buongiorno කැනඩා

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    කස්ටියම ඉස්සෙල්ල මේ විඩියෝ එක්ක බලල ඉම්මු කෝ
    http://www.youtube.com/watch?v=YQrTIC7T-mw&feature=youtu.be

     

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    elakiri machan diigatama kara gena yanna,, mata podi prashna wagayak tiyanawa , okkama demmahama ahannam uben :D gud luck
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    canada

    කියන්න බලන්න ඔහෙට නිත්‍යානුකුලව යන්නේ කොකොමද
    IELTS point කොචර ඕනේ ?
    degree කක් කරලා යනකොට යන්න ලේසි ?
    මම ඒයේ CANADA torrento වල ඉන්න කෙනෙක් ගෙන් ඇහුව ටිකක් විස්තර එය කිව්වා
    ටිකක් පරක්කු වෙනවා කියලා ඔක්කොම වැඩ ටික කරගන්න ලංකාවේ අයට අනික දැන් ඒගොල්ලොන්ගේ ගෙවල් නිතරම වගේ ඇවිත් බලනවලු
    ත්‍රස්තවාදීන් එහෙම ඉන්නවද කියලා ?
     

    DSMAX

    Junior member
  • Aug 16, 2007
    260
    4
    18
    thanks a lot machan....
    ubava contact karaganna vidiyak kiyapankooo
    mobile num ekak hari mail eka hari....
    PM ekak dapan..
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අපි හුගක් දෙනක් ඉස්කෝලේ යන කාලේ ඉංග්‍රීසි පිරියඩි එක්ක කටි කරානේ ඔන්න හාහාපුරා කියල මේවගේ වැඩකට සෙට් උනහම තමයි පරණ කරපු මෝඩකම් මතක් වෙන්නේ...හුගක් අයට තියන ප්‍රශ්නය තමයි IELTS නේද ඔන්න එහෙනම් එකකට උතරය....

    ප.ලි - හොදින් මතක තියාගනිල්ලා කැනඩා යන පාරේ තියන ලොකුම චෙක් පොයින්ටි එකක් තමයි IELTS කියන්නේ මෙතනින් පැනගතොත් අනිත් ටික ඒචර ගේමක් නැ (නැ කියුවට නැම නේමෙයි)

    තවදෙයක් තියනවා IELTS හොරට ගොඩදාන්ඩ බැ කියන එක්ක හොදට මතක තියා ගනිල්ල බොරුවට සල්ලි වියදම් කරගන්ඩ එපා

    මට තවදෙයක් කියන්නඩ තියනවා මෙක මගේ පෞද්ගලික මතයක් අපිට කට්ට කාලා IELTS වලට පන්ති හොයා හොයා දුවන්ඩ වෙන්නේ අපිට කඩ්ඩ හරියට බැරි හින්දනේ අපිට කඩ්ඩ බැරිවෙන්ඩ හේතුව වෙන්නේ ගොන් s.w.r.d බණ්ඩාරනායක අතිගරු සිංහල රාජ බාෂාව කරපු හින්ද නැත්නම් ඒවෙනකල් රජයේ ඔක්කොම පාසල් වල අද්යාපන කටයුතු කෙරිලා තියෙන්නේ ඔර්ජිනල් සුදගේ කඩ්ඩෙන්.ඒකනේ තවත් අපේ සීයල අචීචිල ලොවෙත් නැති වෙන්ඩ කඩ්ඩ වනන් නේ බොරු ජාතික ආලයක් මතු කරාට බණ්ඩාරනායක ට ඕනේ උනේ උගේ රදල පැලැන්තිය රැකගෙන ගමේ සේතංගේ සාමිල්ගේ කොල්ල ආණ්ඩුවේ ලොකු ලොකු රස්සාවලට යන එක්ක වලක්වගන්ඩ...හරි හරි දැන් මේවා වැඩක් නැ අපි වැඩේට බහිමු කෝ හෝව් හෝව් තව දයක් මගේ සිංහල ට්යිපින්ග් එචීචර හොද නැ ඒහිඳා වැරදි ඇති...අවුලක් නෑ උබල සිංහල දන්නවා නේ නේද





    තුන්වන පියවර- පනින්ඩ පෙර බස දැනගනු

    එහෙම නම් අපේ තුන්වන පියවර තබන්නයි හදන්නේ , මේ අපි යන්න හදන්නේ ටිකක් බැරෑරුම් ගමනක් , ගන්න හදන්නේ ජීවිතේ වැදගත්ම තීරණයක් , ඒ නිසා ඒ තීරණය ගන්න , පියවර ඔසවන්න ඉස්සර වෙලා යන්න හදන තැන ගැන පොඩි අවබෝධයක් තිබෙන එක හරිම වටිනවා . ඒ නිසා අදත් අපි මුලින්ම කැනඩාවේ සිරි විසිතුරු තොරතුරු ටිකක් කතා කරලම ඉමු .
    මුලින්ම කියන්න එපායැ කැනඩාව තුල ප්‍රධාන භාෂා දෙකක් පළමු භාෂාවන් Official languages විදියට භාවිත වෙනවා , ඒ තමයි ඉංග්‍රිසි සහ ප්‍රංශ භාෂාව .

    මෙන්න කැනඩා ජාතික ගීය මේ භාෂා දෙකෙන්ම අහන්න .



    මෙන්න ප්‍රංශ භාෂාවෙන් ..මේක කියන්නේ සෙලින් ඩියොන් , මතකද ටයිටැනික් සිංදුව කීයේ , එයාත් ඉන්නේ මේ කිට්ටුවම තමයි ..





    මේ නිසාම මේ භාෂා දැනුම දෙකම නැතත් ඉංග්‍රිසි භාෂාව පිළිබඳ භාවිත දැනුම මේ ඉදිරි වැඩකටයුත්තෙදි හරිම වැදගත් , දැන ගත්තටම මදි එය යම් පිළිගත් විභාග මඟින් සනාථ කර පෙන්වන්නට ඕන නිසා මේ පැත්තෙ එන්න අරමුණක් තිබේ නම් මුලින්ම ඉංග්‍රිසි භාෂා දැනුම දියුණු කරගන්න . ඒ සඳහා ඔබේ ගුරුවරයාගේ උපකාරය ප්‍රමාණවත් , කැනඩාවට එන්න කියල විශේෂිත ඉංග්‍රිසි පාඨාමාලා හදාරන්නට , එහෙම නැත්නම් ගැඹුරු ඉංග්‍රිසි සාහිත්‍ය විමර්ශනය කරන්නට ඕනෑ නැහැ . ඒකයි කීවේ භාවිත ඉංග්‍රීසි දැනුමයි අවශ්‍ය . නමුත් පොඩි ප්‍රශ්නයක් තිබෙනවා , තිබෙන දැනුම ජාත්‍යන්තරව පිළිගන්නා විභාගයකින් සනාථ කරල පෙන්වන්නට ඕන නිසා , ඒ සඳහා ඔබට I.E.L.T.S හෝ CELPIP එහෙමත් නැත්නම් TEF වැනි ප්‍රංශ භාෂා ප්‍රවීනතා විභාගයක් කරන්නට වෙනවා . දැන් කියාවි මේ සමහර විභාග ඇහුවෙත් අදනේ කියලා . ඔව් මෙයින් ශ්‍රී ලාංකික අපිට පහසුවෙන්ම කරගන්නට පුළුවන් I.E.L.T.S ගැන පොඩ්ඩක් කතා කරමු ඉස්සර වෙලාම.



    I.E.L.T.S. -
    http://www.ielts.org/ පොඩි කතාවක් මේ ගැනත් කියන්න තියෙනවා , මෙම විභාගයේ academic සහ general කියන ආකාර දෙකක් තිබෙනවා , I.E.L.T.S. ACADEMIC version එක ඕන වෙන්නේ විදේශ රටක විශ්ව විද්‍යාලයක අධ්‍යපන ආරම්භ කරන්නට තමයි ප්‍රධානව , කැනඩාව වෙත පැමිණිමේ කටයුත්තට මෙහි General version එක කළාම හොඳටම ඇති . දැන් ඉතින් අහයි Academic වැඩිය හොඳයි නේ කියල , නමුත් දැනට තිබෙන නීතියේ හැටියට වීසා සැකසුම් සඳහා අවශ්‍ය General version එක තමයි .


    දැන් ඉතින් ඉංග්‍රීසි පුළුවන් කියල හිතුන පළීයටම කළබලේට ගිහින් I.E.T.L.S. කරන්න යන්න එපා . මොකද මේක පොඩි ගේම් එකක් වගේ වැඩක් , ඒ කිව්වේ I.E.L.T.S. ටෙස්ට් එක කරන එක කාළයත් එක්ක කරන පොඩි සෙල්ලමක් , ඉතින් එකපාරට ගිහින් වැඩේ පටලවා ගෙන සල්ලි නාස්ති කරගන්නවාට වඩා හොඳයි කෙටි කාළීන I.E.L.T.S. preparation class එකකට යන එක , බොහාම අඩු වියදමකින් දින 6ක විතර කෝස් එකක් කරගත්තම ඇති මට හිතෙන්නේ , හැබැයි කෝස් එකේ කරන ඒවට අමතරව , අන්තර්ජාලය හරහා තවත් ප්‍රැක්ටිස් කරන්න ඕන . ඒ සඳහා ඕන තරම් සම්පත් අන්තර්ජාලෙන් හොයා ගන්න පුළුවන් .
    ඒ විදයට උත්සාහ ගත්තොත් වැඩේ කරගන්න සති හයක් හොඳටම ඇති . මේ මම කිව්වේ මගේ අත්දැකීම මත , ඒ නිසා එය ඔබට අනුකූලව හිතල වැඩේ කරගන්න ඕන , මොකද මේ විභාගය සඳහා ඔබට රුපියල් 17200.00 (තව ටික දවසකින් තවත් ගණන වැඩි කරන බවයි පේන්නේ) වැය කරන්නට වෙනවා. හොඳට සූදානම් වෙලා විභාගෙ කරගත්තොත් හරියටම විභාගෙන් 13වෙනි දවස වෙනකොට online ගිහින් ප්‍රතිපල බලා ගන්නට පුළුවන් .මෙන්න ලින්ක් එකක් මෙතැනින් ගිහින් අදාල විභාගය පැවැත්වෙන තැන් , වියදම විතරක් නොවෙයි විභාගය සඳහා පෙර පුහුණූවක් ලබා ගන්නත් පුළුවන්.


