Buddhism Vs Christians

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ කතාව කිසිම ආගමකට අපහස කිරිමට නොවන වග කරුනාවෙන් සලකන්න, විනොදය සදහා පමණක් බව සලකන්න.

    ඔන්න ඉතින් දවසක් පල්ලියෙ පාදර් කෙනෙක් ගමනක් යන්න බස් එකකට නැග්ගලු, ඉතින් මේ පාදර්ට, ඩ්‍රියිවර් සීට් එකට පස්සෙ සීට් එක හම්බ උනා, ඔහොම ටික දුරක් යනකොට මේ බස් එකටම හාමුදුරුනමකුත් නැග්ගලු, ඔන්න ඉතින් හමුදුරුවන්ට පාදර්ටත් පස්සෙ සීට් එක හම්බ උනා, ඔහොම ටික දුරක් යනකොට පාදර් නිකමට පස්ස හරිලා බලුවම, පාදර් දැක්කා හමුදුරුනමක් ඉන්නවා, නොන්ඩියක් දාන්න ඕනා කියලා හිතලා, පාදර් සිගරට් එකක් පත්තු කරගත්තා, ටිකකින් මේ පාදර් "බුදුක්" කිය කියා දුම් පිට කරන්න පටන් ගත්තා, හාමුදුරුවො ටික වෙලාවක් මේක බලාගෙන ඉදලා බැරිම තැන, හාමුදුරුවො කරපු දේ හොදට හුනු දුම්කොල දාල හොද බුලත් විටක් කන්න පටන් ගත්තා, දැන් ඔන්න හාමුදුරුවොත් වැඩෙ පටන් ගත්තා, හාමුදුරුවො බුලත් කෙල ගහන්නෙ "ක්‍රිස්තුක්" කියලා, පාදර් සිගරට් එක බොනවා 'බුදුක්" කියලා දුම් අරිනවා, හාමුදුරුවො බුලත් කාලා "ක්‍රිස්තුක්" කියලා කෙලගහනවා,

    ඉතුරු ටික අහන්න කැමති කට්ටිය කියනාකො බලන්න

     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔහොම ටික දුරක් යනකොට මේ දෙන්න එකම තැනකින් බැස්සා, බැහැලා එකම පාරක් දිගේ තමයි යන්නෙ, ඔන්න ටික දුරක් යනකොට මේ හමුදුරුවො දැක්කලු නා ගහක්, ඉතින් මේ හමුදුරුවො කරපු වැඩේ මේ නා ගහට වැන්දා, එක දැකපු පාදර් කරපු වැඩේ ඒ නා ගහෙන් අත්තක් කඩාගෙන පස්ස පැත්තේ අතුල්ලලා විසි කරාලු, ඔන්න අපහු ටික දුරක් යනකොට බෝ ගහක් හම්බ උනලු, මේ හමුදුරුවො බෝ ගහටත් වැන්දලු, එක දැකපු පාදර් ඒ බෝ ගහේ අත්තක් කඩාගෙන පස්ස පැත්තෙ අතුල්ලලා විසි කරා, හාමුදුරුවො ටිකක් වෙලා කල්පනා කරලා දෙන්නම් හොද වැඩක් කියලා ටික දුරක් යනකොට ලොකු කහබිලියා පදුරක් දැක්කා, හමුදුරුවො කරපු වැඩි බිම පෙරලි පෙරලි කහබිලියා පදුරට වැන්දාලු, මේක දැකපු පාදර් කහබිලියා පදුර ගලවගෙන පස්ස පැත්තෙ අතුල්ලලා විසි කරාලු, ඔන්න ඉතින් පාදර්ට වැඩේ වැරදුනා, දැන ඉතින් කහනවලු හෝ ගාලා. හාමුදුරුවො පාදර්ට කිව්වලු ඔන්න ඔක තමයි කියන්නෙ බුදු දහම ක්‍රිස්තු දහමට වැඩිය බලවත් කියලා. පාදර් එත් පරාජය පිලිගන්න කැමති නැහැ,
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පාදර් හමුදුරුවන්ට කිව්වා, හොදයි අපි බලමු කොයි ආගමද බලවත් කියලා, හාමුදුරුවො ඇහැව්වා දැන් කොහොමද ඕක ඔප්පු කරන්නෙ, එතකොට පාදර් කල්පනා කරලා කිව්වා, හොදයි අපි කෙස් තරගයක් තියමු කියලා. හාමුදුරුවොත් හොදයි එහෙනම් මම දිනෙට එන්නම් කියලා හාමුදුරුවො යන්න ගියාලු,

    දැන් ඉතින් පාදර් කෙස් තරගෙට යමරෙට ලෑස්ති වෙනවා, පාදර්ලා හමුදුරුවො වගේ තට්ටෙබාලා නෙමෙයිනෙ ඉන්නේ ඒ උනත් පාදර් තමන්ගේ අනිත් පාදර්ලට කියලා කෙස් ගස් ගනන් කරනවලු ඔලුවෙ තියෙන, ගනන් කරන්න බැහැල්ලු කෙස් ගස් කොටියක් විතර තියෙනවලු, ඒ මදිවට රැවුලත් තියෙනවා එකෙත් කොටියක් විතර තියෙනවා, දැන් පාදර්ට මාර සැටිස්, මොකද හාමුදුරුවන්ගෙ ඔලුවේ කෙස් ගස් පහකට වැඩිය නැහැනේ, හාමුදුරුවො නම් කිසිම කලබලයක් නැහැල්ලු ඔහේ තමන්ගෙ වැඩ ටික කරගෙන් ඉන්නවලු, ඔන්න ඉතින් තරගය පවත්වන් දිනය උදා උනා.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දැන් ඉතින් පාදර් වෙලාවටත් කලින් තරගය පවත්වන ස්ථානයට අවා. ඔන්න ඉතින් හාමුදුරුවොත් කියපු වෙලාවටම වෙලාවටම ආවලු, සෙනගත් සූගාලා පිරිලා. දැන් ඉතින් තරගය පවත්වන්න සියළු කටයුතු සුදානම්. හාමුදුරුවො පාදර්ගෙන් ඇහැව්වා දැන් මේ තරගයේ නිති රිති මොනවද කියලා, ඒ පාර පාදර් හාමුදුරුවන්ට නිති රිති කියන්න පටන්ගත්තා, වැඩිය නිති රිති නැහැ හාමුදුරුවනේ තරගය පවත්වන්නෙ මෙන්න මෙහෙමයි, තමන්ගේ ආගමේ වැදගත් පුද්ගලයනේ නම් කියලා එක එක කෙස් ගහ ගලවන්න ඔනා, එකට කියවෙන නම් තියෙනවනෙ උදාහරනයක් විදියට සැරියුත්මුගලන් ඒ වගේ නමක් කිව්වොත් ඒ නමේ සදහන් ගානට ගලවන්න පුලුවන්. ඒ කියන්නෙ සැරියුත්මුගලන් කිව්වොත් 2ක් ගලවන්න පුලුවන්, අන්තිමට කෙස් ගස් ඉතුරු උන කෙනා දිනුම්, හාමුහුදුරුවොත් හොදයි එහෙනම් කියලා, දැන් එහෙනම් ඔබ තුමාම තරගය පටන්ගන්න කියලා හමුදුරුවො කිව්වා.
     
    Last edited: