යකෝ මේකේ පාර්ශව දෙකයි ඉන්නෙ.. උබේ උපුටනය පරිදි, දෙමස්වියැති කිරි බිලිඳුන් හා අමතර පන්තියකට සහභාගී වූ දරුවකු ඇති වූද එකී කිරිබිලිඳුන් යම් අයෙකු ලඟ ආරක්ශාව සඳහා රඳවා තැබීමට අයෙකු සොයා ගැනීමට අපොහොසත්වූද, "බයි පෝලා" වැනි මානසික රෝගයකින් පෙලෙනු ඇතැයි දුටු පමනින් හඳුනා ගත හැකි වූද, රටේ පිලිගත් තැනක උගන්නන්නාවූද, උගත් වූද, යම් සන්නි රෝග තත්වයකින් පෙලෙන්නාවූද, ඔබගේ අනුකම්පාව මත තවරන ලද තවත් හුනු පිරියන්ගෙන් සමන්විත වූ අඟන හෙවත් මාගේ වචන වලින්, සල්ලි හයිකාරකම් බලයෙන් මානුශීයත්වයේ ආගාධයට බට, රටේ නීතිය හෙල්මට්ටුවක් තුල හොවා බී ඇම් ඩ්බ්ලිව් රතයකින් සිරකිරීමට තැත් කලා වූද සසර මග තතවත් දික් ගස්ස ගන්නා වූ අනුවන ගැහැනිය සහ සිය රාජකාරිය ඉටුකරනු පිනිස සැදී පැහැදී සිටින රාජකාරි මට්ටමින් එහා පෞද්ගලික ස්තරයටම බැනුම් අසන ඉවසිලිවන්ත පොලිස් නිලධරයන් දෙදෙනා එකී පාර්ශවයන් වේ. ඔබට අනුව ගැහැනිය වැරදිනම් , මාර්ග නීතිය නියෝජනය කරන පොලිස්කරුවන් දෙදෙනා නිවැරදි විය යුතුය.. එසේම මෙම උපුටනයේ හිමිකරුවන්ගේ යටි අරමුන කිරිබිලිඳෙකුගේ හා මවකගේ ස්නේහය තවරමින් රටේ නීතිය හා එය ක්‍රියාත්මක කරවන්නන් වැරදිකරුවන් කිරීමේ ක්‍රියාවක්දැයි සැලකිය යුත්තකි..