BIRIYANI Hadamu !!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    fnbxcj.jpg


    මෙන්න මේ චිකන් බිරියානි එක තමයි අද හදන්න යන්නෙ!!
    ඒක කන්න මින්චි සම්බෝල, මික්ස් රයිතා සහ චිකන් ග්‍රේවී (හොද්ද) හදන හැටිත් කියලා දෙනවා!!


    මුලින්ම හදා ගන්න ඕනේ බිරියානි මසාලා පව්ඩර් එක.

    2cwtoi0.jpg


    1.කොත්ත මල්ලි
    2.සූදුරු
    3.මාදුරු
    4.වසාවාසි
    5.ගම්මිරිස්
    6.ස්ටාර් අනීස්
    7.කරදමුංගු
    8.කරාඹුනැටි
    9.කුරුදු
    10.බේ ලීෆ්
    ඊට අමතරව රතු මිරිස් කුඩු සහ කහ කුඩුත් ස්වල්පය බැගින් අවශ්‍ය වෙනවා!!

    මේ සියල්ල කබලේ යන්තම් බැද කුඩු කර ගන්න.

    මේ ඔක්කොම දාලා බිරියානි මසාලා එක හරියට ආවෙ නැත්තම් ඔක්කොම අප්සෙට්!!
    අනෙක ස්ටාර් අනීස් හොයන්න ගියාම පණ යනවා!!

    ඒ නිසා දැනට මාකට් එකේ තියන හොදම රෙඩිමේඩ් මසාලා එක පාවිච්චි කරමු!!


    n2bj9s.jpg



    මීළගට තියෙන්නෙ චිකන් ටික මැරිනේට් කරන එක!!

    අවශ්‍ය දුව්‍ය-

    චිකන් ඩ්‍රම්ස්ටික් හෝ තයිස් ග්‍රෑම්500 -750ක්
    Shan Bombay Biriyani Masala Powder paket 1/2
    ලුණු කුඩු තේ හැදි 1ක්
    මුදවපු කිරි මිලි ලිටර් 250ක්


    මුලින් චිකන් ඩ්‍රම්ස්ටික් හෝ තයිස් ගෙන රූපයේ විදියට කැපුම් යොදා ගන්න!!

    2csiaf9.jpg


    ඉන් පසු භාජනයකට දමා මසාලා සහ ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න. පසුව මුදවපු කිරි දමා මිශ්‍රකර ශීතකරණයේ පහල කොටසේ පැය 2ක් පමණ තබන්න.
    301ng1s.jpg


    මීලගට අවශ්‍ය දේවල්-
    fvinuu.jpg


    4.මිංචි කොළ
    5.කොත්තමල්ලි කොළ
    6.බී ලූනූ
    7.තක්කාලි
    8.අමු මිරිස්
    9.සුදු ලූනූ
    10.ඉගුරු


    සියල්ල පහත රූපයේ ආකාරයට කපා ගන්න.
    30cr9zc.jpg



    aeumno.jpg


    භාජනයක් ලිපේ තබා තෙල් ටිකක් දාගන්න.


    2ykgx05.jpg


    කැපූ ලූණූ ටික දමා රන්වන් පාට වන තුරු බැද ගන්න.

    rancsp.jpg


    දන් සිහින්ව කපා ගත් ඉගුරු සුදුලූනු එක්කර බැදගන්න.

    jtkvt5.jpg


    දැන් මැරිනේට් කරගත් චිකන් එක්කරන්න.

    2j0bfxe.jpg


    අමතර 2.කුරුදු 3.කරාඹුනැටි 4.ස්ටාර් අනීස් 5.බේ ලීෆ් 6.වසාවාසි 7.කරදමුංගු ටිකක් එක්කරන්න.

    fef6e9.jpg


    පසුව කැපූ තක්කාලි හා අමු මිරිස් දමන්න.


    33ccfis.jpg

    දැන් කොත්තමල්ලි හා මිංචි කොළ එක්කරන්න.


    පියනකින් වසා මද ගින්නෙන් සෙමින් පිසින්න
    348giec.jpg
    .


    2sb1fn5.jpg%20-13

    මී ළගට බාස්මතී හාල් හුණ්ඩු 2 1/2ක් (ග්‍රූම් 500ක්) පමණ අරගෙන සෝදා විනාඩි 15ක් පෙගෙන්න තියන්න. ඉන්පසු රයිස් කුකර් හෝ සාස්පානක දමා සහල් ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් වතුර දමන්න. තෙල් මේස හැන්දක් හා රම්පෙ කෑල්ලක් දමා බත බෙරි නොවී පිසගන්න.

    4kda2b.jpg


    බත් ඇට එකිනෙක වෙන්වන සේ හොදින් කූරුගාගන්න.බත හොදටම තැම්බී නැතිවුනාට කමක් නෑ!!

    10415s6.jpg


    දැන් තවමත් ඉදෙමින් පවතින චිකන් එක උඩට දමන්න.

    10fnz1c.jpg


    පසුව Egg Yellow Colouring බින්දු 4-5ක් ගෙන වතුර මේස හැදි 2-3ක දිය කර රවුමට වත්කර, පියන වසා ඉතා අඩු ගින්දරේ
    විනාඩි 5-10ක් තබන්න.

    i753k3.jpg


    පසුව බත් ඇට නොකැඩෙන සේ හෙමින් බත පෙරලන්න. ඉඩ ඇති භාජනයකට දමා ගත්තොත් වඩා හොදයි!!

    jhvjhk.jpg

    දැන් බිරියානි / බුරියානි ලෑස්තියි!!:):)

    Many More Recipes - Go to the link below-

    http://www.elakiri.com/forum/showthread.php?t=1145383
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    Wow !! Awesome !! Mang biriyani hadala thiyenawa. eth oya masala powder scene eka thamai epa une.. dan kadey ehema ganna tyenawa kiyala danna eka loku deyak.. mata nam saahenda watinawa. thanks alot !! thawath mei wage recepies daanna.. puluwan nam daala mata link eka denna. thanks !! Appreciate alot !!