, නීතීඥවරයෙකු හෝ රජයේ මාණ්ඩලික නිලධාරියෙකු විසින් සනාථ කර අත්සන් කර නිල මුද්‍රාව තැබිය යුතුය.)
    ලියාපදිංචි අයිතිකරු (පැවරුම්කරු) අත්සන් කරන ලද MTA6 හි "A" පිටපත (මෙම පිටපත පැවරුම්කරු විසින් තැපැල් මඟින් එවා ඇත්නම් හෝ ගෙනැවිත් භාරදී ඇත්නම් අදාල නොවේ,)
    සුඛෝපබෝගි බදු ඇත්නම් ඒවා ගෙවු රිසිට්පත් වල මුල්පිටපත් සහ ඒවායේ ඡායා පිටපත්
    පැවරුම්ලාභියා කාන්තාවක් වන විට විවාහයෙන් පසු වෙනස් කළ නමක් සදහන් කරන්නේනම් විවාහ සහතිකයේ සහතික කරන ලද පිටපතක් අවශ්‍යවේ.