අර මර්වියා කියන්න වගේ මූ වගේ මෝඩ මුසලයෙක්. ඒකාධිකාරය බිඳ දැමීමට booking.com වෙනුවට වෙන විකල්ප හොයනවලු. සංචාරකයින් වෙනත් විකල්ප වලට කවදාවත් යන්නේ නැහැ. ඒ වගේම මුළු ලෝකෙම පාවිච්චි කරන්නේ booking.com . ඒවගේම Agoda.com පවා දැන් අයත් වෙන්නේ booking.com එකට.
booking.com එකට කෙලින්න හදනවා කියන්නේ සියතින් ගෙල සිඳ ගන්නවා වගේ වැඩක්. අනෙක විජිත කරන්න පුළුවන් වැඩක් කියපන්. booking.com වගේ දැවැන්ත platform එකකට challenge කරන්න බැහැ.
පහුගිය කාලේ එක සුද්දෙක් නැතිව හිටියා . දැන් සුද්දෝ එනකොට වැඩ බැරි ජෙප්පන්ගේ පඩ ෂෝ ඔෆ්. රෙන්න පුකේ ගූ නැහැ. ඒ උනාට තවුසන්ඩ් ටෝක්ස්.
හදිසියෙවත් booking.com එකෙන් ගේම ඉල්ලලා උන් නිකමට හරි මාසෙකට දෙකකට ලංකාව බෑන් කලොත් අබ සරණයි. ඩොලර් පුකෙන් යන්නේ. අනෙක මොකටද booking.com එකෙන් බදු අයකරන්නේ. උන් ලංකාවට ගෙනවිත් දෙන සල්ලි මදිද. යකෝ ගොඩක් රටවල් ගොඩ ගිහින් ඉන්නේ booking.com හින්දා. තායිලන්තේ වගේ රටවල් booking.com එකට මාර ගරුත්වයක් තියෙන්නේ.
මුන්ට ටෝක්ස් දෙන්නේ අවශ්‍ය දේට නොවෙයි අනවශ්‍ය දේට. අපේ ටර්ගේට් එක සචාරකයෝ මිලියන 30 මේ අව්රුද්දෙ ගෙන්වන එක නම් එකට කරන්න ඕන දේවල් හුගක් තියනවා,. උදහරයක් හරියට - Taxi mafia එක නැතිකරලා Uber , PickMe වගේ app use කිරීම ප්‍රවර්ධනය කීරීම. සංචාරකයින්ගේ ආරක්ෂාව තර කිරිම. සංචාරක Scams වලක්වාලීම.
ඒවගේම හොඳ ප්‍රවාහන සේවයක් ලබා දෙන එක. කටුනායක ගුවන් තොටුපොළේ ඉඳල ගාල්ල මාතර , මහ නුවර , නුවර එලිය , සීගිරිය , ත්‍රීකුනාමලය , නිලාවේලි දක්වා හොඳ සුඛෝපභෝගී බස්රථ ප්‍රවාහන සේවයක් පටන් ගැනීම.
කටුනායක ගුවන්තොටුපලේ පහසුකම් වැඩි කිරීම. ඒවගේම ලංකාවට පැමිණෙන්නේ නැති ගුවන් සේවා ගෙන්වා ගැනීමට කටයුතු කිරීම. උදාහරණයක් ලෙස American Airlines, Delta Airline. Japan Airlines වගේ ඒවා තවම ලංකාවට එන්නේ නැහැ..
ඒ වගේම රජයේ වියදමින් විදේශීය රටවල අපේ රට ගැන ඇඩ්ස් දාන එක. ඒවගේම ගුගල් ඇඩ්ස් සඳහා මිලියන ගණනක් වියදම් කරලා ලංකාවේ සංචාරය කිරීමට උද්යෝග කිරීම.
උණවටුන වගේ සචාරක කලාපයන්ට දවසක් ඇර දවසක් තවම වතුර දෙන්නේ මණ්ඩලෙන් . මාසෙට දවස් දෙක තුනක් විතර power cut. ඒ power outage යන්නෙත් උදේ 9 ඉඳල සවස 5 දක්වා වගේ.
මෙහෙම ගියොත් ඝෝඨාභය ගේ කාබනික පොහොර 2 වගේ වෙයි ළඟදීම.
---------------------------------------------------------------------------------
News එක
සංචාරක සංවර්ධන අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට සංචාරය කරන සංචාරකයින් සඳහා හෝටල් කාමර වෙන් කිරීම මාර්ගගත ක්‍රමයට සිදු කරන ආයතන පිළිබඳ ඒකාධිකාරය බිඳ දැමීමට නව ආයතන ඇති කිරීමට පියවර ගන්නා බවයි.
දැනට ක්‍රියාත්මක වන බුකින් ඩොට් කොම් (booking.com) ආයතනය ඒකාධිකාරයක් පවත්වාගෙන යන බවත්,
එම ආයතනය රටෙන් විශාල ලාභයක් රැගෙන යන බවත්, සුදුසු බදු මුදල් ගෙවීම සිදු නොකරන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අපි දැන් වෙනත් ආයතන සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති අතර, ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ශ්‍රී ලාංකික කණ්ඩායමක් විසින් නව ඔන්ලයින් හෝටල් වෙන් කිරීමේ වේදිකාවක් ද ආරම්භ කර ඇති බව" අමාත්‍යවරයා පැවසීය.
ගෝලීය වශයෙන් බලන කල බුකින් ඩොට් කොම් සැබවින්ම ඒකාධිකාරයක් දරන බවත්, යුරෝපීය අධිකරණයේද මෙම ආයතනයේ ඒකාධිකාරය පිළිබඳව නඩු පැවරී ඇති බවත් විශ්ලේෂණාත්මකව සඳහන් විය.
කෙසේ වෙතත්, අන්තර්ජාලයේ ජනප්‍රිය ගෝලීය වේදිකාවලට ශ්‍රී ලංකාවෙන් විකල්ප සැපයීම ප්‍රායෝගිකව අභියෝගාත්මක කාර්යයක් බව ද නිරීක්ෂකයන් පෙන්වා දෙයි. මන්ද, සංචාරකයන් දැනටමත් හුරුපුරුදු සහ ලොව පුරා ලියාපදිංචි කර ඇති සේවා සපයන්නන් විශාල සංඛ්‍යාවක් සහිත වේදිකා තෝරා ගැනීමට වැඩි නැඹුරුවක් දක්වන බැවිනි.
Last edited: