මෙහෙමයි ඉතින් ඕක ගත්තා කියලා ප්‍රශ්ණයක් නෑ අඩු ගාණකට නම් නමුත් brand new නම් මේ දවස් වල ගන්න එක පාඩුයි මොකද PS3 එකට මේ අවුරුද්දේ ඉදලා AAA games වැඩියේ එන්නේ නෑ, ළගදී නම් ආවා Dragon Age inquisition, Mortal Combat X, ඉස්සරහට Mass Effect , Metal Gear solid phantom pain වගේ AAA ඒවා හැරුණම ගොඩක් පොඩි පොඩි games තමයි ඕකට එන්නේ, අනෙක් ලොකු AAA games යන්නේ PS4 එකටයි මොකද ඒකේ 4k support තියෙනවා, graphic card එක powerful, x86 architecture එක නිසා PC port කරන්න ලේසියි ,RAM, Processor එක powerful නිසා game ගොඩක් quality, graphically intensive කරන්න පුලුවන් ,physics effects දාන්න පුලුවන්, වැඩි polygons ගාණක් දාන්න පුලුවන්.
අනික PS3 එකේ cell processor එකට game develop කරන්න ලේසි නෑ, කරත් GPU එක දුර්වල නිසා CPu එකට තමයි ගොඩක් බර එන්නේ, මේක PC port කරන්න ගියාම එතකොට PC වල bugs එනවා, performance එක අඩුයි, Core i7 වගේ ලොකු powerful processor එකක් ඕන වෙනවා game එක ගහන්නත් ,GPU එකෙන් ඒ හැටි වැඩක් නැති වෙනවා, GTA IV එකට වුනේත් මේකම තමයි, GTA IV එක 2008 release කරාම, ඒ කාලේ තිබ්බ හොදම quad core processor එකේවත් මේක ගහන්න බැරි වුනා stable 60fps max දාලා මොකද PS3/Xbox360 -> PC port කියන්නේ එහෙම් පිටින්ම වගේ වෙනස් කරන්න ඕනේ තත්වයක්.
ඊට අමතරව කෑළි එකතු කරන්න ඕනේ PC port එකේ quality එක වැඩි කරන්න මොකද ඒ අමතර කෑලිත් එක්ක PS3 එකට දැම්මත් ගහන්න බෑ ඉතින් PS3 එකට develop කරන එක ආර්ථික වශයෙන් පාඩුයි, මේක නිසයි පොඩි පොඩි games විතරක් PS3 එකට ඉස්සරහට එන්නේ. අනික PS3 එක DirectX11 API එකට support නෑ, දැන් එන ගොඩක් games DirectX11 ,දැන් අළුතෙන් එන game engine පවා (Unreal 4, CryEngine) පවා DirectX11 එකට තමයි target කරලා තියෙන්නේ ඒ ගොල්ලන්ගේ engines , ඉතින් DirectX11 game එකක් DirecX9 කරන්න ඕනේ console වලට දානවා නම්, සාමාන්‍යයෙන් game එකක් develop කරන්න පටන් ගන්නේ console එකකින් නේ? ඊට පස්සේ තමයි PC වලට port කරන්නේ මොකද එතකොට ලේසියි debug කරන්න, ඉතින් එතකොට වෙන්නේ DirectX9 games Directx11 කරන්නයි වෙන්නේ, නමුත් එහෙම කරන එක ලේසි නෑ. මොකද Directx11 එකේ tessellation, soft shadows, අමතර GPU specific pipelines තියෙනවා මේවා එතකොට ආයි මුල ඉදලා develop කරන්න ඕනේ PC එකට එතකොට කාලය සෑහෙන්න යනවා, මේක නිසයි Rockstar ලා පවා GTA V එකේ PS4 version එක අවුරුද්දක් පරක්කු කරේ PS3 version එකට පස්සේ. කාලය කියන්නේ සල්ලියි යනවා ඉතින් මේක පාඩුයි companies වලට. අනික දැන් දැන් PS4 එකට මාරු වෙන කට්ටිය වැඩි වෙලා තියෙන්නේ, සමහර සයිට් එහෙම මම දැක්කා PS3 දීලා PS4 ගන්න පුලුවන්, PlayStation Now එක හරහා PS2/PS3 games PS4 එකේ ගහන්න පුලුවන් (original, cracked ඒවා බැහැ). ඉතින් පරණ games ගහන්න ඕනේ නම්, තමන් ළග දැනට ලොකු PS3 game collection එකක් තියෙනවා නම් ,PS3 එක ගොඩක් ලාභ නම්, ඉස්සරහට එන පොඩි පොඩි games ගහන්න ඕනේ නම් එහෙනම් PS3 එකක් ගන්න නැත්නම් PS4 වලම ඉන්න නමුත් තාම PS4 එකට ගොඩක් games නෑ මොකද ආවා විතරනේ, නමුත් 2016 වගේ වෙනකොට PS3 එක outdate වෙන්න ගන්නවා, PS4 එක සෑහෙන ඉස්සරහට එන්න ගන්නවා. PS4 එක කොහොම හරි අවුරුදු 10 වගේ තියෙනවා, ඒ කිව්වේ 2023 වගේ වෙනකම්.