Building rent කරන අය කව්ද ඉන්නෙ.

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    බිල්ඩින් රෙන්ට් කරන අය කව්ද ඉන්නෙ.

    මචන් මම ඉන්න පැත්තෙ , ටවුන් එකේ ඉඳලා මීටර් 600ක් විතර දුරින් පර්චස් 15ක් ඉඩමක් තියේ, ඉතින් මට දැන් මේක monthly income එකක් කරගන්න ඕනි, ඉඩම වටිනවා ලක්ශ 70ක් විතර. විකුණන ඒක අපරාදයක් කියලා හිතෙනවා.


    ටවුන් එකේම තමා ස්කෝලෙ, හොස්පිටල් එක ඉඩමට තවත් ලඟයි (400m).

    මට මේ අදහස් තියේ.

    1. හාර්ඩ්වෙයාර් එකක් (ප්‍රශ්නෙ මම ITපැත්තෙ, ඉතින් මට ඕවට involve වෙන්න ටයිම් මදි. එහෙම උනොත් කෙනෙක් දම්මලා තමා කරන්න වෙන්නෙ, ඒක තේරුමක් නෑ කියලා හිතෙනවා)

    2. කාමර 5ක් විතර ගහලා rent දෙන්න

    3. තනි බිල්ඩින් එකක් ගහලා private class කරන්න දෙන්න

    දැන් මචන් මම එහෙම කාමර 5ක් ගහලා එක එක අයට දෙනවනම් මට වෙන වෙනම කර්න්ට් මීටර් හයි කරන්න වෙනවා නේද? අනිත් එක මිනිස්සු එහෙම නවතින්න කැමති වෙයිද? කොළම පැත්තෙනම් අවුලක්ම නැතුව දෙන්න පුලුවන්, මෙහෙ සාමාන්‍යෙන් කාමරයක් දෙන්නෙ 10 - 12 ට වගේ..

    මට පොඩි අදසක් දෙන්නකො. ඉඩම තියෙන්නෙ ඇහැලියගොඩ
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    534
    93

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    තනි බිල්ඩින් එකක් ගහනවා නම් ටිකක් හිතපන්. ගොඩනැගිලි ද්‍රව්ය ගනන්. මේ දවස් වල රෙන්ට් බැහැලා තියෙන්නේ. කොලඹ උනත් හිස් වෙච්ච බිල්ඩින් තියනවා දීගන්න බැරුව. කොවිඩ් නිසා ලොකු බිල්ඩින් අරගෙන කර්ෆිව් කාලෙට රෙන්ට් ගෙවාගෙන ඉන්න තරම් ගොඩක් අයට බිස්නස් නෑ. පුලුවන් අය work from home, online වගේ එවාට මරු උනාම උන්ට බිල්ඩින් ගන්න ඔනේ නෑ. අඩුවට එකෙක්ට දුන්නත් ආයි කොවිඩ් රැල්ලක් ආපු ගමන් නාහෙන් අඩන්න ගනිවි ගෙවාගන්න අමාරුයි බිස්නස් නෑ කියලා. බිල්ඩිම හදන්නත් වියදම් කරලා ඒ ගානට හරියන්න අදායමක් නෑත්නම් වැඩක් නෑ නේ.

    ඉඩම විකුනන්න එපා. ඉඩම් විතරයි ගාන බැහැල නැත්තේ. මාසික අදායමක් ගන්න ඉඩම නිකන් රෙන්ට් එකට දෙන්න බලන්න අවුරුදු 2 කට විතර. ලොකු ගානක් නම් එන එකක් නෑ. හැබැයි උබට මුකුත් වියදමක් නෑ. අවුරුදු 2න් පස්සේ රටේ තත්වේ බලලා හිතන්න බිල්ඩිමක් ගහනවද කියලා.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මම උබ අපි නම් බිල්ඩින් එක දෙනවා ලු කැනඩා පනින්න ගියේ :LOL::LOL::LOL::LOL:
    මේකේ උන් හිටගෙන පෙස්සම් ගහලා එම්බසියෙන් වීසා කැන්සල් කරලා
    පාත්ත පොන්සියාගේ බිල්ඩිම ගන්නවා නම් බලාගෙන මරාල තමා ඔව ....
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම උබ අපි නම් බිල්ඩින් එක දෙනවා ලු කැනඩා පනින්න ගියේ :LOL::LOL::LOL::LOL:
    මේකේ උන් හිටගෙන පෙස්සම් ගහලා එම්බසියෙන් වීසා කැන්සල් කරලා
    පාත්ත පොන්සියාගේ බිල්ඩිම ගන්නවා නම් බලාගෙන මරාල තමා ඔව ....
    මොනවා කියලද බන් එම්බසියෙට පෙස්සම් ගහලා තියෙන්නේ

    දැන් පාත්තයාට කැනඩා පනින්න බැරිවෙලා ද ?