මම නම් කරන්නෙ සරල රෙසිපියකින්
මිරිස් තුනපහ ටික බැද ගන්නවා, ටිකක් කලු වෙන්න, බැදිලා වැඩි උනොත් තිත්ත රහක් එනවා ඒක නිසා ගනට බැදගන්න
ඉඟුරු සුදුළූණු ටික කොටා ගන්නවා
අර බැදපු තුනපහ ටිකයි සෝයා සෝස් ටිකකුයි, ගම්මිරිසුයි, ලුණුයි පෝක් ටිකට දාල හොඳට අතගාල පැය බාගයක් විතර තියනවා
පස්සෙ බාජනේට තෙල් පොඩ්ඩක් දාල රත් වෙනකොට කොටපු ඉඟුරු සුදුළූනු ටික තෙලට දාල ඒක බැදෙනකොට අර පෝක් ටික දාල විනාඩි දෙක තුනක් කලවම් කරලා, පෝක් ටික වැහෙන්න වතුර දාල හිඳෙනකන් උයා ගන්නවා
එනසල්, කරාබුනැටි, කුරුඳු, ළූණූ, කරපිංචා දානව අර වතුර දාන වෙලාවට, පොඩි ගොරක කෑල්ලකුත් දානවා
සැරට ඕන නම් පෙට්ටි මිරිස් කරලකුත් කපලා දානවා