BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    හෙනයා;25234431 said:
    මොකක්ද බං මෙහෙම ඇදිරී නීතියක් දාලා තියෙන තේරුම? මිනිස්සු සේරම පාරේ බඩු එකතු කරනවා.. ගොඩක් උන්ට මාස්ක් නෑ.. diatance එකක් නෑ..ඊට පස්සේ පොදු ප්‍රවාහනයේ ගෙදර යනවා ට්‍රේන් වල එල්ලිලා යනවා කොළඹ ඉඳන් ගමටත් ගිහින් ගෙදර අයට බෝ කරනවා.. :dull:

    එක්කෝ නොකියා එක පාරට curfew දාන්න ඕනේ.. නැත්තම් district wise lockdown කරන්න ඕනේ.. මෙහෙම ඇදීරි නීතියකින් තේරුමක් තියෙනවද? :dull:

    Megollonta weraduna. Hethuwa mun me situation handle karanne war eka kaley wage nathnam Easter attach ekata handle karana widihata. Meka loku health disaster ekak kitala newe manage karanne:no:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,001
    113
    Kottawa
    පරිප්පු සහ සැමන් ටින් මිල අඩු කිරීමෙන් මේ අර්බුදය විසදන්න බැහැ සහ ඊට එහා ගිය ලොකු සමාජ ආර්ථික වැඩසටහනක් සහිතව මේ ප්‍රශ්ණය විසදන්න ඕන කියලා අපි කියනකොට පෙරලා අපිට හිනා වෙලා " දුප්පත් මිනිස්සුන්ට ඕන පරිප්පුයි සැමනුයි තමයි" වගේ වැල් බයිලා ගහපු පෞද්ගලික සහ රාජකාරිමය ජීවිත වලත් කිසි පිළිවෙලක් නැති මිනිස්සුන්ට තමයි මම මේ ලියන්නේ.

    අද මේ මොහොතේ පොඩ්ඩක් හොයලා බැලුවොත් අධි අවදානම් කලාප වලත් සතොස/ සමූපකාර වල, මිනිස්සු අතින් නහය වහගෙන සැමන් ටින් පරිප්පු හොයන්න ඇවිල්ලා පොරකනවා. සාමාන්‍යයෙන් වෙනදා මිලට උනත් පරිප්පු, සැමන් කාලා ඉන්න පුලුවන් ආර්ථික මට්ටමක් තිබ්බ මිනිස්සුත් ඒ පෝලිම්වල ඉන්නවා. ඊට අමතරව දැන් මේ ඇදිරි නීතිය ගැන කතාව නිසා මිනිස්සු එක පොදියට කඩවල , තෙල් පෝලිම්වල ඉන්නවා. ඒක ඉතා භයානක තත්වයක්.

    මම කියන්නේ රටේ දවස් පඩි ගන්න දුප්පත් මිනිස්සුන්ගේ දත්ත ආණ්ඩුවක තියෙන්න ඕන (එහෙම තියනවා ). මේ වගේ ප්‍රශ්ණයක් ආවහම එකපාර පරිප්පු සැමන් අඩු නොකර අර අතීශය දුප්පත් මිනිස්සු ටිකගෙ ගෙවල් වලට යුධ හමුදාව හෝ සිවිල් සර්විස් එක හරහා සති දෙකකට ප්‍රමාණවත් බඩු මල්ලක් යවාගන්න අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. එහෙම නොකර ඔන්න පරිප්පුයි - සැමනුයි අඩුකලා. දැන් කාහල්ලා කියන්න ආණ්ඩු තියෙන්න ඕන නෑ. තමන්ගේ අතේ මුදල් හින්ඟයක් තියන පහළ මැද පන්තියටත් එයාලගේ රැකියා කරන ආයතන වලින් මේ වගේ වෙලාවට කඩිනම් මූල්‍ය පහසුකමක් දෙන්නත්, ඒ මුදල ආණ්ඩුවෙන් ක්ලේම් කරගන්න පුලුවන් විදිමත් සමාජ ආරක්ෂණ වැඩසටහනකුත් අපිට ඕන.

    මේ දේවල් කොරන්න බෑ. ඕවා වෙන දේවල් නෙමේ කියලා යල මහ දෙකන්නෙට හාන්න ගන්න අප්පුහාමි මාමගේ පිං ගොනා කිව්වට මොළයක් කියලා එකක් තියන එකෙකුට තේරෙනවා ඒ දේවල් මේ රෝකට් සයයන්ස් නෙමේ කියලා. ඔස්ට්‍රේලියාවේ ටොයිලට් පේපර් සහ වෙන රටවලත් බඩු පෝලිම් වල ෆොටෝ දාලා එහෙත් එහෙමයි කිව්වට උඹලා අපි දෙගොල්ලොම දන්නවා උන්ගේ ජීවන මට්ටම් වලයි අපේ ජීවන මට්ටම්වලයි තියන වෙනස.

    මේ රටේ මිනිස්සු සිරිසේනව යවලා ගෝටව ගෙනවා ඔය කියන සිස්ටම් එක හදාගන්න. මාස තුනක් තිබ්බා ඔය වෛරසය මේ රටට එන්න කලින් ලෑස්ති වෙන්න. අනේ එහෙම බෑ.... 2/3 කුත් දීලා අවුරුදු 4-5 ගියාම තමා ඕවා හැදෙන්නේ කියලා ටෙක්සාස් ලෝන්ග් හෝර්න් කියන කාණ්ඩයට අයත් ගවයින්ට කියන්න පුලුවන්. ඒත් ඇත්ත ඒක නෙමෙයි.

    ආණ්ඩුව ජන්දය ගැන හිතලා හිතා මතාම මේ අර්බුදය යට ගැහුවා. රෝගීන් මතුවෙන්න ගත්තම තමයි "අපි අනිවාර්යෙන්ම ජන්දේ තියනවා" කියන මාන්නක්කාර කතා කියලා ඒ ප්‍රශ්නය ජන්දෙට බලපෑමක් නෑ වගේ පෙන්නන හැදුවා. අද වෙනකොට මුල් දින 07 තත්වය ඉතාලියටත් වඩා දරුණුයි.

    එක ලෙඩෙක්වත් නැති වෙලාවේ අපිට තිබ්බා මේ ලෙඩේ ලංකාවට එනවා කියන තැන ඉදලා මිනිස්සුන්ව දැනුවත් කරලා අතට සල්ලි ටිකක් දීලා බඩු ටිකක් ගෙවල් වල තියාගන්න තැනට වැඩ ටික සූදානම් කරන්න. එහෙම නොකර චීන ගෑනියෙක්ව ඉඹලා මාධ්‍ය සන්දර්ශණ තියලා ලෝකේ වටේම "අපේ රටේ කොරෝනා නෑ... උඹලා වරෙල්ලා ලංකාවට" කියලා ඇඩ්වර්ටීස්මන්ට් ගැහුවහම මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද?

    දැන් තැනින් තැන එක දිගට ලෙඩ්ඩු මතුවෙනකොට මුලු රටම පැනික්. ගෙවල් වල බඩු නෑ. ඇදිරි නීතිය.. 25 වෙනකන් සමහරු අතේ සල්ලි නෑ... ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ

    උතුරු යුද්දේ වෙලාවේ අපි රට ලොක් ඩවුන් කලේ නෑ.... මේවා මොනාද? කියලා අහන ජනාධිපති කෙනෙක් එක්ක සෑහෙන්න පරිස්සමින් ජීවත් වෙන්න වෙනාවා.

    එයාව ගේන්න දත කාගෙන වැඩකරලා දැන් "යුද්ධ කරන එකයි වෛරස් පාලනය කරන එකයි දෙකක්" කියලා මහසභා මැද ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා කියන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිද්ද වෙලා තියනවනම්, ඔයාලා ගැන කවර කතාද?

    අපි දේශපාලනේ කරමු. රාජපක්ෂලා මැරිලා නෑනේ. පෝලිමට පැටව් ගහනවා. ඒ නිසා ගෝඨාභය ස' ගියත් උඹලට තව අවුරුදු 500 - 600 මැදමූලන වලව්වේ පිළිකන්නේ වැටිලා කඹුරන්න ඇති තරම් රාජපක්ෂලා ඒ පවුලේ ඉන්නවා. ඒ නිසා අනේ අපි කොරෝනා හැදිලා මැරිලා හරි ගෝඨා ස' වයි මහින්ද මාත්තයවයි බේරගන්න ඕන... එහෙම නැතිවුනොත් ඒ පරපුර ඉවරයි... වගේ පටු විදිහට හිතලා පිස්සො වගේ හැසිරෙන්න එපා.

    මේ වසංගතෙන් බේරෙන්න පුලුවන් සබුද්ධිකත්වය විතරක්වත් අඩුම තරමේ හදාගනිල්ලා. දැනට ඒකත් ඇති.

    - ෂේන් මහේන්ද්‍ර ප්‍රියවික්‍රම

    උපුටා ගැනීමකි..
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,001
    113
    Kottawa
    ආසිරි එවුන් කියනවා ඩොක්ටර් ආවේ නෑ කියලා... මම ඩොක්ව දන්නවා මට ඩෙංගු වලට බෙහෙත් කළ නිසා. මම මාස්ක් එකක් දාගෙන හිටියේ... තැන්ක්ස් ලොට් මගේ මොළය.

    :nerd:
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Talked to one of my friends in Norway right now.
    Their govt has stopped doing virus tests. Something about having not enough testing kits & needing to preserve them. And they are saying that the number confirmed in the country isn't that bad :dull:

    Just so you know, they have 1794 cases & 7 deaths atm & we have 4 times their population
    So safe to say that our govt is handling the situation way better than them in comparison

    Same happened in Italy when things started to spread. They ignore this as a common flu.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,680
    4,549
    113
    සල්ලි ටිකක් නම් තියෙනවා මචන්. ඒත් ලංකාවේ තව ගෙවල්, වාහන කුනු කොල්ලෙට අරගෙනත් කිසි තේරුමක් නැහැ. මොකද ලංකාවෙ කුනු කොල්ලෙ කියන්නෙ ඒකේ හරි ගාන. :lol: අනික ඒවා අරගෙන ලොකු රිටර්න් එකකුත් නෑ.

    ඉස්සරහට ගොඩක් වෙලාවට ලෝක ආර්ථිකය දරුනු විදිහට වැටෙයි. ඒ වැටිලා ආපහු ආර්ථිකය හැදිගෙන එද්දි ලොකු business opportunities එනවා. ඒවගේ දෙයක් බලලා ඉන්වෙස්ට් කරන්න සල්ලි එකතු කරලා තියාගනින්. :rolleyes:

    Man nan idan ganna focus karala thiyenne bank walata collateral widiyata thiyana puluwan nisa LC facility walata ehama
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,680
    4,549
    113
    මේකනේ Uncle..... අපිටනම් කියල දීල තියෙන්නේ මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවලට තමන්ගේ තත්වේ, ධනය වගේ දේවල් පෙන්නන්න එපා කියල....උදා හරනෙකට ළමයි නැති අය ඉස්සරහ ළමයි ගැන කතා කරන්නේ නෑ වගේ....ඕව දෙමව්පියන්ගෙන් එන්න ඕන දේවල්...හම්පඩ නාකින්ට දැන් ඕව උගන්නන බෑ....අඩු ගානේ මෙවගේන්වත් ඉගෙනගනින්

    Nikan adanne nathuwa hitu midi thithai thamai ubala wage unta..ratata crisis situation kiyanne kohomath business opportunity godak open wenawa unethical nemai
     
    Status
    Not open for further replies.