Breaking News

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මුස්ලිම් පල්ලියක් ඉදි කිරීමට විරෝදය පල කර දඹුල්ල නගරයේ විරෝදතා. ඒ 9 මාර්ගයේ කණ්ඩලම හන්දියෙන් වාහන ගමනාගමනයට බාධා....

    පූජා භූමියේ ඉඩම් බේරා දෙන්නැයි දඹුල්ලේ උද්ඝෝෂණ

    2012 අප්‍රියෙල් 20 සිකුරාදා- පස්වරු 12:31
    දඹුල්ල රජ මහා විහාරස්ථානයට අයත් ඉඩම් අන්‍යාගමික සිද්ධස්ථාන ඉදිකිරිම සදහා ලබා දෙන බවට චෝදනා කරමින් දඹුල්ලේ අද (20) උද්ඝෝෂණයක් පැවැත්වෙනවා. සියම් මහා නිකායේ රංගිරි දඹුලූ පාර්ශවයේ මහානායක ඉනාමලූවේ ශ‍්‍රී සුමංගල හිමියන් හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ පූජා භූමි සංවර්ධනයට යැයි පවසමින් දඹුල්ල රජ මහා විහාරස්ථානයට අයත් අක්කර 300 ක් පමණ රජයට පවරා ගත් බවයි. කෙසේ වෙතත් මේ වන විට පැවැත්වෙන උද්ඝෝෂණය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා දඹුල්ල හිරු ප‍්‍රාදේශීය වාර්තාකරු කාංචන කුමාර ආරියදාස මෙලෙස සම්බන්ධ කර ගත්තා.

    කෙසේ වෙතත් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය දීමු ජයරත්න පවසන්නේ දඹුල්ල පූජා භූමියට අයත් භූමියේ කිසිදු ඉදිකිරිමකට තමා අනුමැතිය ලබා දී නොමැති බවයි. දඹුල්ල පූජා භූමියේ අනවසර ඉදිකිරිමක් පවතින බවට කිසිදු පාර්ශවයකින් තම අමාත්‍යාංශයට පැමිණිල්ලක් ලැබී නොමැති බව ද අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටිනවා. කෙසේ වෙතත් අනවසර ඉදිකිරිමක් පිළිබඳව ජනමාධ්‍යයෙන් ලැබුණු වාර්තා අනුව කරුණු සොයා බලා ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමට නියමිත බව ද අග‍්‍රාමාත්‍ය දීමු ජයරත්න සඳහන් කළා.

    කෙසේ වෙතත් දඹුල්ල හිරු වාර්තාකරු කාංචන කුමාර ආරියදාස කියා සිටියේ මේ වන විට දඹුල්ලේ නොසන්සුන්කාරි තත්ත්වයක් පවතින බවයි. මුස්ලිම් පල්ලියක් පිහිටි භූමියකට ඇතුළු වූ පිරිසක් පූජා භූමි ඉඩම් අන්‍යාගමික ගොඩනැගිලි ඉදිකිරිමට ලබා දෙන බව පවසමින් මෙසේ විරෝධතාවයේ නිරත වන බව ඔහු කියා සිටියා.
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ela pics nadda ban

    32517.jpg
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    පන්සල් ඉඩම් වලට ආන්ඩුව කෙලින්න යන්නේ රඡා දැන් හම්බයෙක් නේ
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔන්න මහා ලොකු මහින්දගේ වැඩ. හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස්...:angry::angry::angry::angry::angry:

    mosque.jpg


    මුස්ලිම් දේවස්ථානයක් විවෘත කළ ජනපති ලෝක ඉතිහාසයට

    MR04112012M_1.jpg


    ජයසිරි මුණසිංහ සහ ධනුෂ්ක ගොඩකුඹුර නුවරඑළිය සිට මුස්ලිම් නොවන රාජ්‍ය නායකයකු මුස්ලිම් දේවස්ථානක් විවෘත කරන්නට පැමිණි ප්‍රථම අවස්ථාව ශ්‍රී ලාංකේය පමණක් නොව ලෝක ඉතිහාසයේත් රන් අකුරින් සටහන් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නුවරඑළිය අල් කබීර් ජුම්මා ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයේ නව ගොඩනැඟිල්ල ඊයේ (11) ජනතා අයිතියට පවරා දුන්නේය.

    සුන්දර නුවරඑළියේ වසන්ත සමය වඩාත් වර්ණවත් කරමින් වසර 110 ක අභිමානවත් ඉතිහාසයක් සමරන මේ දේවස්ථානය වෙත සපැමිණි ජනාධිපතිතුමා ඉස්ලාම් ආගමික නායකයෝ සහ බැතිමත්හු මහත් ආදරයෙන් හා හරසරින් පිළිගත්හ. හාවාඑළිය අරාබි විද්‍යාලයේ ඉම්රාන් ෆලීල් සිසුවා ජනාධිපතිතුමා වෙත බුලත් හුරුලු පිළිගැන් වූවේය. දේවස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම සනිටුහන් කරමින් ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කළේය. බේරුවල හිටපු නගරාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක දිවංගත එම්. එස්. එම්. ෆලීල් මහතාගේ ධන පරිත්‍යාගයෙන් මේ නව ගොඩනැගිල්ල විවෘත කර ඇත.
    අනතුරුව දේවස්ථාන පරිශ්‍රයට ඇතුළු වූ ජනාධිපතිතුමා ඉස්ලාම් සම්ප්‍රදායානුකූලව අනෙකුත් මැතිඇමැතිවරුන් සමඟ බිම හිඳගෙන ගෞරවණීය උත්සව සභාවට එක්විය.
    ඉස්ලාම් ආගමානුකූලව ක්‍රාත් ආගමික චාරිත්‍රය ඉටු කරන ලද්දේ හාවාඑළිය අරාබි විද්‍යාලයේ මොහොමඩ් උසාමා සිසුවා විසිනි. දේවස්ථානයේ දායක සභාවේ සභාපති, නාගරික මන්ත්‍රී අල්හාජ් ෆලීල් මහතා පිළිගැනීමේ කතාව පැවැත්වීය.
    නිදහස් පලස්තීන රාජ්‍යයක් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සමුළුවේදී හඬ නැගූ එකම රාජ්‍ය නායකයා මෙන්ම ලොව සෑම මුස්ලිම් රටක් සමඟම සුහදව කටයුතු කරන නායකයකු වශයෙන් ද මුස්ලිම් ජනතාවගේ ගෞරවාදරයට පාත්‍රව සිටින ජනාධිපතිතුමාගේ අතින් මේ ගොඩනැගිල්ල විවෘත කරන්නට ලැබීම මහත් ආඩම්බරයට කරුණක් බව හෙතෙම පැවසීය.
    යුද්ධය තුරන් කර රටට සාමය ගෙනවිත් සෑම ජන කොටසකටම සාමදානයෙන් ජීවත් වීමට ඉඩ සලසා දුන් ජනාධිපතිතුමා වෙත අල්ලා දෙවිඳුන්ගේ පිහිට පතමින් ආරාබි භාෂාවෙන් පිළිගැනීමේ ගීතය ගායනා කරන ලද්දේ හාවාඑළිය අරාබි විද්‍යාලයේ සිසුන් විසිනි. සමස්ත ලංකා ජම්අතුල් උලමා සංගමයේ සභාපති අස්ශේක් රිස්වි මුෆ්ති පූජකතුමන් සිය දේශනාවේදී සඳහන් කළේ සියලු ජාතීන් එක්ව කටයුතු කරමින් රට ගොඩනගන්නට ගන්නා උත්සාහයට ලෝකයේ සහයෝගය පළ විය යුතු බවයි.
    සිංහල මෙන්ම ද්‍රවිඩ භාෂාවෙන් ද සිය අදහස් ඉදිරිපත් කළ ජනාධිපතිතුමාට ඉස්ලාම් බැතුමතුන්ගේ ප්‍රසාදය පළ කෙරිණ. ජනාධිපතිතුමා වෙත සමරු ඵලකයක් ද පිරිනැමුණු අතර දේවස්ථාන භූමියේ පැළයක් රෝපණය කරන්නටත් ජනාධිපතිතුමා එක්විය. දේවස්ථාන ගොඩනැගිල්ල විවෘත කරන්ට පෙරාතුරව ජනාධිපතිතුමා නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.
    විහාරස්ථානය වෙත පැමිණ සිටි සැදැහැවතුන් සමඟ සුහද කතා බහක නියැළුණු ජනාධිපතිතුමා ඔවුන්ට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කළේය. ඇමැතිවරුන් වන සී. බී. රත්නායක, නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ. එච්. එම් අස්වර්, ජේ. ශ්‍රී රංගා, අල් කබීර් දේවස්ථානයේ දායක සභාවේ සභාපති, නාගරික මන්ත්‍රී අල්හාජ් ෆලීල් මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ

    :angry::angry::angry::angry::angry:
     

    Similar threads