1.මුලින්ම අදාල ප්‍රදේශීය සභාවෙන් ෆොර්ම් එකක් ගන්න.
2.ඒක ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ලගට ගෙනවහින් පුරෝ ගන්න.
3.ඒ ෆෝර්ම් එකේම ලියාපදිංචි කරන ආයතන විසතර ඇතුලත් ෆොර්ම් එක තමන් විසින් පුරවල අත්සන් කරන්න.
4.NIC එකේ කොපියක් අරන් ඒක ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.
5.ව්‍යාපාර ඉඩමේ ඔප්පුවෙ පිටපතක් ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.
6.ඒ සමගම ඔප්පුවේ සත්‍ය පිටපතද ඉදිරිපත් කරන්න. ආපසු ලැබේ.
7.ඉඩම තමන්ගේ නොවන්නේ නම් ඉඩම හිමි පුද්ගලයාගේ විරෝධතාවයක් නොමැති බවට ලිපියක් ලබාගන්න. එය ඇඩ්‍රස් කලයුත්තේ අදාල ප්‍රදේශීය කාර්යාලයේ ලේඛම් තුමාටයි.
8.එම ලිපිය ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.
9.ප්‍රාදේශිය උප කාර්‍යාලයට ගිහින් වෙළද බලපත්‍රය ලබා ගන්න.
10.ඒ සමගම මුල් ෆ්‍රොර්ම් එක සොඛ්‍ය පරීක්ශකට කියල සුදුසු බවට සහතික කරගන්න.
11.MOH එකට ගිහින් නැවතත් අනුමත කරගන්න.
12.ෆොර්ම් එක කොපියක් හා වෙළද බලපත්‍රයේ කොපියක් ලබා ගන්න.
13.ප්‍රදේශීය සභාවෙ ව්‍යාපාර ලියාපදිංචි කරන තැනට භාරදෙන්න.