#Buffets #බුෆේ

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,898
    3,231
    113
    #Buffets
    #බුෆේ

    මොකක්ද මේ බුෆේ ...අපි කොහොමද ගිහින් බුෆේ එකකින් කන්නේ.මට හිතුනා ඒ ගැන දැනුවත් කිරීමක් කරන්න.මේ දවස් වල සමහරුන්ට මේ විදියේ බුෆේ එකකින් කන්න බැරි වෙයි නමුත් නොකෑවත් දැනුවත් වීම වටිනවා කියලයි දැනුවත් කරන්න හිතුවේ..
    දවල් හා රාත්‍රි බුෆේ අපේ රටේ තරු පංතියේ හෝටල් වල විවිධ මිල ගනන් යටතේ පැවැත්වෙනවා.ඉතිං අපි මේ බුෆේ එකකට යන්න කලින් Reservation දාලා යනවානම් තමා වඩා පහසු .Reservation එක දාද්දී අපට පුළුවන් බුෆේ එක කීයේ ඉදන් කීය වෙනකම්ද එක් අයෙකුට මිල කීයද ආදී වශයෙන් දැන ගන්න.
    ඉතිං හිතන්න අපි දැන් බුෆේ එක සදහා ගියා.ඉතිං අපේ මුදල් අපිට ඕනේ විදියට කන්න පුළුවන් කියලා හිතලා අශෝභන විදියට නොහැසිරී මේ විදියට කරමු.ඇත්තටම මේවා පිළිපදින්න මහ අමාරු දේවල් නෙවෙයිනේ. මතක තියාගන්න අපි කන්නේ බඩ පිරෙන්න සහ ජීවත් වෙන්න තමයි හැබැයි ඒ කන එකත් ආට් එකකට කලොත් වඩා වැදගත්.ඉතිං බුෆේ එකකින් කනවා කියන්නෙත් ආට් එකක්. අන්න ඒ නිසා හරි විදියට බුෆේ එකෙන් කනවා නම් උපරිමයෙන් ඒක රසවිඳින්න පුළුවන් ඔබට.ඒක නිකම්ම බඩ පුරවගන්නවට වඩා ඊට එහා ගියපු තෘප්තියක් කියලයි මට හිතෙන්නේ .කෙටියෙන් කිව්වොත් බුෆේ කියන්නේ අපිම ගිහින් අපිම බෙදාගෙන අපිම කන එක. නමුත් මං මුලින් කිව්වා වගේ හැබැයි මැනර්ස් කියලා දෙයක් තියෙනවා.සමහර විට එතන විදේශිකයන් වගේ අපේ රටේ අය ගොඩාක් ඉන්න පුළුවන් .ඒකයි මං කිව්වේ මැනර්ස් ගැන.
    මුලින්ම කල යුත්තේ තියෙන්නේ මොනවාද අපි කන්නේ බලල තීරණය කරන එකයි නැතුව බුෆේ එකේ ආරම්භයේ ඉදලා ටික ටික ඔක්කෝම බෙදා ගැනීම නෙවේ.ඒකට කරන්න ඕනේ කන්න කලින් බුෆේ එක වටේ රවුමක් දාල මං මොනවද කරන්නේ කියන එක තීරණය කරන එකයි.
    දැන් අපි කන්නේ මොනවද කියල තීරණය කරලා ඉන්නේ ඉතිං අපිට පුළුවන් ඩිෂ් එකත් අරන් පෝලිමේ තමන්ට හිමි තැන ඉවසිල්ලෙන් ඉඳන්, එන එන විදියට පිළිවෙලට තමන් තීරණය කල ආහාර බෙදාගෙන යන්න ඕන.
