Both China and Azam Ameen in Action

banda065

Well-known member
  • Apr 20, 2007
    4,473
    6,134
    113

    _107782358_0392e4b1-db97-4e01-aa14-5a9735f812ec.jpg

    (චීනයේ ෂින්ජැන් හි සිට බීබීසී පුවත් හි ජෝන් සඩ්වර්ත් සැකසූ වාර්තාවක් ඇසුරිණි)

    චීනය හිතාමතා ම එරට ඈත බටහිර ෂින්ජැන් කලාපයේ ජීවත් වන මුස්ලිම් දරුවන් ඔවුන්ගේ පවුල්වලින්, ආගමික විශ්වාසයෙන් සහ භාෂාවෙන් වෙන් කරමින් සිටින බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

    එසේ ම වැඩිහිටියන් සිය දහස් ගණනක් විශාල කඳවුරුවල රඳවාගෙන ඇති බවත් දරුවන්ට නේවාසිකව අධ්‍යාපනය ලබා දිය හැකි පාසල් ගොඩනැගීම ද වේගවත්ව ක්‍රියාත්මකවන බවත් පැවසේ.

    ප්‍රසිද්ධියේ පළවී ඇති ලිය කියවිලි සහ විදෙස් රටවල වෙසෙන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගෙන් ලබා ගත් තොරතුරු ද අනුව එම කලාපයේ ළමුන්ට සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳව පැහැදිලි සාක්ෂි එක්රැස් කර ගැනීමට බීබීසී පුවත් සේවයට හැකි විය.

    එම වාර්තාවලින් පෙනී යන්නේ, දළ වශයෙන් එක් නගරයක ළමුන් 400 දෙනෙකුට පමණ තම මව සහ පියා යන දෙදෙනා ම අහිමිව ගොස් ඇති බවය. ඒ, එම දෙමව්පියන් සිරගෙවල්වල හෝ වෙනත් ස්ථානවල රඳවාගෙන සිටින හෙයිනි.

    එම "මධ්‍යගත රැකවරණයකට" යොමුකිරීමේ අවශ්‍යතාවක් ඇත්දැයි යන්න සොයා බැලීමට ද මෙහිදී නිල අගැයීමක් කර තිබේ.

    ෂින්ජැන් කලාපයේ වෙසෙන වැඩිහිටියන්ගේ අනන්‍යතාව වෙනස් කිරීමට උත්සහ ගන්නා අතර ම දරුවන් ඔවුන්ගේ උරුමයන්ගෙන් ඈත් කිරීමට ද ක්‍රමානුකූල වැඩපිළිවෙළක් සිදුවෙමින් පවතින බව සාක්ෂිවලින් දක්නට ලැබේ.


    නමුත් බ්‍රිතාන්‍යයේ චීන තානාපති ලු ෂියාඕපින්ග් පවසන්නේ බටහිර ෂින්ජැන් කලාපයේ එවැනි දෙයක් නොවන බවය. බීබීසීයට අදහස් දැක්වූ ඔහු, එම කලාපයේ දරුවන් දෙමව්පියන්ගෙන් ක්‍රමානුකූලව වෙන් කෙරෙන බවට එල්ල වෙන චෝදනා ප්‍රතික්ෂේප කළේය.

    ෂින්ජැන් යනු චීනයේ දැඩි විමසිල්ලට සහ පාලනයකට නතු වූ කලාපයකි. විදෙස් මාධ්‍යවේදීන් ගැන පැය 24 පුරා විමසිල්ලෙන් සිටින බැවින් සාක්ෂි එකතු කර ගත නොහැකි විය. නමුත් එවැනි සාක්ෂි තුර්කියෙන් හමුවේ.

    ඉස්තාන්බුල් නගරයේ විශාල ශාලාවක් තුළ ඔවුන්ගේ කතාව කීමට පිරිසක් රැස් වී සිටිති. බොහෝ දෙනෙක් තම දරුවන්ගේ ඡායාරූප අත දරා සිටිති. ඔවුන් සියලු දෙනා ෂින්ජැන් කලාපයේ සිටි අය වෙති.

    "මම දන්නේ නැහැ මගේ දරුවන් කවුරු බලා ගන්නව ද කියලා," තම දියණියන් තිදෙනාගේ ඡායාරූපය දෙස අවධානය යොමු කරමින් එක් මවක් පැවසුවාය. "ඒගොල්ලන් එක්ක සම්බන්ධ වෙන්න කිසි ම විදිහක් නෑ."

    තම පුතුන් තිදෙනාගේ සහ දියණියගේ ඡායාරූපයක් අතින් දරා ගෙන සිටි තවත් මවක් කඳුළු පිස දමමින් පැවසුවේ, "ඔවුන්ව අනාථ නිවාසෙකට ගෙනිහින් කියලා මට ආසන්න ලැබුණා," යනුවෙනි.

    වෙන් වෙන්ව දුන් සාකච්ඡා සහ සාක්ෂි 60ක් මගින් ෂින්ජැන් කලාපයේ අතුරුදන්ව ඇති ළමුන් 100කට වැඩි පිරිසකගේ තොරතුරු හෙළිවිණි.

    ඔවුන් සියලු දෙනා ෂින්ජැන් කලාපයේ විශාල ම ජන කොට්ඨාසය වන උයිගර් (Uighurs) නම් බහුතර මුස්ලිම් ජන කොට්ඨාසයට අයත්ය. ඈත අතීතයේ සිට ආගම සහ භාෂාව නිසා තුර්කිය සමග සමීප සම්බන්ධතා ඔවුන්ට තිබේ.

    එම කලාපයේ ජීවත් වූ මුස්ලිම් වැසියන් දහස් ගණනක් අධ්‍යාපනය ලැබීමට, ව්‍යාපාර කිරීමට, පවුලේ අය හමුවීමට හෝ චීනයේ පවතින උපත් පාලන සීමාවන්ගෙන් මිදීමට හෝ ඉහළ යමින් පවතින ආගම කේන්ද්‍ර කර ගත් මර්දනයෙන් මිදීමට තුර්කියට පැමිණ සිටිති.

    නමුත් චීනය විසින් උයිගර්වරුන් ඇතුළු සුළු ජාතීන් දහස් ගණනින් විශාල කඳවුරු තුළ රඳවාගනු ලැබීමත් සමග ම පසුගිය වසර තුන පුරාවට බොහෝ දෙනෙකුට ආපසු යාමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

    අන්තගාමී ආගමික ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා උයිගර් ජාතිකයින්ට වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල අධ්‍යාපනය ලබා දෙන බව චීන බලධාරීහු පවසති.

    නමුත් බොහෝ දෙනෙක් තම ආගමික විශ්වාසය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම - යාච්ඤා කිරීම හෝ හිස ආවරණය කරගෙන සිටීම සහ තුර්කිය වැනි විදෙස් රටවල් සමග ඇති සම්බන්ධතා වැනි සරල හේතු මත රඳවාගෙන සිටින බව සාක්ෂි වලින් පෙනී යයි.

    තම බිරිඳ රඳවාගෙන සිටින බව පවසන එක් පියෙක් තම දරුවන් අට දෙනා ද චීන රජයේ භාරයට ගෙන ඇති බවට බිය පළ කරයි. "මම හිතන්නේ ළමයි අධ්‍යාපන කඳවුරුවලට ගෙනිහිල්ලා," ඔහු පැවසීය.

    'හොංකොං' ජනඝෝෂා ඉදිරියේ චීනය හිස නවයි
    බෝම්බ හෙළන යානා දකුණු චීන මුහුදට දෙසට
    බීබීසී මගින් සිදුකරන ලද නව සමීක්ෂණයකින් ඇත්ත වශයෙන් ම මෙම දරුවන්ට සහ අනෙකුත් අයට සිදුවන්නේ කුමක් ද යන්න හෙළිවිණි.

    චීනයේ ෂින්ජැන් ප්‍රදේශයේ මහා පරිමාණයෙන් සිදුවන වැඩිහිටි මුස්ලිම්වරුන් රඳවාගැනීම් ගැන සම්පූර්ණ වශයෙන් හෙළි කරනු ලැබුවේ, ජර්මානු සමීක්ෂකයෙකු වන ආචාර්ය ඒඩ්රියන් සෙන්ස් විසිනි.

    විශ්වවිද්‍යාල විශාල කෙරෙමින් පවතී. නව සිසු නේවාසිකාගාර සහ ඒවායේ ධාරිතාව වැඩි කෙරෙමින් තිබේ. රඳවා ගැනීමේ කඳවුරු තනමින් පවතින ආකාරයට ම එකවර ළමුන් විශාල පිරිසක් රැකබලා ගැනීමේ හැකියාව රජය විසින් වර්ධනය කරනු ලබමින් පවතී.

    නමුත් මේ සියල්ල සිදුවන්නේ එකම ජන කොට්ඨාසයක් ඉලක්ක කරගනිමින් බව පෙනෙන්නට තිබේ.

    2017 වසරේදී ෂින්ජැන් ප්‍රදේශයේ පෙර පාසල්වලට ඇතුළත් වූ දරුවන් ගණන 500,000කින් පමණ ඉහළ ගියේය. ඒ අතරින් 90% ක් පමණ උයිගර් සහ අනෙකුත් මුස්ලිම් සුළු ජන කොටස්වලට අයත් දරුවෝ වූහ.

    එම හේතුව නිසා සාමාන්‍යයෙන් චීනයේ සමස්ත පෙර පාසල් ඇතුළත්වීම් අගයට වඩා පහළින් පැවති ෂින්ජැන්හි පෙර පාසල් සඳහා ඇතුළුවීම් මේ වන විට චීනයේ ඉහළ ම අගය බවට පත්ව ඇත.

    උයිගර් ජන කොටස බහුලව ජීවත් වන දකුණු ෂින්ජැන්හි පෙර පාසල් සංවර්ධනය කිරීමට සහ අලුතෙන් ගොඩ නැගීමට චීන රජය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක් යොදවා තිබේ.

    දරුවන් පාසල්වල රඳවා ගෙන ඉගැන්වීම නිසා "දෙමව්පියන්ගේ ස්ථානය පාසල වෙත පවරා ගැනීමක්" සිදු වන අතර එමගින් "සමාජ ස්ථාවරත්වය සහ සාමය සුරැකෙන" බව රාජ්‍ය ප්‍රචාරණය මගින් ඉස්මතු කෙරේ

    නමුත් ආචාර්ය සෙන්ස් පෙන්වා දෙන්නේ, එහි සැබෑ අරමුණ ඊට වඩා ගැඹුරු බවය. "මෙවැනි පාසල් මගින් සුළු ජාතික සමාජවල සංස්කෘතිය ප්‍රතිනිර්මාණය කිරීමට අවස්ථාව ලැබෙන" බව ඔහුගේ අදහසයි.

    රැඳවුම් කඳවුරු තුළ මෙන් ම මෙම පාසල් තුළ ද චීන භාෂාව හැර වෙනත් භාෂා කතා කිරීම තහනම්ය. එම නීති කඩ කරන සිසුන්ට සහ ගුරුවරුන්ට ලකුණු මත පදනම් වූ දඬුවම් දීමේ ක්‍රම හඳුන්වා දී තිබේ.

    මෙම පාසල් නිසා සුළු ජන කොටස්වලට අයත් ළමුන්ට "හොඳ ජීවන පුරුදු" සහ නිවසට වඩා පිරිසුදුව සිටීමටත් අවස්ථාව ලැබෙන බව බලධාරීහු පවසති. සමහර ළමුන් තම ගුරුවරිය "අම්මා" ලෙස හඳුන්වන අයුරුත් දැකිය හැකිය.

    මෙම කාරණය ගැන රජයේ නිල ප්‍රතිපත්තිය කුමක් දැයි ඇසීමට ෂින්ජැන් කලාපයේ අධ්‍යාපනික බලධාරීන් සමග බීබීසී පුවත් සේවය කතා කළේය. බොහෝ දෙනෙක් කතා කිරීම ප්‍රතික්ෂේප කළහ. සමහරු කෙටි විස්තරයක් ලබා දුන්හ.

    රැඳවුම් කඳවුරුවල සිටින දෙමව්පියන්ගේ දරුවන්ට කුමක් වන්නේ දැයි ඇසූ විට එක් නිලධාරිනියක පැවසුවේ, "ඔවුන් බෝඩින් පාසල්වල ඉන්නේ. අපි ඔවුන්ට නැවතීමේ පහසුකම්, ආහාර සහ ඇඳුම් දෙනවා. අපිට ඉහළ නිලධාරීන් දන්වලා තියෙන්නේ එම දරුවන් හොඳින් බලාගන්න කියලා," යනුවෙනි.

    නමුත් ආචාර්ය සෙන්ස් පවසන්නේ මෙවැනි අදහසකි.

    "ක්‍රමානුකූලව දෙමව්පියන් සහ දරුවන් වෙන් වෙන්ව තබා ගැනීමෙන් පැහැදිලිව පෙනී යන්නේ ෂින්ජැන් බලධාරීන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ අලුත් පරම්පරාව ඔවුන්ගේ ජන්මගත බැඳීම්වලින්, ආගමික විශ්වාසවලින් සහ ඔවුන්ගේ භාෂාවෙන් ඈත් කර තැබීම. එකට මෙය හොඳ සාක්ෂියක්."

    "මෙම සාක්ෂි අනුව මේ වැඩපිළිවෙළ හරහා සංස්කෘතික සංහාරයක් සිදුවෙනවා කියලයි මම හිතන්නේ."
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,862
    1
    27,949
    113
    BBC is renowned for licking the scat and assholes of terrorists.

    Chinese government is farsighted and this is done to prevent future jihad and save their country from this barbaric religion
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    power of meritocracy :love:
    අපිට ඉතිං බෑ සුදු හම තියෙන overlords ලගෙ ආගම ඇදහුවෙ නැත්තං සම්බාධක :yes:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,995
    113
    ඕකුන්ව පාලනය කරන්න එක්කෝ සමූල ඝාතනේ කරන්න ඕනෙ, නැත්නම් ඔයවගේ ආගම කඩන්න ඕනෙ. වෙන විකල්ප නෑ :no:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඕකුන්ව පාලනය කරන්න එක්කෝ සමූල ඝාතනේ කරන්න ඕනෙ, නැත්නම් ඔයවගේ ආගම කඩන්න ඕනෙ. වෙන විකල්ප නෑ :no:

    :yes::yes::yes::yes: