BREAKING NEWS: අැඳිරි නීතිය පනවයි..🔴

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    උන්ට බය ඇති බන් මිනිස්සු කුලප්පු වෙයි කියලා
    මිනිස්සු එච්චරයි මෝඩ නෑ දැන්. අද ඡන්දෙ වුනත් මිනිස්සු ස්ට්‍රෙස් නැතුව පාවිච්චි කරා සාමාන්‍ය දවසක් වගේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    මිනිස්සු එච්චරයි මෝඩ නෑ දැන්. අද ඡන්දෙ වුනත් මිනිස්සු ස්ට්‍රෙස් නැතුව පාවිච්චි කරා සාමාන්‍ය දවසක් වගේ.
    sirawata minissunta eka feel wela thibba, eth horu tika baya wela wage dan
     
    • Like
    Reactions: iworld

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    මිනිස්සු එච්චරයි මෝඩ නෑ දැන්. අද ඡන්දෙ වුනත් මිනිස්සු ස්ට්‍රෙස් නැතුව පාවිච්චි කරා සාමාන්‍ය දවසක් වගේ.
    හැමෝම එහෙම නැති උනාට සමහරක් ඉන්නවනේ
     
    • Like
    Reactions: iworld

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මිනිස්සුන්ට කුලප්පු වෙන්න දෙයක් නැනේ උන්නේ දන්නේ චන්දෙ දීපු උන් කව්ද කියල
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    ප්‍රතිඵල බලාපොරොත්තු උන අපට අහන්න වෙලා තියෙන්නේ ඇඳිරිනීති breaking news නේ?
    පැනල යන්න space හදල දෙනවද?
     
    • Like
    Reactions: Any.key and iworld

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    ඒක වෙන්න ඕනි.
    Screenshot_20240921_215932_Drive.jpg

    https://www.newswire.lk/2024/09/21/police-curfew-statement-from-npp/

    මේ තබන විස්වාසය ඔවුන් එසේම රකීවි නේද?
     
    • Wow
    Reactions: iworld

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,393
    5,751
    113
    හොරු ටිකට කරදරයක් නැතිව පනින්න හාමු කරපු වැඩක් වගේ. අන්න එහෙම හාමුලා තම ඉන්න ඕන
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අරගල කාලේ වගේ ජෙප්පෝ ගෙවල් ගිණි තියයි කියල වෙන්න අැති..උන් ගිණි තියයි අන්තිමට ඒවට ගෙවන්න වෙන්නෙත් රටේ මිනිස්සුන්ට..
     

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ජනපතිවරණ කාලසීමාවේ පැවති ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉතා අවම මට්ටමක පැවතීම නිසා ඉතිහාසයේ වඩාත්ම සාමකාමී මැතිවරණයක් පැවැති බව බලධාරීන් ප්‍රකාශ කර ඇති නමුත් දේශපාලන බල පෙරළියක් සිදූවූවොත් ඇතිවන තත්වය ප්‍රචණ්ඩකාරී විය හැකි බවට ආරක්ෂක අංශ දැනුවත් කර තිබේ.

    ඉදිරි කාලසීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා අද සවස ප්‍රකාශ කළේය.

    මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ තත්ත්වයක් ඇති වුවහොත් ඊට එරෙහිව දැඩිව කටයුතු කරන බවත් අවශ්‍ය වුවහොත් රට තුළ ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට සූදානම් බවත් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් අමාත්‍යවරයා සදහන් කරයි.

    සඳුදා දින (23) නිවාඩු දිනයක් බවට පත්කර ඇත්තේද අනවශ්‍ය ඒකරාශිවීම් වලක්වාලීමේ පූර්ව අමුණකිනි. සිදුවිය හැකි දේ අනුව මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම තීරණය වනු ඇත.

    මේ අතර, පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ සහ සතියක් ඇතුළත කිසිම පුද්ගලයෙකුට රථ වාහනවලින් හෝ පාගමනින් පෙළපාලි යෑම සම්පූර්ණයෙන් තහනම් බවත් සියලුම ජනතාව මෙම නීතිරීතිවලට අවනතව කටයුතු කළයුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම්දෙයි.

    අද (21) පස්වරු 4ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්වීමෙන් පසු පොලිස් නිලධාරීන් සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් අවශ්‍ය පරිදි රාජකාරියේ යෙදී සිටින අතර පොලිස් මාර්ග බාධක ක්‍රියාත්මක වන බැවින් ප්‍රතිඵල නිකුත්කර අවසන්වන තුරුම රට තුළ ආරක්ෂක වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවද වාර්තා විය.

    මේ අතර බල පෙරළියක් සිදුවූවොත් පලිගැනීම් සිදුවීමට ඇති ඉඩකඩ වැඩි බැවින් ඒ ගැන ආරක්ෂක අංශ සීරුවෙන් සිටින බවද වාර්තා විය.


    GLN
     
    • Love
    Reactions: dxx