දෙවන පියවර - සංක්‍රමණයවීම සදහා කැනඩාව තොරගතයුත්තේ ඇයි
මගේ පළමු ලිපිය කියවූ ඔබ දැන් දන්නව ඇති අපි මේ කතා කරන්නට හදන මාතෘකාව ගැන . නමුත් ඔබ තවමත් මුල් ලිපිය කියැවූවේ නැත්නම් , කරුණාකර එය කියවා එන්නට පුළුවන් නම් හුඟක් වටිනවා , එවිටයි අපිට මේ ගමන හරියට යන්නට පියවර තබන්නට පුළුවන් වෙන්නේ..
මේ හැම දේකම පටන් ගැනිමට ඉස්සර වෙලා කියන්නම ඕන දෙයක් තිබෙනවා , ඒ තමයි “අපිට ලෝකේ තියෙන සුන්දරම රට අපේ සිරි ලංකාව , ඒ ගැන විවාද කරන්න ඕන නැහැ “ ...ඕන වෙලාවක කටපුරා හිනාවෙලා හිත පුරා මගේ රට කියල අභිමානයක් දැනෙන්න ඉන්න පුළුවන් සිරි ලංකාවේම විතරයි , ඒ බව හොඳින්ම දැනෙන්නේ ලංකාව තුලම හිටි අයට වඩා ටික දවසකට හරි ලංකාවෙන් දුරස් වෙලා ගිය කෙනෙක්ට . ඒ හැඟිම මතක නම් , කටුනායකින් ගුවන්යානය පොළොවෙන් ඉහළට එත්දි එන හැඟීම , මේ සටහනේ ලියන්නට බැරි තරම් ....ඒ ඇත්ත අපි හැම විටෙකම පිළිගන්නවා ,
ඒත් කැනඩාව , ඔස්ට්‍රේලියාව වැනි රටකට එන්නට හැකිවීම , විශේෂයෙන්ම පදිංචිය ලබන්නට හැකිවීම තවත් වාසනාවක් , විශේෂයෙන්ම කැනඩාව බහු සංස්කෘතික රටක් නිසා වෙනත් රටකට වඩා සුවිශේෂීයී. මොකද සමහර රටවලදි අපේ ආසියාතික සමට , පාටට යම් යම් වෙනස්කම් නැතිවා නොවේ , නමුත් කැනඩාව දෙස බැලුවොත් , මුළු රටේ ජනගහණයෙන් වැඩි පිරිසක් ඉන්නේ සංක්‍රමණික පිරිස , විවිධ සංස්කෘතීන්ට multicultural society අයත් , විවිධ රටවලට අයත් පිරිසකගේ එකතුවකින් තමයි කැනඩාවේ සමස්ත ජනගහණයේ වැඩි කොටසක් සැකසෙන්නේ . ඒ නිසාම ජනවාර්ගික වශයෙන් හරි වර්ණ බේදයකින් හරි තව කෙනෙක්ට පීඩා කරන්න කිසි කෙනෙක් පෙළඹෙන්නේ නැහැ , හැම කෙනෙක්ම අනෙකාට ගරු , සැළකිල්ලකින් දවස ගෙවන්නට මේ රටේ හැම කෙනෙක්ම වගේ හුරු වෙලා ඉන්නවා .
හරි කතාව තව දිග්ගසන්නේ තැනිව ලෝකෙ පුරා බොහෝ පිරිසක් කැනඩාවට එන්නට උත්සාහ කරන්නේ ඇයි කියල . ප්‍රධානම සාධකය තමා කැනඩාව , ලෝකයේ මානව සංවර්ධන දර්ශකයේ ඉහළ තැනක සිටින රාජ්‍යයක් , International Human Development Indicators HDI ඒ තුල කෙටියෙන් කියෙවෙන කරුණූ කිහිපයක් තිබෙනවා , ඒ තමයි සෞඛ්‍ය , අධ්‍යාපනය සහ ජීවන මට්ටම කියන කරුණූ මේ සියල්ලම ඉහල තත්ත්වයක පවත්වා ගන්නට කැනඩා රාජ්‍යයට හැකිවී තිබීම ප්‍රධාන සාධකයක් .
මේ කාරණා තවත් ටිකක් සරළව කිව්වොත් , දේශපාලනික වශයෙන් තිබෙන ඉදිරි සැලසුම්ගත බව , අපරාධ ප්‍රමාණය ඉතා අඩු මට්ටමක තිබීම , ස්වභාවික පරිසරය සෑහන දුරකට ආරක්ෂාව තිබීම වගේම , ඉහළ වැටුප් සහ ආර්ථික තත්ත්වය් හේතුවක් , ඒ වගේම ලෝකයේ ඉහළම පහසුකම් සහිත වෛද්‍ය සේවාව වගේම අධ්‍යාපන පහසුකම් මේ විදියට වැදගත් සළකුණූ තබනවා .
එහෙම නම් අපි දැන් ටිකක් කැනඩාවේ හැඩ රුව ප්‍රමාණය වගේ කරුණූ කාරණා ටිකකුත කතා කරල අපේ ප්‍රධාන මාතෘකාවට යමු .. ඒ තොරතුරු ලබා ගන්නට වැඩි දුර යන්න ඕන වෙන්නේ නැහැ , බොහොම පහසුවෙන් විකිපීඩියාවෙන් සොයා ගන්නට පුළුවන් , මෙන්න ලින්ක් එකhttp://en.wikipedia.org/wiki/Canada
එහෙම නම් ඔය විකිපීඩියා විස්තර ටිකත් කියවල එන්න , ඉතිරි වැඩ ටික පටන් ගන්නට ..ඉදිරි වැඩ කටයතු විදියට “කැනඩාවට එන්නට පෙර “ ඔබ කළ යුතු වැඩ කටයුතු , සූදානම් විය යුතු ආකාර කතා කරමු . ඒ තැනදි නිත්‍යානූකූලව එන මාවත් වගේම ඒ සඳහා ගත යුතු පියවරයනුත් එකින් එක විස්තර කරන්නට බලාපොරොත්තු වෙනවා .
දැන් ඉතින් අද ලිපිය අවසන් කරන්නට කාළෙ හරි , මේ ලිපියේ ලොකු ලොකු දේවල් ගොඩක් කතා කළේ නැහැ , අපි ටිකක් හඳුනගත්තා විතරයි , වැඩේට ඕන කරන ඔක්කොම වගේ කරුණූ , කෙටියෙන්ම කිව්වොත් වීසා ඇප්ලිකේෂන් පුරවන තැන ඉඳන් , කැනඩාවට ඇවිත් settle වෙනකම් ඕන කරන හැම දෙයක්ම ටිකෙන් ටික පියවරෙන් පියවර කතා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා . හැබැයි මේ ඔක්කොම එක දවසින් කරන්න බැරි නිසා තව දවසකින් අපි හමුවෙමු . ඒ දවස උදා වන්නට ඔබේ අදහස් යෝජනා ලොකු දිරියක් වේවි ..
Last edited:
