breaking news

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,686
    113
    Paraguay
    11144420_10153321598266259_6260873023527460789_n.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,861
    26,882
    113
    මහින්දවාදීන් බොරු වපුරයි! :rofl:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා සැකසීමේ බලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති ‘පී. මහින්ද රාජපක්ෂ' වෙත ලබාදුන් බවට මහින්දවාදී මාධ්‍ය ඔස්සේ මේ වන විට ගෙන යන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යක් බව ජනාධිපති කාර්යාලීය ප්‍රකාශකයෙකු ‘ලංකා නිවුස් වෙබ්' වෙත සැලකර සිටියේය.

    මෙම ප්‍රචාරයේ අරමුණ මහින්දවාදීන් විසින් හෙට (01) තංගල්ල කාල්ටන් නිවසට යාම සඳහා සූදානම් කර තිබෙන රථ පෙලපාලියට මිනිසුන් රැස් කිරීම හැර වෙනත් කරුණක් නොවන බව එකී ප්‍රකාශකයා සඳහන් කර සිටියේය. තමන්ට නැති බලයක් ඇති බව පෙන්වමින් ජනාධිපතිවරයා පීඩනයට ලක්කොට ඔහු සමග සන්ධාන ගතවීම මෙම බොරු ප්‍රචාරවල එකම අරමුණ බව එකී ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

    ජනාධිපතිවරණයට අවුරුදු 2 ක් තිබියදී අසීමිත බල තණ්හාව නිසා ජනාධිපතිවරණයක් කැඳවමින් සිදුකළ ඉතිහාස ගතවන වරදේ දෙවන අදියර වන්නේ පී. මහින්ද රාජපක්ෂ, ශ්‍රීලනිපය දෙකඩ කරමින් අමන හොරු රැළක් සමග එක්වී මහ මැතිවරණයට ඉදිරිපත් වීම බවත්, ජනාධිපතිවරණයේ තමා භූමිදානය වූ ආකාරයට ඔහු වටා රොද බැඳ සිටින ගෝල බාලයින්ද මහ මැතිවරණය හරහා භූමිදානය කරවීම හිටපු ජනාධිපතිවරයාගේ මෝඩ අභිලාශය බව ජනාධිපති කාර්යාලීය ප්‍රකාශකයා අවසන් වශයෙන් සඳහන් කර සිටියේය.

    මෙම බොරු ප්‍රචාරය පිළිබඳව ජනාධිපති කාර්යාලය තවත් ස්වල්ප වේලාවකින් නිල නිවේදනයක් නිකුත් කිරීමට නියමිත වේ.

    - http://sinhala.lankanewsweb.net/news/17553-2015-06-30-09-17-24
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,861
    26,882
    113
    කිසිසේත්ම මහින්ද රාජපක්ෂට නාම යෝජනා හෝ ජාතික ලැයිස්තුව හෝ දෙන්නේ නෑ: පක්ෂය දෙකඩ කඩන්න ඉඩ දෙන්නේත් නෑ -සුසිල් අනුර නිමල් තුන්කට්ටුවට ජනාධිපති අවධාරණය කරයි

    (ලංකා ඊ නිව්ස් -2015.ජුනි.30, ප.ව.4.45) තමා කිසිසේත්ම මහින්ද රාජපක්ෂට නාම යෝජනා හෝ ජාතිත ලැයිස්තුව හෝ නොදෙන බවත් එසේම පක්ෂය දෙකඩ කැඩීමට ඉඩ නොදෙන බවත් ඊයේ රාත්‍රී තමා හමුවී සාකච්ඡා කිරීමට පැමිණි සුසිල් ප්‍රෙම් ජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා සහ නිමල් සිරිපාල සිල්වා තුන් කට්ටුව වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අවධාරණය කර ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    දූෂිතයන් නොවන නව මුහුණු මෙම මැතිවරණයේදී ජනතාවට ඉදිරිපත් කළ යුතු යයි පවසා ඇති ජනාධිපතිවරයා පක්ෂය භේද බින්න කරන අයට තමාගෙන් සමාවක් නැතැයි අවධාරණය කර ඇත.

    එජනිස ලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත මේ වන විට මහින්ද රාජපක්ෂ සමගද ඩබල් ගේමක යෙදී සිටින දීනයෙක් වී ඇති අතර සාකච්ඡාවෙන් පසු වහලුන් විසින් ප්‍රචාරය කරන ලද්දේ ජනාධිපතිවරයා කොන්දේසි සමග මහින්ද රාජපක්ෂට නාමයෝජනා දීමට කැමැති වූ බවකි. එය අමූලික අසත්‍යයකි. දූෂිත රාජපක්ෂ වරු යලි බලයට ගෙන ඒමට එරෙහිව ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිටියද වහලුන්ගේ උපාය වී ඇත්තේ ජනාධිපතිවරයා දෙකට දෙවාරණයේ සිට අවසානයේ මහින්දට අවස්ථාව දීමට අකමැති වුනා යන බොරුව ජනගත කොට ජන අනුකම්පාව දිනා ගැනීමයි.

    මේ අතර සුසිල් අනුර ප්‍රියදර්ශන සහ නිමල් තුන්කට්ටුව ජනතාව විසින් පළවා හරින ලද මෘග චෞර ඒකාධිපතියා මුණ ගැසීම සඳහා අද මහනුවර බලා ගොස් තිබේ. ජනාධිපතිවරයාගේ දැඩි ස්ථාවරය ඔවුන් පරාජිත ඒකාධිපතියාට දැනුම් දෙනු ඇති අතර ඔහු විසින් හෙට මැදමූළනදී කුමක්දෝ විශේෂ යැයි කියන ප්‍රකාශයක් කරන බව වහලුන් කියති. ඒකාධිපතියාට ඡන්දයට එන්නැයි ආරාධනා කිරීමට හෙට වහලුන් විසින් රථ පෙරහැරකින් ඔහු හමුවීමට යෑමට සූදානම් වන අතර මේ වන විට වහලුන් හම්බන්තොට කරා ඇදෙමින් පවතී.

    monson

    Well-known member
  • May 7, 2007
    24,861
    26,882
    113
    විමල්ගේ ඩුප්ලිකේට් පක්ෂයේ අගමැති අපේක්ෂකයා මහින්ද ! :rofl:

    විමල් වීරවංශ මහතා ගේ ජාතික නිදහස් පෙරමුණේ නායකයකු වන පියසිරි විජේනායක මහතා ලේකම් ධුරය හෙබවූ දේශප්‍රේමී ජාතික පෙරමුණ පක්ෂයේ නාමය ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ජාතික බලය නමින් වෙනස් කෙරුණ අතර එළඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරයා එම පක්ෂයෙන් අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයකු පැවැසීය. ඒ අනුව ලබන ජූලී මස 9 වන දින අනුරාධපුරයේ පැවැත්වෙන ‍රැළිය සඳහා රාජපක්ෂ මහත එක් වීමට නියමිතය.

    මේවන විටත් අදාළ පක්ෂයේ නව ව්‍යවස්ථාව සකස්කර මැතිවරණ කොමසාරිස්වරයාට ලබා දී ඇති අතර නව මැතිවරන ප්‍රතිපත්ති ප්‍රකාශනයද සකසා මුද්‍රණයට සූදනම් කොට ඇත. සියලූම දිස්ත්‍රික්ක සඳහා නාම යෝජනා පත්‍ර සැකසීමද මේවන විට අවසන් අදියරේ පවතින බවත් එම පක්ෂයේ ප්‍රකාශකයා පැවැසීය.

    මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලනීපයෙන් හෝ එක්සත් ජනතා නිදස් සන්ධානයෙන් හෝ නාමයෝජනා ලබා නොදෙන බව මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේදී ස්ථිර තීන්දුවක් ගැනීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතාව තමන්ගේ පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස මහ මැතිවරණය ඉදිරිපත් කිරීමට විමල් වීරවංශ ඇතුළු පිරිස මෙම තීන්දුව ගෙන තිබේ. මේ සඳහා උදය ගම්මන්පිළ, දිනේශ් ගුණවර්ධන ආදි මහින්ද වාදීන්ගේ සහය හිමිව ඇතත් ඔවුන් සමඟ සිටි විශාල කණ්ඩායමක් ශ්‍රී ලනිපයෙන්ම මහ මැතිවරණය තරග කිරීම සඳහා ජනාධිපතිවරයගෙන් අනුමැතිය ඉල්ලා ඇති බවත් වාර්තා වේ.

    - http://lankadaily.com/latestnews/item/7833-2015-06-30-07-46-59
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කිසිසේත්ම මහින්ද රාජපක්ෂට නාම යෝජනා හෝ ජාතික ලැයිස්තුව හෝ දෙන්නේ නෑ: පක්ෂය දෙකඩ කඩන්න ඉඩ දෙන්නේත් නෑ -සුසිල් අනුර නිමල් තුන්කට්ටුවට ජනාධිපති අවධාරණය කරයි

    (ලංකා ඊ නිව්ස් -2015.ජුනි.30, ප.ව.4.45) තමා කිසිසේත්ම මහින්ද රාජපක්ෂට නාම යෝජනා හෝ ජාතිත ලැයිස්තුව හෝ නොදෙන බවත් එසේම පක්ෂය දෙකඩ කැඩීමට ඉඩ නොදෙන බවත් ඊයේ රාත්‍රී තමා හමුවී සාකච්ඡා කිරීමට පැමිණි සුසිල් ප්‍රෙම් ජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා සහ නිමල් සිරිපාල සිල්වා තුන් කට්ටුව වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අවධාරණය කර ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    දූෂිතයන් නොවන නව මුහුණු මෙම මැතිවරණයේදී ජනතාවට ඉදිරිපත් කළ යුතු යයි පවසා ඇති ජනාධිපතිවරයා පක්ෂය භේද බින්න කරන අයට තමාගෙන් සමාවක් නැතැයි අවධාරණය කර ඇත.

    එජනිස ලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත මේ වන විට මහින්ද රාජපක්ෂ සමගද ඩබල් ගේමක යෙදී සිටින දීනයෙක් වී ඇති අතර සාකච්ඡාවෙන් පසු වහලුන් විසින් ප්‍රචාරය කරන ලද්දේ ජනාධිපතිවරයා කොන්දේසි සමග මහින්ද රාජපක්ෂට නාමයෝජනා දීමට කැමැති වූ බවකි. එය අමූලික අසත්‍යයකි. දූෂිත රාජපක්ෂ වරු යලි බලයට ගෙන ඒමට එරෙහිව ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිටියද වහලුන්ගේ උපාය වී ඇත්තේ ජනාධිපතිවරයා දෙකට දෙවාරණයේ සිට අවසානයේ මහින්දට අවස්ථාව දීමට අකමැති වුනා යන බොරුව ජනගත කොට ජන අනුකම්පාව දිනා ගැනීමයි.

    මේ අතර සුසිල් අනුර ප්‍රියදර්ශන සහ නිමල් තුන්කට්ටුව ජනතාව විසින් පළවා හරින ලද මෘග චෞර ඒකාධිපතියා මුණ ගැසීම සඳහා අද මහනුවර බලා ගොස් තිබේ. ජනාධිපතිවරයාගේ දැඩි ස්ථාවරය ඔවුන් පරාජිත ඒකාධිපතියාට දැනුම් දෙනු ඇති අතර ඔහු විසින් හෙට මැදමූළනදී කුමක්දෝ විශේෂ යැයි කියන ප්‍රකාශයක් කරන බව වහලුන් කියති. ඒකාධිපතියාට ඡන්දයට එන්නැයි ආරාධනා කිරීමට හෙට වහලුන් විසින් රථ පෙරහැරකින් ඔහු හමුවීමට යෑමට සූදානම් වන අතර මේ වන විට වහලුන් හම්බන්තොට කරා ඇදෙමින් පවතී.

    enews liyana ekata hondatama ridila. :P

    වහලුන්, මෘග චෞර ඒකාධිපතියා, කුමක්දෝ විශේෂ යැයි කියන ප්‍රකාශයක් කරන බව වහලුන්, වහලුන් හම්බන්තොට කරා ඇදෙමින් පවතී

    ayyo jada maadya.