vehical pissa

Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    yaluwane ape gedara kadunu budu pilima dekak tiyanawa. mekata mokada karanne than than wala dannath ba agaurawayak.me gana danna kenek innwada kadunama mokaakda karanna hodama de.?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පන්සල් වල තියෙනව කැඩුනු බුදු පිලිම ගෙනත් දාන්න තැනක් රවුමක් දාල බලපං :yes: :yes:
    අරං ගිහිං එතනිං තියපං :yes: :yes:
     

    hpalpola

    Well-known member
  • yaluwane ape gedara kadunu budu pilima dekak tiyanawa. mekata mokada karanne than than wala dannath ba agaurawayak.me gana danna kenek innwada kadunama mokaakda karanna hodama de.?


    පින්වත් නොදුටු මිතුර.

    ඔබගේ පැනයට මාගේ පිලිතුරු ද සටහන් කිරීමට සිතුවෙමි. නමුත් එය පිලිගන්නා ලෙසින් මා ඉල්ලා නොසිටිමි. බෞද්ධයා යනු ප්‍රඥාවන්තයා යි. ඒ බැව් සිත්හි රඳවා ගනිමින් විමසන ලෙසින් පමණක් ඉල්ලා සිටිමි. ඔබ අසන්නේ කැඩුනු බුදු පිලිම ගැනයි. සිතන්න සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ දේහය ගැන. පරිනිර්වාණයෙන් පසු රහතුන්වහන්සේලාගේම මූලිකත්වයෙන් එකී ශ්‍රී දේහය ආදාහනය කරන ලදි. තවත් රහතුන්වහන්සේලාගේ දේහයන් බුදුරජාණන්වහන්සේ මුල් වී ආදාහනය කරන ලදි. සියල්ල නැසෙන සුළුය. බුදු පිලිමයකටද එය සත්‍යය. මැටියෙන්, සිමෙන්තියෙන් සකස් කලද එය බිඳීමට ලක් වේ. එවිට අප එය උභතෝකෝටික ප්‍රශ්නයක් කර ගැනීමේ පලක් නැත. ඔබගේ වත්තේ කොහේ හෝ තැනකට එය බැහැර කරන්න. නමුත් ද්වේශය හෝ මෝහය මුල් සිතුවිලි පෙරදැරිව එය සිදු නොකරන්න. එසේත් නැතිනම් එය ඔබේ ගමේ පන්සලේ ස්වාමීන්වහන්සේට බාර දෙන්න. අනිත්‍යතාවය සිහි කරමින් ප්‍රඥාවන්තව ඔබ එය භූමිදානය කලත් ඔබට පවක් සිදු නොවේ. සත්ව කොට්ඨාශ ඇතුළු සෑම දෙයක්ම සකස්ව ඇත්තේ සතරමහා ධාතුන් එක් වීමෙනි. අද නැත්නම් හෙට එය බිඳේ. පිලිමයට ද ඊට වඩා වෙනස් ස්වභාවයක් නැත. කෙසේවෙතත් කැඩුනු පිලිම අනෙකාට අප්‍රසන්න වන ලෙසින් තැන් තැන්වල නොදමන්න. ඊට වඩා මේ ගැන සිතීමෙන් පලක් නැත. දැනටමත් ඔබ කැඩුනු පිලිම වෙනුවට හොඳ පිලිම මිලට ගෙන ඇතුවාට සැක නැත. ඒවාද දිනක කැ‍ඩෙනු ඇත.

    අනිච්චා වත සංඛාරා, උප්පාද වය ධම්මිනෝ, උප්පජ්ජිත්වා නිරුජ්ජන්තී, තේ සං වූප සමෝසුඛෝ.

     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    yaluwane ape gedara kadunu budu pilima dekak tiyanawa. mekata mokada karanne than than wala dannath ba agaurawayak.me gana danna kenek innwada kadunama mokaakda karanna hodama de.?


    26-69. (නබි මුහම්මද් ණී)ඉබ‍්‍රාහිම් පිළිබඳ කතාන්තරය ඔවුනට කියනු
    26-70. නුඹලා නමදින දෑ කුමක්දැයි ඔහු ඔහුගේ පියාටද ඔහුගේ ජනතාවටද කීවේය.

    26-71. අපි පිළිම නමදින්නෙමු. ඒවා සඳහා (මෙහෙය කරමින්) රැුදී සිටින්නෙමුයි ඔවූහු කීහ.
    26-72. නුඹලා අමතන විට ඔවුන් නුඹලාට ඇහුම්කන් දෙනවාදැයි ඔහු(ඉබ‍්‍රාහිම්) කීවේය.

    26-73. නැතහොත්, ඒවා නුඹලාට කිසියම් යහපතක් හෝ අයහපතක් සිදු කරනවාද?
    26-74. නොඑසේය, නමුත් අපේ මුතුන්මිත්තන් එසේ කරනු දුටුවෙමුයි ඔවූහු කීහ.

    26-75. නුඹලා නැමදූ දෑ ගැන නුඹලා සිතා බැලුවෙහිද? ඔහු (ඉබ‍්‍රාහිම්) කීය.
    26-76. නුඹලා සහ නුඹලාට පෙර ගිය නුඹලාගේ මුතුන්මිත්තෝ

    26-77. විශ්වයේ පරමාධිපති හැර ඔවුන් සියලු දෙනාම නියතවශයෙන් මාගේ සතුරන්ය.
    26-78. ඔහුය මා මැව්වේ. තවද ඔහුය මට මඟ පෙන්වන්නා.

    26-79. ඔහුය මට ආහාර පාන දෙන්නා.
    26-80. තවද මා රෝගීවුවහොත් ඔහුය මට සුවය ලබා දෙන්නා.

    26-81. තවද ඔහුමය මා මරණයට පත්කරන්නේත් පසුව මට ජීවය ලබා දෙන්නේත්
    26-82. මාගේ වැරදිවලට විනිශ්චය දිනයේදී මට සමාව දෙනු ඇතැයි මා බලාපොරොත්තු වන්නා ඔහුය.

    26-90. (එදින) ස්වර්ගය බියබැතිමතුන් සමීපයට ගෙන එනු ලබන්නේය.

    26-91. තවද නිරය නොමඟ ගියවුන් අබියසට ගෙන එනු ලබන්නේය.
    26-92, 93. අල්ලාහ් හැර නුඹලා නැමඳු අය කොහේද? ඔවුන් නුඹලාට කිසියම් උදව්වක් කරන්නේද? නැතහොත් ඔවුන්ටවත් උදව් වන්නේ දැයි එවිට ඔවුන්ගෙන් අසනු ලබන්නේය.

    26-94, 95. ඔවුන්(ඔවුන්ගේ දෙවිවරුන්)ද නොමඟ ගියවුන්ද ඉබ්ලීස්(ෂෙයිතාන්)ගේ භටයින්ද සියලු දෙනා එවිට එකිනෙකා මත68 එය(නිරය)ට තල්ලු කරනු ලබන්නේය.
    26-96. එහිදී ඔවුන් එකිනෙකා අතර ආරවුල් වන විට ඔවූහු (ඔවුන්ගේ ව්‍යාජ දෙවිවරුන්ට මෙසේ) කියති.

    26-97. අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමු. නියතවශයෙන් අපි ප‍්‍රකට නොමෙඟහි වූවෙමු.
    26-98. විශ්වයේ රබ්(පරමාධිපති) සමඟ අප නුඹලා සම තත්ත්වයෙහි ලා සැලකීමෙන්

    26-99. දැඩි අපරාධකාරයින් මිස අපව නොමඟ යැව්වේ නැත.
    26-100. දැන් අප වෙනුවෙන් මැදිහත්වන්නෝ කිසිවකුත් නැත.

    26-101. තවද කිසිම සැබෑ මිතුරකුද නැත.
    26-102. ආපසු (ලොවට) යෑමට අපට අවස්ථාවක් ඇතොත් අපි නියතවශයෙන් විශ්වාසිකයන් අතුරින් වන්නෙමු.

    26-103. නියතවශයෙන් මෙහි සංඥාවක් ඇත. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විශ්වාසිකයෝ නොවෙති.
    26-104. නියතවශයෙන් නුඹගේ රබ්(පරමාධිපති) සර්ව බලසම්පන්නය. අසමසම කරුණාන්විතය.
     
    Last edited: