Bill Gates වයස 65 දී දික්කසාද වෙයි!

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් තමන්ගේ වසර 27ක විවාහ දිවියට ආයුබෝවන් කියමින් ප්‍රකාශයක් නිකුත්කර ඇත්තේ 'තමන් විශ්වාස කරන ආකාරයට තවදුරටත් තමන්ට යුවලක් ලෙස දිවිගෙවීම අපහසු බව' සඳහන් කරමින් ය. වසර ගණනාවක් පුරා ඉතා තදබල මිත්‍රශීලීත්වයෙන්, ආදරයෙන් සහ ඉතා දැඩි වෘත්තීය සබඳතාවයකින් කටයුතු කළ තමන්ට විවාහ දිවිය අවසන් කිරීමේ තීරණය ගැනීමට සිදුව ඇති බව ඔවුන් ප්‍රකාශ කර ඇත.



    1980 වසරේදී ප්‍රථම වරට බිල් ගේට්ස්හට මෙලින්ඩා හමුවෙන්නේ, ඇය බිල් ගේට්ස්ගේ Microsoft සමාගමට සම්බන්ධවීමත් සමග ය. බිල් සහ මෙලින්ඩා පවුලට දරුවන් තිදෙනෙක් වන අතර, ඔවුන් එක්වීම බිල්-මෙලින්ඩා පදනම ඉතා දිගු කාලයක් තිස්සේ පවත්වාගෙන යමින් ලොව රටවල් ගණනාවක සමාජයීය කටයුතු සිදුකරනු ලබයි.

    වර්තමානයේ පවතින කෝවිඩ්-19 වසංගත තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කිරීම උදෙසා එන්නත්කරණය වෙනුවෙන් බිල්-මෙලින්ඩා පදනම ඩොලර් බිලියන ගණනක මුදලක් වැය කරමින් සිටියි. ලොව ප්‍රකට ධනවතෙක් ලෙස කාලාන්තරයක් තිස්සේ ඉතා විශාල මුදලක් උපයන බිල් සහ මෙලින්ඩා එම පදනම ආරම්භ කරන ලද්දේද සිය සමාජයීය කටයුතු සාර්ථක කරගනු පිණිසය.

    ෆෝර්බ්ස් සඟරාවට අනුව මේ වනවිට ලොව හතරවැනි ධනවත්ම පුද්ගලයා ලෙස බිල් ගේට්ස් නම් කර ඇති අතර, ඔහුගේ වත්කම් ඩොලර් බිලියන 124 ඉක්මවන බව සඳහන් වේ. බිල් ගේට්ස් විසින් 1970 වර්ෂයේදී ආරම්භකරන ලද Microsoft සමාගම ඔහුගේ ප්‍රධානතම ආදායම් මාර්ගය වී තිබේ.

    ඔවුන් දෙදෙනාගේ විවාහ දිවිය කෙළවර කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ twitter ගිණුම්වල සටහන් තබා තිබිණි.

    " අවුරුදු 27 පුරාවට අපි ඉතා හොඳින් යුග දිවිය ගතකල අතර, අපි ඉතා විශිෂ්ට දරුවන් තිදෙනෙක්ට දෙමව්පියන් වූහ. එසේම අපි විසින් නිර්මාණය කරන ලද පදනම‍ ‍ලොවපුරා රටවල් ගණනාව ජනතාවට ඉමහත් උපකාර සිදුකර ඇත. අපි දෙදෙනා ඉදිරියටත් අපේ පදනම වෙනුවෙන් එක්ව කටයුතු කරන අතර, අපේ විශ්වාසය අනුව තවදුරටත් අඹු-සැමියන් ලෙස අපි ජීවත් නොවනු ඇත'

    1987 මෙලින්ඩා නිෂ්පාදන කළමණාකාරිණියක් ලෙස Microsoft සමාගමට එක්වූ අතර, ‍බිල් සහ මෙලින්ඩා රාත්‍රී සාදයක් අතරතුරදී එකිනෙකා හඳුනාගෙන තිබේ. පසුගිය සමයේ රූපවාහීනී සාකච්ඡා වලදි බිල් මෙන්ම මෙලින්ඩාද සිය විවාහ දිවියේ ඇති අඩුපාඩු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයදීම අදහස් දක්වා තිබිණි.

    1994 දී බිල් සහ මෙලින්ඩා විවාහ දිවියට එක්වූ අතර, එම විවාහය සිදුවූයේ හවායන් දූපත්වලදී ය. එම අවස්ථාව ඉතා සීමාසහිත පිරිසකට පමණක් විවෘත වූ අතර, විවාහය සිදුවන අවස්ථාවේ දී එම දූපතට ඉහළින් පුද්ගලික ගුවන්යානා ගමන් කිරීම පවා සීමාකර තිබිණි.

    පසුගිය වසරේ බිල් ගේට්ස් මයික්‍රොසොෆ්ට් සමාගමේ අධ්‍යක්ෂක ධූරයෙන් ඉවත්වූයේ තමන්ගේ සමාජයීය කටයුතු වඩාත් හොඳින් කරගැනීම වෙනුවෙන් ය.

    මුල් ලිපිය - https://www.colomboplus.com/2021/05/bill-gates-65.html
     
    • Like
    Reactions: hodakolla

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    adoo mma western country ekk lasnna paul jeewathayak gewnv hriyt dakka ekm sallikarayada koheda me...:dull:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    prenup sign karala nattan anathai bill gates ge worth eka baagayak wei overnight. jeff bezoz wath divorce kale. godak gaanu oya wage posath minissunwa divorce karanne marritial issues walatath wada minihage net worth eken baagayak thaman yatata aran sape inna
     
    • Like
    Reactions: Smartm

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ගෑනු වයසට යනකොට ඉතින් හති නැති ශක්තිමත් තරුණ අශ්වයො හොයනවා පදින්න. ලංකාවේ හොරෙන් වුනාට එහෙ වෙන්නෙ එලිපිට😋