කොළඹ සයන්ස් එකේ නම් රැග් තියෙනවා...දරුනුවට නෑ...ඉදුල් වතුර බොන්න දෙන, මාලු කටු සූප්පු කරන්න දෙන වගේ ඒවා නෑ...
හැබැයි සමහර අවුරුදු වලදී නම්, රැග් වෙච්ච සමහර එවුන්ට සීනියර්ස්ලා ගහල තිබුනා..උන් බයටම කම්ප්ලේන් කරලා තිබුනෙත් නෑ..උබ බයයි කියලා පෙන්නුවොත් තමයි, උබට ගහන්නෙ. වලි දාගන්න යන්න එපා...රැග් වලට(උන් ඕකට කියන්නෙ තෙල කියල..එත් රැග්ම තමා අන්තිමට...) කතා කලාට යන්න එපා...රැග් කරන්නෙ කැනිට්මේ...ඒ කියන්නෙ කැනිටින් පැත්තෙ යන්න එපා...උබව අල්ල ගත්තොත් හිනාවෙල එන්නෙ නෑ කියපන්...උබට සද්දෙ දැම්මොත් හිනා වෙයන්..මොනවා හරි වෙන සෙල්ලමක් දාන්න ආවොත් ඩීන්ටයි, මාශල්ට යි කම්ප්ලෙන් කරපන්..උන් එහෙම කරන එවුන්ට හරි බයයි...උබව අල කරනවා කිව්වොත්...හා අල කරන්න කියපන්...කිසි දෙයක් සීරියස් ගන්න එපා..ඊට පස්සෙ උන් උබේ බැච් එකේ උන්ට උබව එක්කන් එන්න කියයි...උබලයි එවුන් උබව අරව මේව කියල එක්කන් එන්න හදයි...ගනන් ගන්න එපා....ඊට පස්සෙ උබව අල කරනවා...උබලයි එවුන්ට උබත් එක්ක කතා කරන්න එපා කියයි...එත් බං බැච් එකේ ගොඩක් එවුන් රැගින් වලට කැමති නෑ...ඒ හින්දා උබව තනි වෙන්නෙ නෑ...සීනියස්ලට බය වුනු එවුන් උබත් එක්ක කතා කරන එකක් නෑ රැග් සීසන් ඉවර වෙනකන්..බය නැති උන් උබත් එක්ක අනිවා කතා කරනවා...ටික දවසක් කට්ට කන්න වේවි...පස්සෙ ගොඩක් එවුන් සෙට් වෙනවා....රැග් කරපු සීනියස්ල පවා...සීනියස්ලාත් මනුෂ්‍යයෝය...ගොඩක් සෝෂල් වෙන්න බලපන්..ඇකඩමික් ටික හොදට කරපන්...උබව මුල්කාලෙ අරව මේවට ගන්න එකක් නෑ...පස්සෙ පස්සෙ ඒ ගතිය නැති වෙනවා..උබ රැග් උනත්, ඊලග බැච් එක රැග් කරන්න යන්න එපා..ඒක මහ පව්කාර වැඩක්...මේ වැඩ වලින් සමහරු මානසිකව වැටෙනවා බං...ඒකයි...
උබට තව විස්තර දැනගන්න ඕන නම් මේ ලින්ක් වලට ගිහින් බලන්න...
https://www.facebook.com/E-fac-non-raggers-143711339126115/timeline?ref=page_internal
https://www.facebook.com/රැග්-එකට-ව...rs-124680974354114/timeline?ref=page_internal
බොහොම ස්තූතියි මචන් උබේ වචන ටිකට