    කොහොමද ලකුණූ තියෙන්න ඕන ? මේ විභාගෙදි ළකුණූ දෙන්නේ පියවර හතරකින් , ඒ වගේම සියල්ලගේම සාමාන්‍ය අගය overall marks විදියටත් කියැවෙනවා. ඒ නිසා Each component වලට 5.5 වඩා වැඩි ඉහළ අගයක් ගැනීමත් overall marks විදියට 6.5 ක විතර අගයක් වත් ලබා ගැනීමටත් වෙහෙසෙන්න ඕන , නමුත් විශේෂ අවස්ථා වල මේ මට්ටම එහා මෙහා වෙන්නට පුළුවන් , ඒ කිව්වේ පවුලේ ලේ ඥාතියෙක් දැනට කැනඩාවෙ ඉන්නවා නම් , එයා කැමති නම් ඔබ වෙනුවෙන් රැකවරණව ලබා දීමට එකඟ වන්නට , මේ ළකුණු ප්‍රමාණය පොඩ්ඩක් එහා මෙහා වුනාට ගැටළුවක් වෙන එකක් නැහැ . අපි ඉදිරි දවසකදි මේ ළකුණු ඔබේ වීසා සැකසුමට ගණනය කරන විදිය විස්තරාත්මකව කතා කරමු .



    කියන්න අමතක වුනානේ , I.E.L.T.S. ඉල්ලුම් කරන්න නම් ඔබ ළඟ අදාල මුදලට අමතරව ඡායාරූප දෙකක් එක්කම , පාස්පෝට් එකක් තිබෙන්න ඕන . වැඩේ හදිසිනම් රැපියල් 7500.00 වගේ වැය කරල එකම දවස ඇතුලත පාස්පෝට් එක අරගන්නත් පුළුවන් .නැත්නම් රුපියල් 2500.00 වැය කරල සාමාන්‍ය සේවාව යටතේ එය ලබා ගන්නත් පුළුවන් , කොහොම ගත්තත් පාස්පෝට් එක එකමනේ , කෝකටත් මේ ලින්ක් එක හරහා ඒ ගැනත් විස්තර අධ්‍යයනය කරලම වැඩේට යන්න ඕන කරන පෝරම ඔබේ ප්‍රෙද්ශයේ තියෙන ප්‍රෙද්ශීය ලේකම් කාර්යාලයෙන් නොමිලේ ලබා ගෙන හොඳට කියවල , නිවැරදිව පුරවල (මොකද නැත්නම් එතැන ඉන්න අතරමැදියන්ට කියල පෝරම් පුරවල අත්සන් ගන්න , තවත් රුපියල් 500-1000 ක් නිකම් වැය කරන්න වේවි) , උදේ වරුව තුල කොළඹ පාස්පෝට් කන්තෝරුවට ගිහින් බාර දුන්නොත් , එළියට ගිහින් තේ ටිකක් බීලා , සිංදුවක් කියල ආයෙත් එනකොට පාස්පෝට් එක අතේ (එක් දින සේවයේ නම් විතරයි ) .


    හොඳයි , අපි අද කතා කළේ පනින්න පෙර කරන්න ඕන එක් දෙයක් , නැහැනේ එකක් කියන්න ගිහින් දෙකක්ම කියන්න වුනා . ඔව් ඔය ටික ලේස්ති කරගන්නකෝ , ඊට පස්සේ අපි බලමු ඊළඟට මොකද කරන්න ඕන කියලා.



    විශේෂයෙන්ම කියන්න ඕන මේ කරුණූ දෙක , කැනඩාවට විතරක් නෙවි , ඔස්ට්‍රෙලියාව වැනි වෙනත් රටකට යත්දිත් ඕනම කරන කාරණා , ඒ නිසා මේ දෙක හරි ගිය පමණින් , කැනඩාවට හරි ඔස්ට්‍රේලියාවට හරි පැන්න කියල හිත කළබල කරගන්න එපා , අරමුණ තියා ගන්න , ඒ ඔස්සේ ඔබට තවත් සූදානම් වෙන්න තිබෙනවා ...!!





    අපි තවත් දවසක , ඊළඟ පියවර තබමු .
     
    • Like
    Reactions: Ritash9001

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ප්‍රතිචාර අනුව ඉතුරු ටිකත් දන්නම් BUMP එක්කක්වත් දාල යන්ඩ .....
     

    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    ගොඩක් වැදගත් Thread එකක්.දිගටම දාන්න විස්තර ටික.rep added. :yes::yes::yes::yes: