Biodiversity of SriLanka - හීන් තඹ සේරුවා/Lesser Whistling-duck (Dendrocygna javanica)

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔබගේ ‍දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.


    ස්‍රී ලන්කාව තුල සේරු වර්ග කිහිපයක් වාසය කරනවා.

    මග තඹ සේරුවා Fulvous Whistling-duck

    හීන් තඹ සේරුවා Lesser Whistling-duck
    මල් සේරුවා Cotton Pygmy-goose
    ගැඩ්වල් සේරුවා Gadwall
    යුරාසියා විජන සේරුවා Eurasian Wigeon
    මැලාර්ඩ් සේරුවා Mallard
    තිත්-හොට සේරුවා Spot-billed Duck
    උතුරු-සවල් සේරුවා Northern Shoveler
    උතුරු උල්පෙඳ සේරුවා Northern Pintail
    බැමසුදු සේරුවා Garganey
    පොදු සේරුවා Eurasian/Green-winged Teal
    රතු කුඩුම්බි-සේරුවා Red-crested Pochard

    මෙතනින් ශ්‍රී ලංකාවේ නේවාසික හෙවත් නිත්‍යවාසී සේරු විශේස දෙකෙන් විශාල මෙන්ම වඩාත් සුලභ විශේශය
    හීන් තඹ-සේරුවාය.









    උන්දැගෙ විස්තරෙ තියෙන්නෙ මෙහෙම

    මොවුන් සාමාන්‍යයෙන් රංචු වශයෙන් ජීවත්වන අතර වගුරුබිම්,වැව්,ජලාශ වැනි තෙත්බිම් ආශ්‍රිතව හමුවන්නෙකි.
    බොහෝවිට කුඩා කන්ඩායම් ලෙස හමු වූවත්,ඉතා විශාල රංචු ලෙස පවා හමුවේ.
    දහවල් කාලයේදී මෙන්ම රාත්‍රියේදීත් සක්‍රියව ගතකරන අතර ජලජ ශාක සහිත ස්ථානවල රැඳී සිටීමේ කැමැත්තක් තිබේ.

    ප්‍රජනන කාලයේදී එක්වන යගල් රංචුවෙන් ඉවත්වේ.ඔවුන් බොහෝ විට සෙමින් ගලායන හෝ නිශ්චල ජලය සහිත ස්ථාන ආශ්‍රිතව තිබෙන පන් සහ තෘන ගොමු අතරේ කැදලි තනයි.
    නමුත්,ඇතැම්විට ගස් බෙනවල පවා කැදැල්ල තනයි.එක් වරකට බිත්තර 12 දක්වා දමන අතර පක්ශීන් දෙදෙනාම බිත්තර රැකීමේ සිට පැටවුන්ට ආරක්ශාව ලබාදීම දක්වා සියලු කටයුතුවලට එක්වේ.
    පැටවුන් කුඩා කලදී කලු සහ සුදු ඉරි සහිත වේ.මෙය මොවුන්ට ජලජ ශාක අතරේ ඉතා හොඳින් වේශාන්තරනය වී සිටීමට උපකාරී වේ.


    උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ

    Conservation status එක - Least-concern


    ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.


    Info -


    https://www.facebook.com/profile.php?id=100063539043609

    https://worldbirdsblog.wordpress.com/lesser-whistling-duck-dendrocygna-javanica/
    https://thenatureadmirer.com/2017/04/11/fulvous-whistling-duck-dendrocygna-bicolor/
    https://www.birdsoflanka.com/grebes-goose-ducks
    https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_කුරුළු_නාමාවලිය
    https://en.wikipedia.org/wiki/Lesser_whistling_duck


    Disclaimer

    මට අලුත් හොබී එකක් අහු උනා මචන්ලා
    කරන්න දෙයක් නෑ, දැන් මොකෙක් හරි දැක්ක නන් පොටො ගැහුව
    මේකෙ දැම්ම

    කුරුල්ලො, සර්පයො, මලු , ගෙම්බො, මැක්කො ඕන එකෙක් ඉදිරියේ බලාපොරොත්තු වන්න
    අමරුවෙන් හරි බලපල්ලා :sorry:

    ------ Post added on Jan 28, 2024 at 4:30 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මුන්ගේ මස් පට්ට රසයි.
    කුකුල් මස් වලට වඩා රසයි.
    අපි මරන් කනවා.


    මොන කන්න නැති හිගන්නෙක්ද මේ 🤮
    ඇඩ්‍රස් එක දාපන් හාල් ටිකක් එවන්න


    photo eka gaththe kohedida ?


    Diyasaru Park :sorry:

    good post machn...facebook set weyan.okma life eka karagaththa set innawa


    :yes:

    හා අලුත් කැමරා එකක් අරං දැන් සත්තුන්ට privacy එකක් නැ මුගෙන්.
    පුදුම කරදර කාරයෙක්.

    දුර ඉදන් ගහන්නෙ යකො
    මුන්ගෙ රෙද්ද අස්සෙ රින්ගන්නෙ නෑ මම පොටො ගහන්න

    මස් වැද්දා
    ------ Post added on Jan 28, 2024 at 4:42 PM