මේ වනවිට දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනයත් සමඟ මාතර දෙණියාය – මොරවක කන්ද සහ කළුතර. – බුලත්සිංහල – බෝගහවත්ත – දෙල්පාවත්ත යන ප්‍රදේශවල නායයාම් වාර්තා වී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ බුලත්සිංහල – බෝගහවත්ත ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. තවත් අතුරුදන් වූ 4 දෙනෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
බුලත්සිංහල කොබවක දිවලකඩ කන්දත් නායයාමෙන් පුද්ගලයන් 8 දෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
රත්නපුරය, කෑගල්ල, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි.