Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,706
    2,806
    113
    මම දන්න කෙනෙක්ගෙ JCB එකක් තියනව පොරගෙ ෆැමිලි එකම රට ඉන්නෙ. ඕක නිකන් ගෙදර තියෙන්නෙ පොරගෙ අම්මලට ඕක ගැන ගානක් නෑ. මම කෙනෙක් යවල චෙක් කරල බැලුව පොඩි පොඩි වැඩ ටිකක් ඇරෙන්න ලොකු අවුලක් නෑ. මම පොරට කතා කලා සෑහෙන අඩුවට මට ගන්න පුලුවන්.

    මේ ගන දන්න කෙනෙක්ගෙන අදහසක් ඕනෙ මේ වගේ කාලෙක ඔය වගේ එකක් ගන්න එක අවුලක් නැද්ද? මේක ඩේලි රෙන්ට් එකට හරි Construction company එකකට වගේ හරි ෆුල් ටයිම් රෙන්ට් එකට දෙන්න පුලුවන්ද?
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,140
    1,571
    113
    JCB එකක් වැඩ නැතුව පැත්තක නවත්තලා තියනවා මම දැකලා නෑ.. ඒ නිසා හරියට කරන්න පුළුවන් නම් හොද බිස්නස් එකක්.
    හැබැයි මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන.
    හයිඩ්රෝලික් හෝස් ටික හොදට හරියට ගහගන්න ඕන, හදිසියේ එකක් ගියොත් ඒ එක්කම යන හයිඩ්රෝලික් ඔයිල් ටිකෙන් මාස ගානක ලාබෙ වතුරේ යනවා.
    කුළු දෙක දැමේජ් වෙනකොට හරි තැනකින් වෙල්ඩින් කරගන්න ඕන, නැත්නම් හරියට වැඩක් කරන්න බෑ සහ හරියට වැඩක් නොකලාම ඒ හරහා ආයේ අලුත් වැඩ එන්නේ නෑ..
    ඩේලි සර්විස් ටික හරියට කරගෙන ඇදගෙන ගියොත් හොද බිස්නස් එකක්.

    නගරාසන්න පැති වලින් එළියේ නම් හොදට වැඩ තියෙනවා. මමත් ගිය අවුරුද්දේ ගෙපල කපන්න සති ගානක් ලිස්ට් එකේ හිටියා JCB එකක
     
    • Like
    Reactions: jjpala