Bliss හෙවත් Windows XP වල තියෙන “ ලුනා “ Desktop Wall paper යේ මේ කතාව දන්නව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Bliss හෙවත් Windows XP වල තියෙන “ ලුනා “ Desktop Wall paper යේ මේ කතාව දන්නව

    දැකලා තියෙනවා නේද මේ පින්තුරය??

    4401-1.jpg



    ම්..ම්..කොහේද? මතක් වුනා නේද?
    මොකද ඉතින් වින්ඩෝස් XP පාවිච්චි නොකරපු කෙනෙක් ඉන්න බෑනේ නේද?

    අද කියන්න යන්නේ XP වල තියෙන “ ලුනා “ නමින් හදුන්වන
    (Desktop Wall paper )ඩෙක්ස් ටොප් වෝල් පේපර් එක ගැන..

    කට්ටිය මොකද කියන්නේ මේක හදපු පින්තුරයක්ද?
    නැතිනම් කැමරාවකින් ගත්ත පින්තුරයක්ද?

    මේක ඇත්තටම ගත්ත පින්තුරයක්...
    මේ ඒ මම ඔබ අපි බොහෝ දෙනා නොදන්න පැත්තයි.
    තොරතුරු විකිපිඩියාවෙන් හා අන්තර්ජාලයෙන් තමා සොයාගත්තේ...

    වෘත්තිය ජයාරෑප ශිල්පියකු වන චාල්ස් ඕ රියර් තමා අපි මේ දකින පින්තුරය අරගෙන තියෙන්නේ

    4402-2.jpg


    ඒ 1996 දි ඇමරිකාවේ කැලිෆොනියාවේ, සොනාමා ගමේ ගිණීකොන පැත්තේ තියෙන නාපා නිම්නයේ පරණ ක්ලෝවර් ස්ටෝනේටා සමාගමේ ගොවිපල අසල...
    ඒත් චාල්ස් ඕ රියර් ගේ නම් පින්තුරයක් හොයාගන්න පුළුවන් වුනේ නෑ..

    මේ Bit map වර්ගයේ පින්තුරය XP වලදි ලුනා විදියට හැදින්වුවත් මේ පින්තුරය නම් කරලා තියෙන්නේ Bliss හෙවත් සර්ව සම්පුර්ණ සතුට යන්නයි.

    4404-3.jpg


    ඇමරිකානු ජාතිකයකු වන චාල්ස් ඕ රියර් ශාන්ත හෙලේනා හි පදිංචි අතර හයිටර්න් නැමති ඩිජිටල් සමාගම යටතේ රාජකාරි කටයුතු කරයි.1978 සිට National Geography Magazine සගරාවේ අවුරුදු 25 ට වැඩි කාලයක් වැඩ කර ඇති අතර එහිදි මිදි වගාවන් තම කාචයට හසු කර ගැනීම ඔහුගේ රාජකාරිය වු අතර 1996 මිදි වගා නොකල ස්ථානයකදි මෙම ජයාරෑපය ඔහු විසින් ගෙන ඇත. බ්ල් ගේට්ස් සතුව ඇති Stock photography ආයතනයේද කටයුතු කර ඇත.

    අද වන විට මිදි හා වයින් සඳහා වන පොත් 07ට පමණ ජයාරූප සපයා ඇත

    4405-4.jpg


    2006 නොවැම්බර් මාසයේදී Goldin හා tsemneby සමාගම නැවතත් මෙම ජයාරෑපය ගත් ප්‍රදේශය නරඹා එම ස්ථානය වසර 10 පසු ව ජයාරෑප ගත කරන ලදි.
    මේ තියෙන්නේ ඒ ජයාරෑපය.. මොකද හිතෙන්නේ?

    4406-5.jpg



    මිදි වගාවට හසුව තිබු එම ප්‍රදේශය ඇතුලත් වු එය 2007 වසරේ ප්‍රංශයේ La vitrine ශාලාවේ පැවති “Paris was Yesterday” ප්‍රදර්ශණයේ දී පලමු වරට එලි දක්වන ලදි.



    2001 දි ඔහුගේ මේ ජයාරෑපය යොදා ගනිමින් මයිකොසොෆ්ට් සමාගම හා වෙලද ප්‍රචාර ආයතනයක් වන මැකේන් එරික්සන් සමාගම එකතුව ඩො.මි.200 ඉතා විශාල වෙලද ප්‍රචාරයක් ගෙන ගියේ තව තවත් අය ජයාරෑප ගත කිරීම් සඳහා උනන්දු කිරිමට වු අතර එයYes you Can ලෙස නම් කර තිබුනි.

    කොහෝම වුනත් පින්තුරය ගිය දුර කොහෝමද නේද?



    ගත්තෙ මෙතනින්
     
    Last edited:

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අදමයි නේ මචන් මේවා දන්නේ..
    ගොඩක් ස්තුතියි මචන්..
    මේක සිරා එකක් නේමෙයි කියලා මම හිතුවේ..
    අයෙත් මේ වගේ දෙයක් හොයාගෙන වරෙන්
    :):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අදමයි නේ මචන් මේවා දන්නේ..
    ගොඩක් ස්තුතියි මචන්..
    මේක සිරා එකක් නේමෙයි කියලා මම හිතුවේ..
    අයෙත් මේ වගේ දෙයක් හොයාගෙන වරෙන්
    :):)
    අහුවුනොත් අනිවා එළකිරි දානවා මචෝ....

    අවුලක් නෑ මචෝ... නොදැක්ක අයත් ඇති නේ.. :):)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අලුත් දෙයක් ,දැන ගෙන හිටියේ නැ මිත්‍රයා,ස්තුති අපිත් එක්ක බෙදාගත්තාට,එළකිරියේ චාමික ඩබ්ලිව් පි ටත් ස්තුති 3+++