Blood needed for hospitals!

LiquorHelp

Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    ජාතික රුධිර පාරවිලයන සේවාවට රුධිර පරිත්‍යාගයන් අඩු වෙමින් පවතිතැයි පැවැසේ.

    පවතින තත්ත්වය යටතේ ලේ දන්දීමේ කඳවුරු පැවැත්වීමට නොහැකි විමත් සමඟ මෙසේ රුධිර හිඟයක් මතුවී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

    මේ තත්ත්වය නිසා හදිසි සැත්කම්, තැලසීමියා රෝගීන්, පිළිකා රෝගීන් ආදී හදිසි අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ලේ සපයා ගැනීමට යළි රුධිර පරිත්‍යාගශීලීන් අවශ්‍ය වී ඇතැයි ද එම නිලධාරියා ප්‍රකාශ කළේය.

    කොරෝනා වයිරසය පැතිර යාමෙන් ලේ දන්දීමේ කඳවුරු පැවැත්විය නොහැකි බැවින් හැකියාවක් ඇති අය ලේ බැංකුව අමතා වේලාවක් වෙන් කරගෙන ලේ දන්දීමට පැමිණෙන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.

    එසේ දුරකතන ඇමතුමක් දෙන අය ළඟම ඇති රුධිර පාරවිලයන මධයස්ථානයට යොමු කරන බවත් ඔවුන්ට එහි පැමිණීමට වේලාවක් වෙන් කරන බවත් හෙතෙම කියාසිටියේය.

    එසේ ඇමතුමක් නොදී පැමිණියත් ලේ දන්දිය හැකි නමුත් එක් අයෙක් හෝ දෙදෙනෙක් හැර ඊට වඩා පිරිසක් එහි නොපැමිණෙන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.

    එමෙන්ම ඉකුත් මාසයක කාලයක් ඇතුළත උණ කැස්ස හුස්ම ගැනීමේ අපහසුතා පැවැතියේ නම් හෝ තවමත් පවතින්නේ නම් හෝ පසුගිය මාසයක කාලයක් ඇතුලත විදේශයක සිට පැමිණියේ නම් ලේ දන්දීමට නොපැමිණෙන්නැයි ද හෙතෙම ඉල්ලා සිටියේය.

    එසේ විදේශගත වී සිට පැමිණි පුද්ගලයකු නිවසේ සිටී නම් හෝ එවැන්නෙක් සමඟ සමීප සබඳතා පැවැත්වී නම් හෝ එයද ලේ දන්දිමට නුසුදුසුකමක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

    මේ වනවිටත් උණ කැස්ස හෝ හුස්ම ගැනීමේ අපහසුතා ඇති සාමාජිකයකු පවුලේ සිටි නම් එවැනි අය ද ලේ දන්දීම සඳහා නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින බව එම නිලධාරියා තවදුරටත් කියා සිටියේය.
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43

    කතාව ඇත්ත. රාගම ලේ බැංකුවට කතා කලා.
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    their best option is to contact forces and carryout blood drive in big camps and bases. all camps and bases access have been restricted for a while now, and the ppl working in them are like quarantined for the last week or so. so no risk as well.

    they will be able to get the maximum collection with very less effort.