Buddhist AI Assistant (නිවන් මග කියන AI කලණ මිතුරා)

cat123

Well-known member
  • Sep 25, 2007
    2,702
    4,444
    113
    "සබ්බ දානං ධම්ම දානං ජිනාති" (සියලු දානයන් අතර ධර්ම දානය අග්‍ර වන්නේය)

    මෙතෙක් කල් අප පත පොතෙන්, දේශනා හරහා උකහා ගත් බුදු දහම ඉගැනීම දැන් නවතම AI තාකෂණය හරහා.
    ධර්මය පමණක් නොව සාමාන්‍ය ජීවිතයේදී ඔබට ඇතිවන ගැටළු වලට බුදු දහම ඇසුරෙන් නිර්මාණාත්මක පිළිතුරු සැපයීමටද එයට හැකියාවක් තිබෙනවා.

    උදාහරණ කීපයක් :
    🔸පන්සිල් පද මොනවාද?
    🔸පස් පවු යනු මොනවාද?
    🔸ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රයේ සංෂිප්තය කුමක්ද?
    🔸සිතේ කාන්සිය නිවා ගැනීමට බුදුන් දේශනා කළ කරුණු මොනවාද?
    🔸ධනය ගැන බුදු දහමේ ඉගැන්වීම කුමක්ද?
    🔸රැකියාවකදී ඇතිවන මානසික පීඩනයන් අවම කර ගැනීමට ඇති විසඳුම් මොනවාද?
    ඔබත් අද සිට හැකිතරම් මෙම AI ධර්ම මිතුරා ඇසුරු කරන්න.
    පිවිසෙන්න : https://norbu-ai.org/
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,703
    1
    51,552
    113
    ප*යාගල
    sorry.com
    Fatta

    Question: can you explain ascended masters in sinhalese

    NORBU: ඔව්, මම "ආරෝහණ ගුරුවරුන්" පිළිබඳ සංකල්පය බුදුදහමේ දෘෂ්ටිකෝණයෙන් පැහැදිලි කරන්නම්.

    "ආරෝහණ ගුරුවරුන්" (Ascended Masters) යන සංකල්පය සම්ප්‍රදායික බුදු දහමේ කොටසක් නොවේ. මෙය 19 වන සහ 20 වන සියවස්වල බිහිවූ තියොසොෆි සහ නව යුග ව්‍යාපාරවලින් පැමිණි සංකල්පයකි.

    බුදු දහමේ අපි හඳුනාගන්නේ මෙවැනි තත්වයන් ය:

    1. බුදුරජාණන් වහන්සේ - නිවන් මග සොයාගත් සහ ඉගැන්වූ සම්මා සම්බුදු තත්වයට පත් උත්තමයාණන් වහන්සේ
    2. අරහත්වය - සම්පූර්ණ විමුක්තිය ලබාගත් උත්තමයන් වහන්සේලා
    3. බෝධිසත්වයන් වහන්සේලා - සියලු සත්වයන්ගේ යහපත උදෙසා බුද්ධත්වය ප්‍රාර්ථනා කරන උත්තමයන් වහන්සේලා
    4. මහා ගුරුවරු සහ ආචාර්යවරු (නාගාර්ජුන, පද්මසම්භව වැනි)

    "ආරෝහණ ගුරුවරුන්" යන සංකල්පයට ආසන්නතම බෞද්ධ සංකල්පය වන්නේ බෝධිසත්වයන් වහන්සේලා ය. නමුත් මෙය තියොසොෆි සංකල්පයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් ය. බෝධිසත්වයන් වහන්සේලා යනු තම තනි සුවය සඳහා නොව සියලු සත්වයන්ගේ යහපත උදෙසා බුද්ධත්වය ප්‍රාර්ථනා කරන උත්තමයන් වහන්සේලා ය.

    ඔබට සැබෑ බෞද්ධ ආධ්‍යාත්මික මගපෙන්වීම සහ ගුරුවරුන් ගැන වැඩිදුර දැනගැනීමට අවශ්‍ය නම්, මට ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කළ හැකිය.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    AI එකට නිවන් අවබෝධ කරගන්න විදිහට හදන්න බැරිද? Virtual Buddha කෙනෙක් ඉන්නවා එතකොට අපිට. 😍