Buffet Guide

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    මිත්‍රවරුනි, කෙළින්ම සබ්ජෙක්ට් එකට. Buffet .



    කොහොමද ලස්සනට වැඩේ දෙන්නේ? මෙන්න මගෙන් ටිප්ස් ටිකක්.(මේක මගේ මතය, අඩු පාඩු තියෙනවා නම් සොරි)

    ගොඩක්‌ 5ස්ටාර් හොටෙල් වලදී මම දැකල තියෙන දෙයක් තමයි ලංකාවේ කපල් ඇවිත් එක්කො පොෂ් වෙන්න පොඩ්ඩක් බෙදා ගෙන කාල ඉක්මනට යනවා. එහෙම නැත්තන් බත් කඳු ගොඩගහගෙන කාල dessert කාල හූල්ල හූල්ල ඉන්නවා. මෙහෙම වෙන්න ඕනේ නැහැ. මොකද අපි ගෙවල යන්නේ කන්න නිසා.

    ටිප් එක.- මම හොටෙල් එකක් බුක් කරන කොට ගොඩක් වෙලාවට හාෆ් බෝඩ් තමයි දාන්නේ. මොකද ෆුල් බෝඩ් ඉඳල මම දන්නවා එකක් කන්න අමාරු බව. අනික උදේ තියෙන සමහර දේවල් දවල්ටත් තියෙනවා. ඉතින් උදේට අලියා වගේ කාල දවල්ට කෝපි එකක් වගේ ගහල ඩිනර් එකට සුදානම් වෙනවා බඩේ ඉඩ එහෙම හදාගෙන. ඩිනර් buffet එක සාමාන්යෙන් දවල් එකට වඩා හොඳයි.

    දෙක - All You Can Eat Buffet කියල කියන්නේ හොඳට ලෑස්ති වෙලා යන්න ඕනේ දෙයක්. කලින් දවසේ හොඳට කාපන්. ඔවු. බඩ stretch කරගෙන ඉන්න ඕනේ.පහුවදා වතුර එහෙම හොඳට බීල ඇඟ hydrate කරගන්න ඕනේ. මම නං කරන්නේ green tea බොන එක. හොටෙල් එකේ පලවෙනියටම සෙට් වෙන්නේ ඩිනර් එකටනං මම එදා දවල්ට වැඩිය කන්නේ නැහැ. හැබැයි green tea බොනවා buffet එකට පැය දෙකක්‌ වෙනකන්. අහ් ඊට පස්සේ ලෙසටම බඩගිනි වෙලයි තියෙන්නේ. (වයිෆ්වත් මේ වැඩේට කැමති කර ගන්න ඕනේ)

    තුන- යකෝ ගියපු ගමන් එල හරක වගේ කන්නෙ නෑ .

    මචං හොටෙල් එකේ අයිති කාරය මේ buffet එක දෙන්නෙ උඹයි ගෑනියි එනව කියල ආරංචි වෙලා උඹලට ඔක්කොම ජාති කන්න කියල නෙවෙයි. එන එක එක අය කන්නේ වෙනස් දේවල් නිසා ලොකු variation එකක් කෑම වල තියෙනවා. ඒ නිසා මුලින්ම සීසර් වගේ මේ buffet එකේ රවුමක් ඇවිදින්න ඕනේ. ඒ යන ගමන් රබර් ඇහැ දාපන්, සුද්දියෙකුට? නෑ. ගණන් වැඩිම කෑම වලට. උඹට ලේසියෙන් කන්න හම්බෙන්නේ නැති කෑම වලට. ඊට පස්සේ dessert සෙක්ෂන් එකත් බලලා ආපහු මුල් තැනට එනවා.

    හතර- දැන් යුද්දය පටන් ගන්නයි යන්නෙ සහෝදරවරුනි, (බැක් ග්‍රවුන්ඩ් එකෙන් යුද බෙර වාදනය වේ) මේ වෙද්දී ඔබ සතුව game plan එකක් තියෙන්න ඕනේ මොනවටද මම වැඩේ දෙන්නේ. මොනවද මම අත අරින්නේ කියල. මම කරන්නේ මස් ජාති ටිකක් වැඩිපුර බෙදා ගන්නවා.
    එහෙම කරන්නේ මුලින්ම bread section එකයි සැලඩ් section එකයි අත ඇරපු නිසා. bread වලට බඩ පිරෙනවා. සැලඩ් section එක අත්‍යවශ්‍ය නැහැ. හැබැයි ගැලපෙන විදිහට චුට්ටක් ඒකෙන් දා ගත්තට අවුලක් නැහැ. චුට්ටයි.මේසෙට ගිහින් හෙමීට වැඩේ දෙනවා.මතක තියා ගන්න මේ වෙලාවට බීම බොන්න යන්න එපා. බඩ ඕවට කැමති නැහැ.

    පහ - පාස්තා, බත් (පිශ්ටය වැඩිපුර තිබෙන දේවල්)වගේ දේවල් ටක් ගාලා බඩ පුරවන දේවල්. ඒ නිසා මුලින්ම මේවා කන්න යන්න එපා. ඒවා දෙවනුව. හැබැයි කනවා කියල පිඟාන පුරවගෙන කන්න එපා. මොකද කටවල් 3ක් 4ක් කනකොට උඹට මේකේ ගතිය නැති වෙනවා. එක හින්ද පොඩ්ඩක් දා ගන්න. අනික ඕනෙම හොටෙල් එකක ලංකාවේ කෑම වෙනම section එකක් තියෙනවා. මම මේක ගැන වැඩිය දඟලන්න යන්නේ නැහැ. මොකද? බත් කන්න, mango curry, gotukola සම්බෝල කන්න මට හොටෙල් ගානෙ යන්න ඕනේ නැහැනේ. මේ ගිය සතියේ මම ගියපු 5ස්ටාර් dinner buffet එකේ ලංකාවේ කපල් එකක් තඩි ඉඳි ආප්ප පිඟානක් කනවා දැක්කා. (උන් කැමති දේ ඒක නං අවුලක් නැහැ. හැබැයි මම ගෙවන වටිනාකමට හිලවු වෙන්න තමයි මම කන්නේ)

    හය- එකක් අරන් කඳු ගහල කනවට වඩා ගොඩක් දේවල් පොඩ්ඩ පොඩ්ඩ අරන් කන්දක් ගහන එක තමයි මගේ මෙතොඩ් එක. මෙතැනදී වැදගත්ම දේ තමයි උඹ buffet එකට ආදරය කරන්න පටන් ගන්න ඕනේ. දැන් යුද්දේ ඉවරයි. හෙමීමීමී.........ට කාපන්. කවුරුත් උඹව එලියට ඇදල දාන්නේ නැහැ. වෙලාව ගනින්. හිවලෙක් වගේ කාපන් . බල්ලෙක් වගේ කාපන්. ඇයි? උඹ දැන් කෑම එක්ක ලවු කර කර ඉන්නේ. හොඳට වෙලාව ගනින්. කාටවත් මුකුත් කියන්න බැහැ . කනවා කියන්නෙත් ආර්ට් එකක් බං .

    හත - උඹ මේ හොටෙල් එකට ගෑනිත් එක්ක ආවේ dessert section එකේ තියෙන ගස්ලබු ගෙඩියෙන් කෑල්ලක් කාල යන්න නෙවෙයි. එහෙනං කෙලින්ම විදපන් ඊතලේ mousse එකක‍ට, නැත්තන් thiramisu එකකට. දැන් වීරයෙක් වගේ බීම වීදුරුවකුත් ගනින් ට්‍රයි කරන්න ඕනේ නං. අර shooters මේ shooters කියල ඇති. ඇදල ඇරපන්.

    අට- දැන් බඩ එහෙම ෆුල් වෙලා තියෙන හින්ද රවුමක් හෙමීට restaurant එක ඇතුලේ ඇවිදලා chef එක්ක පොඩි චැට් එකක් දාල පොඩි compliment පාරක් දාපන්. කෑම enjoy කරා කියල කියපන්. උනුත් ඕව මහන්සි වෙලා හදන්නේ. ඊට පස්සේ ටිකක් වෙලා ටේබල් එකේ වාඩී වෙලා ඉඳල coffee එකක් ඕනේ නං බීපන්.මම කරන්නේ කාල පැයකින් දෙකකින් ග්‍රීන් tea ගහන එක. කාපු ගමන් බොන්න හොඳ නැහැ. යකඩ අවශෝෂණය කරන නිසා.

    මිත්‍රවරුනි- මගේ අවසාන අවවාදය පහුවදා breakfast එක වෙනුවෙනුයි. මම හොටෙල් එකට යද්දී උළු හාල් (Fenu Greek Seeds ) චුට්ටක් අරන් යනවා. රෑට තේ හැඳි දෙකක් කෝප්පෙකට දාල වතුර පුරවල උදේට හිස් බඩට බොනවා. හප්පා... සනීපෙ. දැන් ආපහු වැඩේට ලෑස්තියි.

    මම මේක දැම්මේ හොටෙල් එකකට ගිහින් මොකද කරන්නෙ කියල ත්‍රෙඩ් එකක් දාල තිබිච්ච නිසා සහ අපේ උන් කොතෙකුත් buffet වලදි බත් කඳු ගහල කා ගන්න බැරුව මූන උක කරගෙන අර නුවර සිද්දියෙන් පස්සේ සිරිසේන වගේ කොන් ගැහිල ඉන්නවා දැකල තියෙන නිසා. උඹලගේ බඩ කට පිරුනානං අපිට සන්තෝසයි.

    (එකක් මතක තියා ගනින් බ්‍රෝ, කෑවා වගේම එළියේ ඉන්න ලක්ෂ ගානක් දුක් විඳින අපේ මිනිස්සුන්ටත් මොනවා හරි පස්සේ කරපන්. අපිට තියෙන වාසනාව නැති මිනිස්සු බොහෝමයක් එළියේ ඉන්නවා. අපි කාල ලොකුවට facebook දාන එක නෙවෙයි වීරකම. නිහතමානීව අපෙන් සේවයක් මේ සමාජයට කරන එක) ජය!!!
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බුෆේ දැන් මතක් කරන්න එපා බං..
    මේ ටිකේ ඩයට් ප්ලෑන් එකක් යනවා..
    පස්සෙ බුෆේ යන වෙලාවක මතක් කරලා උඹේ ක්‍රමේ අනුගමනය කරන්නම්
     
    • Like
    Reactions: castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    බුෆේ දැන් මතක් කරන්න එපා බං..
    මේ ටිකේ ඩයට් ප්ලෑන් එකක් යනවා..
    පස්සෙ බුෆේ යන වෙලාවක මතක් කරලා උඹේ ක්‍රමේ අනුගමනය කරන්නම්

    Ela.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    elakiri.mageth style eka oka thamai.hotel ekata yanne kannama thamai.habai thawa deyak second round yanna hithuoth ara kapu plate eka table eke thiyala apahu aluthin plate ekak aragena ekata kanna kemathi jathi tika dagena enna oni.kapu plate ekama apahu buffet ekata ussan yanne na.(ara honeymoon couple ekata kiwwe)meka wedding ekakata gihin kema kanawa wage seen ekak nemei ne.
     
    • Like
    Reactions: castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    elakiri.mageth style eka oka thamai.hotel ekata yanne kannama thamai.habai thawa deyak second round yanna hithuoth ara kapu plate eka table eke thiyala apahu aluthin plate ekak aragena ekata kanna kemathi jathi tika dagena enna oni.kapu plate ekama apahu buffet ekata ussan yanne na.(ara honeymoon couple ekata kiwwe)meka wedding ekakata gihin kema kanawa wage seen ekak nemei ne.

    True, this is correct.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    [B said:
    altnativek[/B]]උබ අදද බුෆේට් එකකට ගියේ? ෆයිව්ස්ටාර් හොටෙල් වල බුෆෙට්‌ වලට යන විදිය ගැනත් මේකේ ත්‍රෙඩ් තිබ්බා බං. ගොන් පාර්ට් ත්‍රෙඩ් දාලා නිකං මහන්සි වෙන්න එපා

    Mehemath msgs enawane.
     

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Machan PATTA. Uba sirawata leyala theyenawa. Godak aya(Math athuluwa) danne nathi dewal keyala deela theyenawa. Thanks lot machan. Rep Added.
     
    • Like
    Reactions: castellain