ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු යවන පුහුණුකරුවකු වන අනූෂ සමරනායක හා සහය පන්දු යවන්නෙකු ලෙස කටයුතු කළ ගයාන් විශ්වජිත් යන මහත්වරුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පියවර ගත්තේ ය.
ක්‍රිකට් ආයතනයට සම්බන්ධ පිරිසක් තමන්ව මුදලට තරග පාවාදීමට පෙළඹ වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් ජනිත් පෙරේරා හා රංගන හේරත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය අතරතුර අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට දැනුම් දී තිබිණ.
ඒ බව පළමුවරට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අනාරවරණය කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වරණයට පෙර පැවති මාධ්‍ය හමුවකදී ය.
මෙම චෝදනාව සම්බන්ධයෙන් සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණයකින් පසුව සහය පන්දු යවන්නෙකු ලෙස කටයුතු කළ ගයාන් විශ්වජිත් හා වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවෙකු වන අනූෂ සමරනායක යන මහත්වරුන්ගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ ය.
ගයාන් විශ්වජිත් මහතා ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ කටයුතුවලට සහභාගී කර නොගන්නා බව මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.
මේ අතර ඉහත චෝදනාව සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ජෙරී වවුටස් මහතා අද එම කොට්ඨාසයට කැඳවා තිබිණ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, ජෙරී වවුටස් මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීමක් සිදුකළ බව ය.