booking.com එක ගැන විජිත හේරත් ඇමතිතුමා කරපු කථාවක් සමාජ මාධ්‍යෙය් වැරදි අර්ථකථන එක්ක හැලහැප්පෙනවා දුටිමි. booking.com වැනි වෙන්කරවාගැනීමේ පහසුකම් සහිතව අන්තර්ජාලයේ තවත් වැඩසටහන් දක්නට ලැබේ.
හෝටල කාමර වෙන්කරවා ගැනීමේ සිට ගුවන්ගමන් ටිකට්පත් වෙන්කරවා ගැනීම දක්වා මෙහි අන්තර්ගතය. විවිධ රටවලට විවිධ පහසුකම් සැලසෙන අතර ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල්වලට පහසුකම් සීමා කර ඇත.
පාරිභෝගකයෙකු ලෙස මා හෝටල කාමර වෙන්කරවා ගැනීමක් සිදුකිරීමේදී, booking.com තුලින් රුපියල් 3130.00කට රාත්‍රියකට කාමරයක මිල වෙන්කරවා ගත හැකිය. ඊට පහත පරිදි ටැක්ස් එකතුව අවසන් මිල ලෙස 3787.30ක් ගෙවිය යුතුය. මෙහිදී අය කරගනු ලබන රුපියල් 657.30ක බදු මුදල ලංකා ආණ්ඩුවට ගෙවනවාද නැද්ද යන්න දැන ගැනීමට නැත.
නමුත් අපට මෙම හෝටලයෙන් සෘජුවම කාමර වෙන්කරවා ගැනීමටක් සිදු කරගත හැකි අතර ඔවුනගේ කාමරයක් සදහා ගාස්තුව 5500.00කි. ඒ අනුව booking.com හරහා වෙන්කිරීමේදී 1712.70ක වාසියක් සිදුව ඇත.
ගුවන් ගමන් වෙන්කරවා ගැනීමේදී මිලෙහි විශාල වෙනසක් සහිතව දැකිය හැකිය.
උදාහරණයක් ලෙස කොළඹ සිට චෙන්නායි දක්වා යෑමට මිල ගණන් විමසීමේදී ශ්‍රී ලන්කන් වෙබ් සයිට් හී මිල පහත පරිදිය.
booking.com හිදී පහත පරිදිය.
වෙනස 9620ක් පමණ වේ.
නමුත් අත්දැකීම් සහිත පාරිභෝගිකයෙක් booking.com වෙතින් ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමකට මැලිකමක් දක්වනුයේ ලැබී ඇති නරක පූර්වාදර්ශ නිසාය.
මෙවැනි වෙන්කරවා ගැනීමේ වෙබ් අඩවි ලංකාවේ සංචාරක ඒජන්සි විසින් පරිශීලනය කරන්නේ හෝටල වෙත සංචාරකයන් විසින් එකතුකළ පසුවිපරම් අගයන් සහ විවේචන සලකා බැලීමටයි.
ලංකාවේ සමහර හොටල සෘජුව හෝ සංචාරක ඒජන්සි හරහා වෙන්කරවා ගැනීමට නොහැකිය. ඒවයේ කාමර වෙන් කරවා ගැනීමට හැක්කේ booking.com වැනි වෙබ් අඩවි හරහා පමණි.
උදාහරණයක් ලෙස හිරිකැටිය La Playa Beach Club දැකිවය හැකිය. තවත් මෙවැනි ආයතන බොහෝ ගණනක් ලංකාව පුරාම දැකිය හැකිය. මෙය ලංකාවේ සංචාරක සංවර්ධන අධිකාරියේ අවධානයට යොමු විය යුතුය. සංචාරක ඒජන්සි, හෝටල ආදිය සංචාරක සංවර්ධන අධිකාරියේ බලපත්‍රය ලබා ගැනීමට විශාල කැපවීමක් සිදුකර සිටියදී, ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය කිසිදු දායකත්වයක් ලබා නොදෙන වෙවැනි ආයතන ගැන නියාමනයක් සිදු කිරීම වැදගත්ය.
ලංකාවේ සංචාරක ව්‍යාපාරයට booking.com වැනි වෙබ් අඩවි මගින් ලැබෙන යහපතක් නැති තරම්ය. පසුවිපරම් සටහන් බැලීමේදී සහ ශ්‍රේණිගත කිරීමේ යාන්ත්‍රණයේ ඇති දුර්වලතාවයන්ගේ අයහපත අපගේ සංචාරක කර්මාන්තයට සෘජුවම බලපානු ඇත. උදාහරණයක් ලෙස ඇමරිකානු ජාතික මිත්‍රෙයකු ලංකාවේ සංචාරයක් ගැන උනන්දුවෙන් ලංකාවේ සංචාරක ඒජන්සියක් හරහා තම සංචාරය සැලසුම් කර ගැනීමට මාගේ උපකාරය අපේක්ෂා කරන ලදී. එහිදී ඉතාමත් සාධාරණ සංචාරක සැලැස්මක් ඉතාමත් වැදගත් ලෙස තෝරාගත් හොද තත්ත්වයේ හෝටල සහිතව ලබා දෙන ලදී. නමුත් ඔහු booking.com වැනි පසු විපරම් සටහන් පරීක්ෂා කර මන්දෝත්සාහී ව තම සංචාරක ගමනාන්තය ලෙස මාලදිවයින තෝරාගන්නා ලදී.
සංචාරක ඒජන්සි මගින් ගුවන් ටිකට්පත් වෙන්කිරීමේදී මුහුණ දෙන ගැටලු සහගත අවස්ථා බොහොමයකි. සිවිල් ගුවන්සේවා බලපත්‍රය ලබා IATA සහතිකය යටතේ ගුවන් ටිකට්පත් වෙන්කිරීමේ මිල ගණන් අදාළ ගුවන් සමාගමේ නිල වෙබ් අඩවිය මගින් ලබා දෙන මිලටම සමාන වීම මහත් බලපෑමක් සිදු කරනු ලබයි.
මෙවැනි කරුණු කාරණා ඉතා ඉක්මණින් සලකා බැලිය යුතුව ඇත. හොදම දේ නම් සංචාරක සංවර්ධන අධිකාරියේ නියාමනයට යටත් ලංකාවට ආවේණික සංචාරක වෙබ් අඩවියක් පරිශීලනයට සංචාරකයන්ට අවස්ථාව ලබා දීමය.
Pros and Cons of Booking.com and Similar Platforms for Sri Lanka’s Tourism Industry
Positive Impacts
Increased Global Visibility
- Helps Sri Lankan hotels, villas, and guesthouses reach international tourists.
- Attracts more visitors due to the popularity of online booking platforms.
Higher Revenue and Business Growth
- Provides hotels with more bookings, increasing profitability.
- Boosts local businesses such as restaurants, transportation, and tourist attractions.
Trust and Review System
- Tourists can read genuine reviews and ratings before booking.
- Encourages hotels to maintain high service quality to receive better ratings.
Market Data and Insights
- Hotels can analyze booking trends, tourist preferences, and seasonal demand.
- Helps businesses set competitive pricing strategies.
Secure and Convenient Bookings
- Provides safe and reliable booking options for travelers.
- Helps tourists plan their trips efficiently.
Negative Impacts
High Commission Fees
- Platforms like Booking.com charge 15%-25% commission on bookings.
- This reduces profits, especially for small business owners.
Loss of Direct Bookings
- Hotels become reliant on third-party platforms rather than their own marketing.
- Limits the ability of businesses to establish direct customer relationships.
Price Wars and Quality Reduction
- Hotels may lower prices to remain competitive, affecting profitability.
- Some accommodations may compromise on service quality to cut costs.
Technical and Booking Issues
- Overbookings and cancellations can cause customer dissatisfaction.
- Some hotels may face challenges managing availability through multiple platforms.
Limited Benefits for Remote Locations
- Popular tourist areas gain more visibility than rural and off-the-beaten-path accommodations.
- Small guesthouses in less-known areas struggle to attract bookings.
Comparison Summary
| Factor | Positive Impact  | Negative Impact  |
|---|
| Global Visibility | Increases exposure to international tourists | Small businesses may struggle to stand out |
| Booking Volume | More reservations and revenue | High commission fees reduce profit |
| Customer Trust | Reviews and ratings help build credibility | Price competition can lead to lower service quality |
| Local Tourism Growth | Encourages economic development | Remote areas may not benefit equally |
| Market Insights | Access to booking trends and demand patterns | Hotels lose control over direct pricing |
Overall Impact on Sri Lanka’s Tourism Industry
- Larger and well-known hotels benefit the most, while smaller businesses must find ways to compete.
- Direct booking options and local marketing efforts are essential for reducing reliance on third-party platforms.
- Providing high-quality service remains key to attracting repeat tourists and maintaining a strong reputation.

------
Post added on Mar 21, 2025 at 10:39 AM