Booking.com සමග සියදිවි තොර කරගැනීම.

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Tax ගෙවන්න ඕනේ නැද්ද?
    Tax karanna oney
    Habei billion dollar giant kenek ekka gema illanna bah game baiyo wagey
    Unge net worth eka 150B lankawe gdp eka wage close to two times.
    Anith eka tax gewanna bah kiyala mun lankawen giyoth market share eken 80% witara thiyana priceline group ekakama thama yanne
    Ahema unoth anathajeppo.com kiyala OTA ekak daa ganna thama wenne 😅

    Sure ekata vijithata katha liyala dena eka uuth ekka tharahak thiyanawa nathnam ochchara gon kathawak liyala denne nah
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අනේ උට්ටෝ ඌ කියන්නේ booking.com එක ලංකවේ සල්ලි සෑහෙන්න අරන් යනවා කිසිම tax එකක් නැතිව අර uber, එකත් එහෙමනේ........ ඉතින් ඒකට වෙන රටවල් වලත් උසාවි වලින් කේස් දලා තියනවා.... උබට ඕකට ගෙව්වේ නෑ නේද booking.com 😂😂


    කද මෙහේ උනාට බිත්තරේ යන්නේ ඒරොප්පෙට සීන් එකක් තියෙන්නේ..
    ------ Post added on Mar 20, 2025 at 12:36 PM
    මචං වාඩි වෙද්දි හයියෙන් වාඩි වෙන්න එපා
    මොලෙට හානි වෙන්න පුළුවන්
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,765
    8,992
    113
    ulan bator
    මෙ ලන්න දෙන්න ඇත්තෙ ගොටාට ලයිට් රෙල් එක හදන්න එපා එ වෙනුවට හයි වෙ හදමු කියපු එකා වෙන්න ඔන!

    එ වගෙම අර ඔසී කොම් එකෙන් හොද ගානක් ලොන්ඩර් කරගන්න පුලුවන් බවක් පෙනවා! බල්ලෙක් වත් යුස් නොකරත් ආදායම් පෙන්නල සල්ලි ක්ලීන් කරන්න පුලුවන් හොදට!
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    booking.com එක ගැන විජිත හේරත් ඇමතිතුමා කරපු කථාවක් සමාජ මාධ්‍යෙය් වැරදි අර්ථකථන එක්ක හැලහැප්පෙනවා දුටිමි. booking.com වැනි වෙන්කරවාගැනීමේ පහසුකම් සහිතව අන්තර්ජාලයේ තවත් වැඩසටහන් දක්නට ලැබේ.

    හෝටල කාමර වෙන්කරවා ගැනීමේ සිට ගුවන්ගමන් ටිකට්පත් වෙන්කරවා ගැනීම දක්වා මෙහි අන්තර්ගතය. විවිධ රටවලට විවිධ පහසුකම් සැලසෙන අතර ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල්වලට පහසුකම් සීමා කර ඇත.

    පාරිභෝගකයෙකු ලෙස මා හෝටල කාමර වෙන්කරවා ගැනීමක් සිදුකිරීමේදී, booking.com තුලින් රුපියල් 3130.00කට රාත්‍රියකට කාමරයක මිල වෙන්කරවා ගත හැකිය. ඊට පහත පරිදි ටැක්ස් එකතුව අවසන් මිල ලෙස 3787.30ක් ගෙවිය යුතුය. මෙහිදී අය කරගනු ලබන රුපියල් 657.30ක බදු මුදල ලංකා ආණ්ඩුවට ගෙවනවාද නැද්ද යන්න දැන ගැනීමට නැත.

    1742533431110.png


    නමුත් අපට මෙම හෝටලයෙන් සෘජුවම කාමර වෙන්කරවා ගැනීමටක් සිදු කරගත හැකි අතර ඔවුනගේ කාමරයක් සදහා ගාස්තුව 5500.00කි. ඒ අනුව booking.com හරහා වෙන්කිරීමේදී 1712.70ක වාසියක් සිදුව ඇත.

    ගුවන් ගමන් වෙන්කරවා ගැනීමේදී මිලෙහි විශාල වෙනසක් සහිතව දැකිය හැකිය.

    උදාහරණයක් ලෙස කොළඹ සිට චෙන්නායි දක්වා යෑමට මිල ගණන් විමසීමේදී ශ්‍රී ලන්කන් වෙබ් සයිට් හී මිල පහත පරිදිය.

    1742533448140.png


    booking.com හිදී පහත පරිදිය.

    1742533463659.png


    වෙනස 9620ක් පමණ වේ.

    නමුත් අත්දැකීම් සහිත පාරිභෝගිකයෙක් booking.com වෙතින් ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමකට මැලිකමක් දක්වනුයේ ලැබී ඇති නරක පූර්වාදර්ශ නිසාය.

    මෙවැනි වෙන්කරවා ගැනීමේ වෙබ් අඩවි ලංකාවේ සංචාරක ඒජන්සි විසින් පරිශීලනය කරන්නේ හෝටල වෙත සංචාරකයන් විසින් එකතුකළ පසුවිපරම් අගයන් සහ විවේචන සලකා බැලීමටයි.

    ලංකාවේ සමහර හොටල සෘජුව හෝ සංචාරක ඒජන්සි හරහා වෙන්කරවා ගැනීමට නොහැකිය. ඒවයේ කාමර වෙන් කරවා ගැනීමට හැක්කේ booking.com වැනි වෙබ් අඩවි හරහා පමණි.

    උදාහරණයක් ලෙස හිරිකැටිය La Playa Beach Club දැකිවය හැකිය. තවත් මෙවැනි ආයතන බොහෝ ගණනක් ලංකාව පුරාම දැකිය හැකිය. මෙය ලංකාවේ සංචාරක සංවර්ධන අධිකාරියේ අවධානයට යොමු විය යුතුය. සංචාරක ඒජන්සි, හෝටල ආදිය සංචාරක සංවර්ධන අධිකාරියේ බලපත්‍රය ලබා ගැනීමට විශාල කැපවීමක් සිදුකර සිටියදී, ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය කිසිදු දායකත්වයක් ලබා නොදෙන වෙවැනි ආයතන ගැන නියාමනයක් සිදු කිරීම වැදගත්ය.

    ලංකාවේ සංචාරක ව්‍යාපාරයට booking.com වැනි වෙබ් අඩවි මගින් ලැබෙන යහපතක් නැති තරම්ය. පසුවිපරම් සටහන් බැලීමේදී සහ ශ්‍රේණිගත කිරීමේ යාන්ත්‍රණයේ ඇති දුර්වලතාවයන්ගේ අයහපත අපගේ සංචාරක කර්මාන්තයට සෘජුවම බලපානු ඇත. උදාහරණයක් ලෙස ඇමරිකානු ජාතික මිත්‍රෙයකු ලංකාවේ සංචාරයක් ගැන උනන්දුවෙන් ලංකාවේ සංචාරක ඒජන්සියක් හරහා තම සංචාරය සැලසුම් කර ගැනීමට මාගේ උපකාරය අපේක්ෂා කරන ලදී. එහිදී ඉතාමත් සාධාරණ සංචාරක සැලැස්මක් ඉතාමත් වැදගත් ලෙස තෝරාගත් හොද තත්ත්වයේ හෝටල සහිතව ලබා දෙන ලදී. නමුත් ඔහු booking.com වැනි පසු විපරම් සටහන් පරීක්ෂා කර මන්දෝත්සාහී ව තම සංචාරක ගමනාන්තය ලෙස මාලදිවයින තෝරාගන්නා ලදී.

    සංචාරක ඒජන්සි මගින් ගුවන් ටිකට්පත් වෙන්කිරීමේදී මුහුණ දෙන ගැටලු සහගත අවස්ථා බොහොමයකි. සිවිල් ගුවන්සේවා බලපත්‍රය ලබා IATA සහතිකය යටතේ ගුවන් ටිකට්පත් වෙන්කිරීමේ මිල ගණන් අදාළ ගුවන් සමාගමේ නිල වෙබ් අඩවිය මගින් ලබා දෙන මිලටම සමාන වීම මහත් බලපෑමක් සිදු කරනු ලබයි.

    මෙවැනි කරුණු කාරණා ඉතා ඉක්මණින් සලකා බැලිය යුතුව ඇත. හොදම දේ නම් සංචාරක සංවර්ධන අධිකාරියේ නියාමනයට යටත් ලංකාවට ආවේණික සංචාරක වෙබ් අඩවියක් පරිශීලනයට සංචාරකයන්ට අවස්ථාව ලබා දීමය.

    ✅ Pros and Cons of Booking.com and Similar Platforms for Sri Lanka’s Tourism Industry

    ✅ Positive Impacts

    1. 🌎 Increased Global Visibility
      • Helps Sri Lankan hotels, villas, and guesthouses reach international tourists.
      • Attracts more visitors due to the popularity of online booking platforms.
    2. 💰 Higher Revenue and Business Growth
      • Provides hotels with more bookings, increasing profitability.
      • Boosts local businesses such as restaurants, transportation, and tourist attractions.
    3. 🔍 Trust and Review System
      • Tourists can read genuine reviews and ratings before booking.
      • Encourages hotels to maintain high service quality to receive better ratings.
    4. 📊 Market Data and Insights
      • Hotels can analyze booking trends, tourist preferences, and seasonal demand.
      • Helps businesses set competitive pricing strategies.
    5. ⏳ Secure and Convenient Bookings
      • Provides safe and reliable booking options for travelers.
      • Helps tourists plan their trips efficiently.

    ❌ Negative Impacts

    1. 💸 High Commission Fees
      • Platforms like Booking.com charge 15%-25% commission on bookings.
      • This reduces profits, especially for small business owners.
    2. 📉 Loss of Direct Bookings
      • Hotels become reliant on third-party platforms rather than their own marketing.
      • Limits the ability of businesses to establish direct customer relationships.
    3. ⚠️ Price Wars and Quality Reduction
      • Hotels may lower prices to remain competitive, affecting profitability.
      • Some accommodations may compromise on service quality to cut costs.
    4. 🛠️ Technical and Booking Issues
      • Overbookings and cancellations can cause customer dissatisfaction.
      • Some hotels may face challenges managing availability through multiple platforms.
    5. 🗺️ Limited Benefits for Remote Locations
      • Popular tourist areas gain more visibility than rural and off-the-beaten-path accommodations.
      • Small guesthouses in less-known areas struggle to attract bookings.

    🎯 Comparison Summary

    FactorPositive Impact 🌟Negative Impact ⚠️
    Global VisibilityIncreases exposure to international touristsSmall businesses may struggle to stand out
    Booking VolumeMore reservations and revenueHigh commission fees reduce profit
    Customer TrustReviews and ratings help build credibilityPrice competition can lead to lower service quality
    Local Tourism GrowthEncourages economic developmentRemote areas may not benefit equally
    Market InsightsAccess to booking trends and demand patternsHotels lose control over direct pricing
    🌟 Overall Impact on Sri Lanka’s Tourism Industry

    • Larger and well-known hotels benefit the most, while smaller businesses must find ways to compete.
    • Direct booking options and local marketing efforts are essential for reducing reliance on third-party platforms.
    • Providing high-quality service remains key to attracting repeat tourists and maintaining a strong reputation. 🚀
    ------ Post added on Mar 21, 2025 at 10:39 AM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඇයි බන් කවුරුත් හිතන්නෙ බුකින් එකට ටැක්ස් ගැහුවම උන් ලංකාවෙ දාල යනවා කියලා

    දැන් බුකින් එකෙන් ලංකාව නිසා ලාබෙ ඩොලර් මිලියන 10ක් හොයනවා කියල හිතමු
    ටැක්ස් එක 30% වෙලා (නිකං ගත්තෙ 30% කියලා ඇත්තට කීයද දන්නෑ), උන්ගෙන් ඩොලර් මිලියන 3ක් ගත්තා කියමු

    එතකොට උන්ට තාමත් ඩොලර් මිලියන 7ක් ලාබයි

    උඹල හිතනවද අර තුන ගෙවන්න තියන අකමැත්තට උන් අර ඩොලර් මිලියන 7ත් එපා කියලා දමල ගහලා යයි කියලා

    (කම්පැනියක් නිසා ලාබෙට නේ ටැක්ස් වදින්නෙ, උඹලා දන්නවද දන්නෑ බුකින් එකේ ලංකාවෙ බිස්නස් එන්ටිටි එකක් තියනවා, ගෙස්ට්ලා ඇවිත් අතට සල්ලි දෙන ඒවයෙ කමිශන් මේ ලංකාවෙ තියන බැංකුවක කම්පැනි එකවුන්ට් එකකට ඩිපොසිට් කරන්නනෙ, ලංකාවෙ ෆෝන් නම්බර් එකකුත් තියනවා පේමන්ට් ඩිස්පියුට් විසඳන්න, ඇයි උන්ගෙන් විතරක් ටැක්ස් ගන්නෙ නැත්තෙ, ලංකාවෙ ඉන්න පොඩි පොඩි බිස්නස් සේරගෙන්ම ගන්නවා ඒත් මල්ටිබිලියන් කම්පැනියෙන් ටැක්ස් ගන්න ගියාම මෙහෙ එවුන්ම ඒක එපා කියනවා)

    තව දෙයක්, ලංකාවෙ ටැක්ස් ගහන එක බුකින් එකේ පේරන්ට් කම්පැනියට එන සම්පූර්ණ ආදායමට ප්‍රශ්නයක් වෙන්නෙ නැති තරං. ඒක US Company එකක්. ලංකාවෙ ටැක්ස් ගෙවනවා නං US වල ටැක්ස් වලට excemption ගන්න පුලුවන්(ලංකාවෙන් හම්බෙන ආදායමට) ලංකාවයි US අතරයි තියන tax treaty එකක් නිසා.

    තව එකක් මේ පැත්තෙ (මිරිස්සෙ) රශියන් එවුන් රන් කරන කම්පැනි තියනවා, උන් මෙහෙ තියන පොඩි හොටෙල් සෑහන ගානකට බුකින් හොයලා දෙනවා (අපිත් වැඩ කරන්නෙ එහෙම එවුන් එක්ක, උන් කමිශන් එක ගන්න එන එකාගෙන්, අපේ ගාන සම්පූර්නයෙන් අපිට දීලා, උන්ගෙ කමිශන් එක ඇඩ් කරලා ගෙස්ට්ට ගාන කියලා තියෙන්නෙ)

    (for the sake of argument) ඔය booking.com එක වහලා ගියොත් ලංකාවට එන එවුන් නෑවිත් ඉඳියි කියලා උඹලා හිතනවද. අනේ ඒ රටේ බුකින් ඩොට් කොම් නෑ ඒක නිසා අපි යන්නෑ කියලා :D :D
     
    Last edited: