Buddhism question

ek_rosh

Well-known member
  • May 9, 2014
    2,970
    1,908
    113
    how we can isolate brain in buddhism way.like eye consiousness ,ear consiousness.brain consiousness?

    Eye is not just the eye..

    Eye = Physical eye+occipital (part of the brain responsible for vision)

    Eye conciseness could rise in occipital.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    හිත කියන්නේ බෞථික දේවල් වලින් හටගන්න එකක් කියල තමයි අභිධර්මයෙත් කියන්නෙ

    හිත (චිත්ත, මනස, විඥ්ඥාණය?) භෞතිකයෙන් (දේවල් වලින්) හටගන්නවා කියලා අභිධර්මයේ කොහොමද සඳහන් වෙන්නෙ ? අභිධර්මය ඩුවලිස්ටික් ඉගැන්වීමක් කියලා තමයි ග්‍රීන්තන්ඩර් දන්නෙ. භෞතිකයෙන් හේතුප්‍රත්‍ය වශයෙන් හිතට බලපෑම් වෙනවා. පට්ඨානයේ සුවිසි ප්‍රත්‍යයේ මේක පැහැදිලි වෙනවා ඇති. හදාරලා නැති නිසා හරියටම දන්නෙ නැහැ. නමුත් භෞතික දේවල් වලින් හටගන්න එකක් කියලා නම් අහලා නෑ. එහෙම තියනවා කියල හිතන්නත් අපහසුයි.

    සූත්‍ර වල එක් පර්යායකට අනුව උනත් විඥ්ඥානය රඳා පවතින්නෙ නාම රූප මත. එතනදි මතුකරන ප්‍රධානතම කාරණය තමා නාම-රූප විඥ්ඥානය මතත් විඥ්ඥානය නාම-රූප මතත් රඳපවතින (කන්ඩිශන් වෙන) බව. වලින් හටගැනීමක් එතන කතා කරන්නෙ නැහැ. පැහැදිලි කිරීමට නලකලාපීය සූත්‍රය සඳහන් කරන්නම් සරල ඉංග්‍රීසි එක.

    ‘No, Reverend Koṭṭhita, consciousness is not made by oneself, nor by another, nor by both oneself and another, nor does it arise by chance, not made by oneself or another. Rather, name and form are conditions for consciousness.’

    How then should we see the meaning of this statement?”

    “Well then, reverend, I shall give you a simile. For by means of a simile some sensible people understand the meaning of what is said. Suppose there were two bundles of reeds leaning up against each other. In the same way, name and form are conditions for. consciousness.
    Consciousness is a condition for name and form. Name and form are conditions for the six sense fields. The six sense fields are conditions for contact. … That is how this entire mass of suffering originates. If the first of those bundles of reeds were to be pulled away, the other would collapse. And if the other were to be pulled away, the first would collapse. In the same way, when name and form cease, consciousness ceases. When consciousness ceases, name and form cease.
    -නළකලාපීය සූත්‍රය. translation by Ven .Sujatho.

    මෙතන පෙන්වන්නේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලියක් විනා දේවල් "වලින්" හටගැනීමක් නෙමෙයි. එකිනෙකට හේත්තු වෙලා තියන බටකෝටු මිටි දෙකකට කෙලින් හිටගෙන ඉන්න හැකියාවක් ලැබෙන විදිහට තමා නාම රූපත් විඥ්ඥානත් අපිට විද්‍යාමාන වෙන්නෙ. එතනින් එකක් අයින් කලොත් අනිකත් ඇදගෙන වැටෙනවා.

    මෙතනින් ගන්න තියන අදහස තමා බුදුදහමේ මනුශ්‍ය අත්දැකීම පැහැදිලි කිරීම යනු සංකීර්ණ අන්තර් ක්‍රියාවලියක නිරීක්ෂණය කල හැකි කාරණා රශියක් පෙන්වීම විනා ඒවා තුල තනිතනිව පැවැත්මක් (තනියම හිටගන්න පුලුවන් බටමිටි) ඇති ද්‍රව්‍ය බිහිවීමක්/හඟීමක් ප්‍රකාශ කිරීම නෙමෙයි.

    paticca-a.jpg

    Edited - image added. Changed last paragraph.
     
    Last edited:
    • Like
    Reactions: Emios and ek_rosh

    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    Copied
    ගැලවීම් සඳහා අඩේට තිබ්බ දේවල්වලින් ගැලවීම ලේසි නෑ. උදාහරණයක් විදියට... සත්ව සඥාව කියන දැඩි නිත්‍ය අදහසෙන් මිදෙන්න අපිට දීල තියෙනවා නාම රූප සංකල්පය.
    නාම රූප විදිහට බලද්දි සත්වයෙක් හොයාගන්න බෑ. ලෝකය තුළ හමුවෙන්නෙම නාම කොටසුයි රූප කොටසුයි. දැන් වෙන්නේ කලින් තිබ්බ සත්ව පුද්ගල ගතිය බොරු වෙලා නාම රූප දෙක ඇත්ත වීම. දැන් ඇත්තටම නාමයයි රූපයයි නිත්‍ය වශයෙන් පවතින දෙකක් වෙලා.
    කලින් තිබ්බ මෝඩකම් වලට සාපේක්ෂව මේක වටිනා තැනක්. හැබැයි අඩේට අහුවෙලා ඉන්නේ.
    ❤️🙏.

    ඕකම වෙනවා "මම දැන් මෙතැන "
    ගොඩක් වෙලාවට මම නැති වෙලා දැන් මෙතැන ඉතුරු වෙනවා
    හැබැයි දැන් මෙතැන ඉතුරු වෙන්නත් බෑ

    📸 Look at this post on Facebook
    https://www.facebook.com/share/p/jdrU9FYNs6wq7GDs/?mibextid=zLoPMf
     
    ලෝකය තුල නාම රුප හොයන එකම අවුලක් කියල හිතෙන්නෙ නැති ද?
     
    • Like
    Reactions: nipund

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,620
    2,125
    113
    Ai brain damage ekakdi sithuwili nethi wenne.vinchanaya sithuwili damayak nan.eka brain ekata sambanda wenne kohomada
    Brain eka machan tool ekak. Panchendriya ta ena සංවේදනය process karanna eya inne.

    Vinchanaya thama karama ras karaganne. E e aramunata adalawa sithuvili goda nagala e adala kriyawal kayin wachanayen sidu karala.

    Karama ras karanna siyaluma sariraya kriyathmaka vima control karanne brain eken.

    Ex:. Brian eka JCB ekak kiyala hithapan, panchendriya eke showel eka, roda, hand wage kalla. Oya tika kiyala hithapanko.
    Dan oya okkoma thibbath mukuth wenne nane.
    Minihek inna one oprate karanna. U dena command walata thama bako eke sensors walin anith kali walin wada karanne. Anna ehema
     
    • Like
    Reactions: Emios

    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    ලෝකය තුල නාම රුප හොයන එකම අවුලක් කියල හිතෙන්නෙ නැති ද?
    හැම පරියායකින්ම විස්තර කරන්නෙ මෙ live experience එක. live experience එක මම ඉන්නවා ලොකෙ තියෙනවා කියන කෙනාට තේරෙන්නෙ ඒ විදිහට . මම නෑ ලොකෙ තියෙනවා කියන කෙනාට එ විදිහට . මමත් නෑ ලොකෙත් නෑ කියන කෙනාට එ විදිහට .
    ඒ ඒ විදිහට අහුවෙලා ඉන්නෙ 🙂
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602

    Hitha wedak nedda etakota.vinchanaya nopihitinna hithe boruwa realzie karagannada tiyenne?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    Hitha wedak nedda etakota.vinchanaya nopihitinna hithe boruwa realzie karagannada tiyenne?
    ඔයා මොනාහරි නතර කරන්නෙ ඒක දුකක් කියලා දැනගත්තාම නෙමේ. දුකක් හින්දා නතර කරොත් අපරාදේ කරන්න තිබ්බ හැගීම ඉතුරු වෙනවා.

    ඇත්තටම දෙයක් ඔයාට අතහැරෙන්න නම්. ඒක "ගොන් පාට්" එකක් කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන..

    එහෙම උනොත් ඒක ඉබේම අතහැරෙන්නවා.

    සසර උනත් එච්චරයි 😊
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    ඔයා මොනාහරි නතර කරන්නෙ ඒක දුකක් කියලා දැනගත්තාම නෙමේ. දුකක් හින්දා නතර කරොත් අපරාදේ කරන්න තිබ්බ හැගීම ඉතුරු වෙනවා.

    ඇත්තටම දෙයක් ඔයාට අතහැරෙන්න නම්. ඒක "ගොන් පාට්" එකක් කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන..

    එහෙම උනොත් ඒක ඉබේම අතහැරෙන්නවා.

    සසර උනත් එච්චරයි 😊
    gonpart kiyala realize wenne brain(hitha,thinking ability) ekatada nattan vinchanayatada?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    gonpart kiyala realize wenne brain(hitha,thinking ability) ekatada nattan vinchanayatada?
    ප්‍රඥා,එක විස්තර වෙන්නේ සයවෙනි ඉන්ද්‍රිය විදිහට හැබැයි එකේ output එක වින්ඥානය එක්ක පහලවෙන්නේ. වින්ඥයය පහළ වෙන්න පාවිච්චි වෙන rules සෙට් එකක් "වගේ ".

    mind vs body. materialism vs idealism .
    මේක ඇත්තටම අදාළ වෙන්නේ නෑ .
    ඔයා මේ කියවන experience එක දෙකට කඩනවා වගේ දෙයක්නේ ඔය කතා කරන්නේ නැද්ද ?
     
    • Like
    Reactions: Emios

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    හැම පරියායකින්ම විස්තර කරන්නෙ මෙ live experience එක. live experience එක මම ඉන්නවා ලොකෙ තියෙනවා කියන කෙනාට තේරෙන්නෙ ඒ විදිහට . මම නෑ ලොකෙ තියෙනවා කියන කෙනාට එ විදිහට . මමත් නෑ ලොකෙත් නෑ කියන කෙනාට එ විදිහට .
    ඒ ඒ විදිහට අහුවෙලා ඉන්නෙ 🙂
    Spot on :-)

    නිවන කියන ස්වභාවය තුල නොපිහිටන්නෙ මොනවද? නිරුද්ධ වෙන්නෙ මොනවද? කේවට්ට සුත්‍රය හරියට බැලුවොත් මේවා පැහැදිලිව කියල තියෙනව. මෙතන නොපිහිටීම සහ නිරුද්ධවීම මනාව අවබෝධ කරගතයුතුයි... සමහරු කොටස් දෙකෙන් එකක් ගැන focus කරනවා, නැත්නම් ඔය දෙකම එකම දේ කියල ගන්නව, තවත් සමහරු නිවනේදී නිරුද්ධ වෙන දේ නොපිහිටනව කියල ගන්නව, නොපිහිටන දේ නිරුද්ධ වෙනව කියල ගන්නව... ඉතින් මෙහෙම තමයි ඔය මම නෑ, මමත් නෑ ලොකෙත් නෑ, නාම රූප නොපිහිටීම නිවන, විඥානය නිරුද්ධ වීම නිවන වගෙ මෝඩ තැන් වලට යන්නෙ...

    මාර්ග ඵල නැති කෙනෙකුට නිවනේ ස්වභාවය ගැන ඇත්තටම no idea. ඕක මෙන්න මෙහෙමයි කියන්න යන හැම තැනම ඔය ඔබතුමා කියනව වගේම දෙකෙන් (ඇත/නැත) කොහේට හරි අඩු වැඩි වශයෙන් අහුවෙල.
     
    • Like
    Reactions: Bekam and Emios