    බුෆේ එකක ශ්‍රී ලන්කන්,වෙස්ටර්න් හා ඉතාලි ආදී එකී නොකී කෑම වර්ග වල එකතුවක් තිබෙන්න පුළුවන් .Soup,Salad,Appetizer ,Main menus හා Dessert ආදී වශයෙන්.සාමාන්‍යයෙන් බුෆේ එකක් සෙක්ෂන් කරලා තියෙන්නේ. එක පැත්තක සැලඩ් බාර් එක වගේම ඒකේ විවිධ සැලඩ් වර්ග හා ඩ්‍රෙසින් වර්ගත්, කෝල්ඩ් කට් මීට් ( සීත කරපු ප්‍රොසෙස්ඩ් මස් මාලු වර්ග)වගේ දේවලුත් වෙනම තියෙනවා. මුලින් සැලඩ් පිඟානකට සැලඩ්, කෝල්ඩ් කට් මීට්ස් වගේ දේවල් බෙදාගෙන අපට ආරම්භය ගන්න පුළුවන් . සමහර වෙලාවට ඊට කලින් සුප් එකකුත් ලැබෙන්න පුළුවන්. එතකොට සුප් එක බීලා ඉවර කරලා සැලඩ් බාර් එකට ගිහින් සැලඩ් බෙදා ගන්න. සැලඩ් ප්ලේට් එක රස බලලා ඉවර වෙලා තමයි අපි බුෆේ එකට ගිහින් මේන් කෝස් එක බෙදාගන්නේ.ඉතිං මෙතන මං කලින් කිව්වා වගේ රටවල් දෙක තුනක කෑම නියෝජනය වන්න පුළුවන් .ඒක නිසා උදාහරණයක් විදියට ඉතාලි කෑම වලින් පැස්ටා එක්ක ලාංකික කෑම වලින් පොල් සම්බල් එකට බෙදා ගන්න එපා.මොකද ඒ දෙක එකට කන්න බැහැ .ගැලපීමක් නැහැ .ඒ නිසා ගැන වීමසිල්ලෙන් කෑම බෙදා ගන්න.ඒ වගේම තමා සාමාන්‍යයෙන් බුෆේ එකක හැම ඩිෂ් එකක් ඉස්සරහින්ම ඒ කෑම වට්ටෝරුවේ නම සදහන් කර තබන අතර හැම ඩිෂ් එකක් ඉස්සරහින්ම හැන්ද හරි ටොන්ග් එක හරි තියන්න පොඩි පීරිසියක් තියලා තියෙනවා. එතකොට තමන් බෙදාගෙන පිටිපස්සෙන් එන අනික් කෙනාට පහසු වෙන්න කෑම බෙදාගෙන හැන්ද ඩිෂ් එක තුල නොතියා එයට අදාලව තිබු පිරිසිය මත නැවත තබන්නටත් අමතක කරන්න එපා.ඉතිං මේ වගේ චුටි කරුණු ගොඩාක් දෙනා සැලකිල්ලට ගන්නේ නැතත් ඒවා හරි වැදගත් .අනික් කරුණ තමා සාමාන්‍යයෙන් මනුස්සයෙක් කන ප්‍රමාණෙට බෙදාගන්න එක පුරුදු වෙන්න.කන්දක් වගේ කෑම එකක් පුරවා ගැනීම අවලස්සයි.කෑම කාල තමන්ට ඒ කාපු ටික කොහෙත්ම ප්‍රමාණවත් නැති නම් බුෆේ එකට ආයෙ ගියාට කමක් නෑ. හැබැයි සාමාන්‍ය චාරිත්‍රය වෙන්නේ මේන් කෝස් එක එක පාරින් බෙදාගන්න එකයි.ඒ වගේම මේ හැම කෑම එකටම වෙන වෙනම ප්ලේට් පාවිච්චි කරන්න ඕන. බත් කන ප්ලේට් එකේ සැලඩ් කන්නෙ නෑ.ඒ වගේම හැදි ගෑරප්පුත් එහෙමයි.ඉතිං අපි මේ විදියට කැම බෙදා ගන්නා අතර තුර පෝලීමේදී ආහාර රස බැලීමෙන් වැලකී සිටින්න.ඒක අශෝභනයි.ඉතිං බෙදා ගත්ත කෑම වේල අපිට පුළුවන් රස බලන්න.ලාංකික කෑම වේලක් අතින් රස බලන්න ඕනේ නම් අපිට පුළුවන් ෆ්‍රින්ගර් බෝල් එකක් ඉල්ලලා අත සෝදා ගෙන රස බලන්න.හැදි ගෑරැප්පුත් නිසි විදියට හසුරවන්න .
    FB_IMG_1656243515002.jpg


    (ජායාරූප අන්තර්ජාලයෙන් )
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,121
    49,477
    113
    සේදවත්ත
    අනාත සිංහලු කන්නේ වදුරෝ වගේ අතේ එකක් කටේ එකක් පිගානේ කොත හහලා උඩට ඩෝනට් එක්කුත් දාගෙන ඩෙසට් එකෙන්. බලන්න ඕනේනම් ගලදාරි ශැන්හ්‍රිල්ලා බුෆේ වලට යන්න😂😂 හිනා කාල මැරෙනව පෙරේතකමට කන විදිය දැකලා
     
    • Like
    Reactions: Voltage

    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    අනාත සිංහලු කන්නේ වදුරෝ වගේ අතේ එකක් කටේ එකක් පිගානේ කොත හහලා උඩට ඩෝනට් එක්කුත් දාගෙන ඩෙසට් එකෙන්. බලන්න ඕනේනම් ගලදාරි ශැන්හ්‍රිල්ලා බුෆේ වලට යන්න😂😂 හිනා කාල මැරෙනව පෙරේතකමට කන විදිය දැකලා
    බඩගිනි ඇති
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,874
    1
    43,028
    113
    අනාත සිංහලු කන්නේ වදුරෝ වගේ අතේ එකක් කටේ එකක් පිගානේ කොත හහලා උඩට ඩෝනට් එක්කුත් දාගෙන ඩෙසට් එකෙන්. බලන්න ඕනේනම් ගලදාරි ශැන්හ්‍රිල්ලා බුෆේ වලට යන්න😂😂 හිනා කාල මැරෙනව පෙරේතකමට කන විදිය දැකලා
    උඹල ඕවට යන්නෙ අපි කන හැටි බලල හිනා වෙන්න නේද.. :(
     
    • Like
    Reactions: Silape

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    අනාත සිංහලු කන්නේ වදුරෝ වගේ අතේ එකක් කටේ එකක් පිගානේ කොත හහලා උඩට ඩෝනට් එක්කුත් දාගෙන ඩෙසට් එකෙන්. බලන්න ඕනේනම් ගලදාරි ශැන්හ්‍රිල්ලා බුෆේ වලට යන්න😂😂 හිනා කාල මැරෙනව පෙරේතකමට කන විදිය දැකලා
    lankawe kiyala wenasak na...kana eka kanawa kohe unath...
     
    • Like
    Reactions: IMUNA

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අනාත සිංහලු කන්නේ වදුරෝ වගේ අතේ එකක් කටේ එකක් පිගානේ කොත හහලා උඩට ඩෝනට් එක්කුත් දාගෙන ඩෙසට් එකෙන්. බලන්න ඕනේනම් ගලදාරි ශැන්හ්‍රිල්ලා බුෆේ වලට යන්න😂😂 හිනා කාල මැරෙනව පෙරේතකමට කන විදිය දැකලා
    වෙඩින් නෙමේ නෙ, සල්ලි දීල කන එකේ කොහොම කෑවම මොකද. නාස්ති කරන්නෙ නැත්තම් එච්චරයි.
     
    • Haha
    Reactions: rckdck

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,121
    49,477
    113
    සේදවත්ත
    වෙඩින් නෙමේ නෙ, සල්ලි දීල කන එකේ කොහොම කෑවම මොකද. නාස්ති කරන්නෙ නැත්තම් එච්චරයි.
    එක තමා වදුරෝ වගේ කනව කිව්වේ කෑම සීසිකඩ , කාපුව භාගෙට . ඕං යක්ක පුතුන් කන හැටි

    lankawe kiyala wenasak na...kana eka kanawa kohe unath...
    අප්පෝ නෑ බලහන් ඔය සුද්දෝ ජප්පෝ චීන්නු කන්නෙ ඕනෙ දෙ අරන් ඔක්කම කනවා ඉතුරු නෑ
    ------ Post added on Jun 26, 2022 at 7:15 PM
     
    • Like
    Reactions: JINX_XNIJ