Business Idea - LaserTag

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අනාත සිංහලුන්ට අදත් Entertaining Business Idea එකක් අරං ආවා ඔන්න.
    .
    .
    .
    .
    .

    "LaserTag"​
    Required Budget: ලස්ස 18යි. (Minimum ලක්ෂ 12යි)
    වෘත්තීය මට්ටමේ උපකරණ+Shipping+බදු වලට ලක්ෂ 10යි.
    තැනක් rent කරගන්න ලක්ෂ 3යි.
    Background design වලට ලක්ෂ 2යි.
    Marketing වලට ලක්ෂ 2යි.
    transport/registration/අනං මනං ලක්ෂ 1යි.


    • මොනාද මේ LaserTag කියන්නෙ?
    කට්ටිය දැකලා ඇතිනෙ Paintball ක්‍රීඩාව?
    paintball-2.jpg

    මේ තියෙන්නෙ PaintBall

    මේකත් ලංකාවෙ ප්‍රචලිත වෙන්න පටං ගත්තෙ මීට අවුරුදු දෙක තුනක ඉඳලා. ඒත් මේක අවුරුදු 25කටත් කලිං ගොඩක් රටවල තිබිලා තියනවා. Paintball වලදි සහ ඒ හා සමානම ක්‍රීඩාවක් වෙන Airsoft වලදිත් තුවක්කුවෙන් පිටවෙලා යන උණ්ඩය ප්‍රතිවාදීන්ගේ ඇඟේ වදිනවා. යම් වේදනාවක් ඇති වෙනවා ඒකෙං. LaserTag කියන්නෙ, වේදනාවක් ඇති නොවෙන්න මේ ක්‍රීඩාවම ආපු අළුත් මුහුණුවරක්. මේකෙදි Digital signal එකක් තමා යන්නෙ. ප්‍රතිවාදියාගෙ ඇඟේ හයි කරලා තියන sensor එකට තමා අපි වෙඩි තියන්න ඕන.
    670px-Play-Laser-Tag-Step-6.jpg

    ප්‍රතිවාදියාගෙ ඇඟේ හයි කරලා තියන sensor එකට තමා අපි වෙඩි තියන්න ඕන.

    ලංකාවට තාම ඇවිත් නැති වුනාට. ගොඩාක් රටවල LaserTag වුනත් ඇවිල්ලා තියෙන්නෙ දශක දෙකකටත් ඉස්සර. තහනමක් තිබුනෙ නැතත්, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලින් බැට කාපු ලංකාවෙ මිනිස්සුන්ට මේ වගේ දේවල් වලට වැඩි පෙළඹීමක් තිබුනෙ නෑ. ඒත් මහින්ද, ෆොන්සේකා ඇතුලු ත්‍රිවිධ හමුදාවට පිං සිද්ද වෙන්න දැං තත්වෙ වෙනස් වෙලා තියනවා.
    LaserTag වලින් පිටවෙන්නෙ digital signal එකක් නිසා, Software එකක් මගින් Live Score පෙන්නන්න පුළුවන් කමකුත්, Out වුන ක්‍රීඩකයෙක් නැවතත් ඉක්මනින් තරගයට එක් කිරීමේ හැකියාවත් තියනවා. ඒ එකක් වත් PaintBall වලදි හෝ Airsoft වලදි කරන්න බෑ.
    LaserTag ක්‍රීඩා කරන ප්‍රධාන ආකාර දෙකක් තියනවා. එකක් තමා ගෘහස්ථ ක්‍රීඩාගාරයක. අනිත් එක තමා එලිමහන් භූමියක.
    laser2.jpg

    Indoor LaserTag Arena

    WRlasertagA.jpg

    Professional OutDoor LaserTag on the ground


    කොහොමද වැඩේ පටං ගන්නෙ?
    • ඉස්සරලම තුවක්කු සහ Sensor ගෙන්නගන්න.
    eCombatලගේ තමා සුපිරිම වෘත්තීය මට්ටමේ lasertag guns තියෙන්නෙ. හැබැයි අස්ප ගනං. පොඩි ළමයිංගෙ සෙල්ලම් බඩු වගේ ඒවත් තියනවා ගොඩක් අඩු ගානට. ඒවා ගන්නත් එපා. චාටර් නෙ. iCombat හරි DeltaStrick හරි try කරන්න. තව ගොඩා...ක් company තියනවා ඉතිං. Google කරලා හොයාගෙන, ලංකාවට shipping කොහොමද කියලා අහලා බලන්න. මට නම් ලාබම Professional Gun හම්බුනේ LaserTag LSD තමා.

    • භූමියක් වෙන් කරගන්න. දැනට එකක් තියනවා නම්, ඒ වියදමත් නෑ. Outdoor එකක් කරනවා නම් වියදම ටිකක් අඩුයි. මොකද නැත්තං Indoor වලදි design එකට වියදම වැඩියි. OutDoor එකට නම් ඉවත දාන බඩු ගොඩක් හරි ගෙනල්ලා අතෑරියෑකි. Indoor කරනවා නම් design එක ලස්සනට ඕන.

    • Biz එක reg කරගන්න. මේකට නම් චුට්ටක් රස්තියාදු වෙන්න වෙයි. මොකද වෙඩි තියාගන්න එකක් කීවොත්, register කරන එකා බය වෙලා ආරක්ෂක අමාත්‍යංශයෙං ලියුමක් අරං එන්න කියයි. මේක illegal නෑ. වැඩේ ගොඩ දාගත්තෑකි Solo Business එකක් විදියට register කරලා වුනත්.

    • Theme එකක් තෝරගන්න. මෙහෙමයි. Military වලට අදාල theme එකකට design කරන්න කියලා තමයි මම නම් කියන්නෙ. හැබැයි NZ වල නම් මම දැකලා තියනවා Space mission, Sci-Fi වගේ theme වලට ගහලා තියන arena. Theme එකට අදාලව design එකක් plan කරන්න. Indoor වලදි නම් ගොඩක් බිත්ති ගහන්න වෙනවා. අඩුවට ගන්න පුළුවන් ඉතිං හාඩ් බෝඩ් තමා. පොල් අතු ගහන්න එපා, ඒවයෙං signal විනිවිද යනවා. :yes: Night Games කරනවා නම් Light ටිකකුත් set කරගන්න වෙනවා. ඒ නැතත් Indoor Arena එකක් නම් දවල්ටත් light ඕන වෙනවා.

    • ඇඳුම් මස්සවා ගන්න. රටිං නම් ඇදුම් ගෙන්නන්න එපා. වැඩේ පාඩුයි. තමන්න ඕන කරන design එක ලංකාවෙම මස්සවාගන්න එක ලාබයි. Small, Medium, XL වගේ size 3කිං විතර ඇදුම් මස්සගන්න වෙනවා. ඒ කියන්නෙ තුවක්කු 16යි නම්, kit 50ක් විතර. මොකද එක හෝදන්න දාපුවාම වෙන එකක් හරි use කරන්න පුළුවන් නෙ.

    • Marketing කරන්න. ගොඩක් instrument suppliersලා marketing කරන්න උපදෙස් නොමිලේ දෙනවා. Facebook Campaign එකක් කරා නම් ඇති දැං කාලෙ නම්. පොඩිවට event එකක් organize කරලා discounted price එකකට දෙන්න.

    • වැඩේ හරි යන්නෑ වගේ නම් නවත්තලා දාන්න. :cool:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Paintball gun එකකින් නම් වැදුනම තරු පේනව බන් ... හැබැයි ඉතින් ඒක තමයි ආතල් එක ... ලේසර් උනාම ෆුල් ඩිජිටල් වර්චුවල් දෙයක් වෙනවනෙ
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Paintball gun එකකින් නම් වැදුනම තරු පේනව බන් ... හැබැයි ඉතින් ඒක තමයි ආතල් එක ... ලේසර් උනාම ෆුල් ඩිජිටල් වර්චුවල් දෙයක් වෙනවනෙ
    තොපි එතකොට Call of Duty එහෙම උඩ දාගෙන ගැහුවෙ?
    ඇඟට වදිනවද?