Breaking News: වෙළෙඳපොළේ ගෑස් හිඟයක්

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඩොලර් අර්බුදය හමුවේ ගෑස් නෞකා 3ක් දින 6ක සිට මෙරට මුහුදේ ඉන්ධන අර්බුදය මධ්‍යයේ මේ වන විට වෙළෙඳපොළේ ගෑස් හිඟයක් නිර්මාණය වී තිබේ.

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ජනතාව සහ අලෙවි නියෝජිතයන් පවසන්නේ වෙළෙඳපොළ තුළ යළිත් වරක් ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති බවයි.

    ලිට්‍රෝ සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කළේ ඉකුත් සිකුරාදා සිටම ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවයි. ඒ අනුව ආදාහනාගාර, කර්මාන්තශාලා සහ මහා පරිමාණ හෝටල් සඳහා ද ගෑස් සිලින්ඩර නිකුත් කිරීම නතර කර තිබේ.

    ගෑස් රැගත් නෞකා 3ක් දින 6ක සිට මෙරට මුහුදේ නැංගුරම් ලා ඇති අතර ඩොලර් අර්බුදය හමුවේ මෙරට වාණිජ බැංකු ණයවර ලිපි නිකුත් නොකිරීම ගැටලුවට හේතු වී ඇති බව ලිට්‍රෝ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

    වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය හේතුවෙන් ආපනශාලා, බේකරි ඇතුළු ක්ෂේත්‍ර රැසකට මේ වන විට බලපෑම් එල්ල වී තිබේ.


    අරුණ
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,793
    3,221
    113
    37
    @ katubedda
    අපිට කලින් වගේ දර සෑයවල් වල මිනී පුච්චන්න පුළුවන්.
    තරු පහේ හෝටල් වල ගෑස් නැති නිසා නිකන්ම තරු ටික ගැලවිලා වැටෙයි. කරන්ට් එකත් නැති ඉන්ඩක්ෂන් කුකර් වලින් ඇති තේරුමකුත් නෑ.
    බේකරි වල දර ලිපේ පාන් හදයි.
    පාන් හදන්න පාන් පිටි තියෙනවද..
     
    • Wow
    Reactions: Heshan Daminda

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,616
    6,890
    113
    වදුරව
    ගෑස් වලින්ද ඉස්සර අපි කෑම ඉවුවෙ. current, ගෑස් ඔවා මේ අරුමොසම් වැඩ.

    දර ලිපෙ කෑම කොච්චර රහද
     
    • Like
    Reactions: SupiriKollek

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අපි රෙඩී....
    Screenshot_2022_0306_123854.jpg
    Screenshot_2022_0306_123829.jpg
    Screenshot_2022_0306_123806.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,642
    113
    Colombo
    ගුපියො බිල්ලො මවනව.ඔයාල පැනික් වෙන්න එපා..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,966
    2
    54,676
    113
    කෝ @erozan දුවගෙන ඇවිත් කොළඹට ගෑස් තියෙනව කියන්නැද්ද 😂

    විමලේ එලෙව්ව විතරයි කොළඹටත් අගහිඟ 😅
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    FB ඒකේ නීතිය සම්බන්ද group ඒකක පිටුවකින්......

    උත්සව ශාලාවක සිකුරාදා පැවැත්වීමට නියමිත මංගල සාදය සදහා ආහාරපාන සැපයීමට,
    ගෑස් නොමැතිකමින් සාදය අවලංගු කරන බව උත්සව ශාලාවේ හිමිකරු සදුදා පවසනවා .
    ගත යුතු නීතිමය ක්‍රියාමාර්ගය මොක්ක්ද ?
     
    • Wow
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    FB ඒකේ නීතිය සම්බන්ද group ඒකක පිටුවකින්......

    උත්සව ශාලාවක සිකුරාදා පැවැත්වීමට නියමිත මංගල සාදය සදහා ආහාරපාන සැපයීමට,
    ගෑස් නොමැතිකමින් සාදය අවලංගු කරන බව උත්සව ශාලාවේ හිමිකරු සදුදා පවසනවා .
    ගත යුතු නීතිමය ක්‍රියාමාර්ගය මොක්ක්ද ?
    Mara case ekane bn eka, un hari nam pitin hari supply karanna onene
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Mara case ekane bn eka, un hari nam pitin hari supply karanna onene
    සාධාරණ හේතුවක් නිසා - නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නත් බැහැ වගේ.
    විකල්ප ක්‍රම තමා හොයන්න වෙන්නෙ..
     
    • Sad
    Reactions: JokerFan