Biodiversity of SriLanka - ශ්‍රි ලංකා නීලන්-මැසිමාරා/Dull-blue Flycatcher/Dusky-blue Flycatcher(Eumyias sordidus)

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඔබගේ ‍දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.

    කුරුලු නාමකරයෙ තියනව Old world, New World කියල 2ක්.
    එ කියන්නෙ අර සාමාන්‍ය විද්‍යාතමක වර්ගීකරනයට ගන්න ( කින්ග්ඩම්, පයිලම්, ඕඩර් අනන් මනන් නෙවෙ )
    වෙනම group 2ක්.

    එතන Old world කියල කියන්නෙ - species that are native to Asia, Africa, and Europe
    New World කියල කියන්නෙ - species who inhabit the Americas, as well as some islands in the Atlantic and Pacific oceans

    එතකොට එ Old world එකෙ flycatchers ගැන්සියට අයිති වෙන එකෙක් තමයි මේ Dull-blue Flycatcher.
    flycatchers - ස්නිකව පැනල, පියාබන මැස්සො, අල්ලගෙන කන කුරුල්ලො


    මේ පොර ලන්කාවට ආවෙණිකයි


    කදුකර කලාපීය වනාන්තර තුල දකීන්න පුලුවන්, Ex Horton Plains, Galway's etc







    15ක විතර පොඩි ඇගක් තියෙන්නෙ, සුදුවට හුරු බඩක් එක්ක, කලු/නිල් පාටක් ගන්නව.





    මේ පිටිපස්සෙ ඉන්නෙ වෙන ඩයල් එකක්,
    එයා ගැන වෙනම දානන්න්.


    මේ පොර ඔයාල දැකල ඇති, දන්නෙ නැතුව ඇති
    2010 කාලෙ ගහපු, රුපියල් 50 කොලෙ මෙයා ඉන්නව :D






    Conservation status

    Conservation status එක - Near Threatened
    තර්ජනයට ලක්වෙලා ඉන්නෙ


    ශ්‍රි ලංකාව ජෛව විවිධත්වයෙන් ඉතා ඉහල රටක්වන අතර ඉන් වැඩි ප්‍රමාණයක් එක දේශිය ජීවින්ගෙන් යුක්තවේ නමුත් වර්ථමානයේදි දිගින් දිගටම සිදු කෙරෙණ වන විනාශය හා සාමාන්‍ය ජනතාවගේ නොදැනුවත් බාවය මත මෙම ජිවින් විශාල වශයෙන් තර්ජනයට ලක්වෙමින් තිබේ සමාජයක් ව⁣ශයෙන් මෙම අපට අවේණික මෙන්ම ඉහල මට්ටමේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමට දැනුවත වීමත් සමාජය දැනුවත් කිරිමත් වගකීමක් බව සිහියේ තබාගනිමු..

    ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.
    Wildlife hotline - 1992



    Info -

    https://wildlifeofceylonphotography.blogspot.com/2024/07/dull-blue-flycatcher-dusky-blue.html
    https://ebird.org/species/dubfly3
    https://en.wikipedia.org/wiki/Dull-blue_flycatcher

    https://www.leftovercurrency.com/ex...kan-rupees-banknote-sri-lanka-dancers-series/

    by SoloRider @Galway's National Park, Nuwara Eliya June 2024


     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Tfs 👍

    කුරුල්ලෝ බලන එක හොඳ විනෝදාංශයක් තමයි නේ. පොඩ්ඩක් කැලේ වගේ තියෙනවා නම් observe කරන්න ලේසි හැබැයි. අනික පේන්නේ නැතුව සද්ද නොකර ඉන්න ඕන. සමහර උන් පොඩ්ඩ ඇත්තන් ඉගිලිලා යනවා.
    ------ Post added on Jul 20, 2024 at 5:39 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    කුරුල්ලන්ගේ ලින්ගික ජිවිතය අනතුරේ..
    උකන්න කලින් දැන් උන් වටේ බලන්න ඕන කැමරාවක් අරක්ගත් පොරක් වටේ ඉන්නවද කියලා.. 🫤☹️

    BTW, TFS !!
    Duck Hunt Laughing GIF
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,083
    113
    කුරුල්ලන්ගේ ලින්ගික ජිවිතය අනතුරේ..
    උකන්න කලින් දැන් උන් වටේ බලන්න ඕන කැමරාවක් අරක්ගත් පොරක් වටේ ඉන්නවද කියලා.. 🫤☹️

    BTW, TFS !!
    මනුස්සයෙක් නම් අවුලක් නෑ, ඔන්න බයික් හෙල්මට් එකක් දාපු හස්කියෙක් එහෙම දැක්කොත් තමයි කලබල වෙන්න ඕන. 😌
     

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    TFS :love2:
    මම පොඩිකාලෙ කුරුල්ලොන්ට කූඩු හදන්න තියපු පෙට්ටියක මේ වගෙ ජෝඩුවක් පදින්චි උනා, උන්ගෙ බඩ කහ පාටයි හැබැයි.