Blog සහ Website කරන කට්ටියට සුභ ආරංචියක්....!

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Blog සහ Website කරන කට්ටියට සුභ ආරංචියක්....!

    ගොඩක් සාමාජිකයෝ තමන්ගේම blog එකක් කරගෙන යනවනේ, ඒත් blogger වල නවතම දේවල් යොදාගන්නේ නෑ..

    මම හිතුවා ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත්වන දෙයක් හඳුන්වාදෙන්න.

    wibia tool bar

    5jw8bo.jpg


    මේක අපිට අපේ adsence වලට වගේම facebook, twitter, yahoo වගේ community වල ප්‍රචාරයටද උදව්කරනවා.

    කට්ටිය දැකලා ඇති සමහර blog වල පහතින් තියෙන bar එක. අපේ එළකිරි එකෙත් තියෙන්නේ toolbar එකක් තමයි.

    මුලින්ම
    Code:
    http://www.wibiya.com
    එකට ගිහින් රෙජිස්ටර් වෙන්න, ඔබට e-mail මඟින් තහවුරු කිරීමේ පණිවිඩයක් ලැබෙයි.

    පසුව අවශ්‍ය විස්තරලබාදී ඔබගේ bolg එකේ Page Elements වලට මෙමඟින් ලබාදෙන JAVA code එක ඇතුලත් කරන්න.

    දැන් wibia toobar එක ඔබේ blog එකට ඇතුල්වී අවසානයි.

    දැන් බලමු එහි පහසුකම්,

    මූලිකව එහි විවිධ උපාංග 43ක් සපයා තිබෙනවා අපට භාවිතයට. එයින් වඩාත් වැදගත් වන කිහිපයක් මම මෙහි හඳුන්වන්නම්.


    Twitter Dashboard►

    අමුත්තාට මෙයින් twitter වලට ලොග්නොවී ඔබගේ වෙබ් අඩවියේම සිටිමින් සියලුම twitter ක්‍රියාකාරකම් කළහැක.


    Facebook Fan Page►

    අමුත්තාව ඔබගේ වෙබ් අඩවියේ Fan Page එක වෙත ගමන්කරවයි.

    2wd581u.jpg



    Social Connect►

    අමුත්තාව ඔහුට අදාල සමාජීය වෙබ් අඩවියක් හරහා ඔබගේ වෙබ් අඩවියට සම්බන්ද කරවයි.


    Social Chat►

    වඩාත් නවතම ක්‍රමයකි. ඔබගේ වෙබ් අඩවියේ සිටින අමුත්තන්ට එකිනෙකාඅතර අදහස් හුවමාරුවට ඔබ අඩවියේ සිටිමින් chat කළහැකි උපක්‍රමයකි. මෙයට ඔවුන් යම් සමාජීය වෙබ් අඩවියක් හරහා සම්බන්දවී සිටිය යුතුය.

    28hmxpf.jpg



    Stats►

    මෙහිදී වෙබ් අඩවියේ දත්ත විශ්ලේෂනය කළහැක. අමුත්තන් ප්‍රමාණය, පැමිණිවේලාවන්, පැමිණි රටවල් යනාදිය.

    51eoih.jpg


    241t2jc.jpg


    තවත් බොහෝදේ අඩංගුය, ඔබම ඔබට අවශ්‍ය ගැලපෙන දේ තෝරාගෙන ඔබගේ වෙබ් අඩවිය, බ්ලොග් එක සාර්ථක කරගන්න.


     
    Last edited: