උත්සාහය තියෙන එකාට මොන රටත් එකයි ගොඩ යන්න. දැන් ලංකාවේ ඉදන් ගොඩ ගිය එවුන් නැද්ද ? අපේ එවුන් බහුතරයකට ඕනේ අයිස් ගහලා සල්ලි හම්බකරන්න. රට ගියාම ඉබේ සල්ලි එනවා ඩොලර් එක මෙච්චරක් වැඩියි කියලා හිතන්නේ. ගියාට පස්සේ ගොඩක් එවුන්ට ඇත්ත තේරෙනවා. එක්කෝ ආපහු එන්න ඕනේ නැත්තම් ළිඳට වැටිච්ච මිනිහා ළිං කටින්ම ගොඩ එන්න ඕනේ.Canada seetalai lu palui lu Loku wadi lu dura wadi lu.
America wela safe na lu, medical too expensive lu.
UK Dan hondata chora lu...
Api Dan koheda sinhalune yanne?
හැබැයි එතන මෙහෙම දෙයක් තියෙනවා. මනුස්සයෙක්ව බෙල්ල ගාවටම හිර උනාම බේරෙන්න මොනවා හරි කරනවා. අනික් පැත්තෙන් පිටරටවල ලංකාවට වඩා සල්ලි හොයන්න අවස්ථා තියෙනවා. ලංකාවේ මේ දේවල් දෙකම මිනිහෙක්ට අඩුවෙන් වෙන නිසා කට්ටියක් බලන්නේ ජල්තර දාල ගොඩ යන්න. තව සෙට් එකක් අම්මා තාත්තගේ දේවල් වලින් ගොඩ යන්න. සුළු කොටසක් උත්සාහයෙන් මහන්සියෙන් කැපවීමෙන් ගොඩයන්න.
ලංකාවේ වගේ රටවල දෙමව්පියන්ගේ දේවල් ළමයින්ට දෙනවා කියන මානසිකත්වය පොඩි කාලේ ඉදන් ඔළු වලට යන නිසා ළමයි කොටසක් මුල ඉදන්ම කම්මැලි වෙනවා. ඉස්කෝලේ යනකාලේ පන්තිවල එහෙම උන් හිටියා මතක ඇති.
අනික් එක ලංකාවේ ඉන්න එවුන් රැල්ලට දේවල් කරන නිසා දැන් හැම එකාම රට යන රැල්ලේ.
එතකොට සීතල රස්නේ හිම අදාල නැහැ.
උඹ දැන් අර තාත්තයි පුතයි බූරුවා විකුණන්න ගියා වගේ ඔක්කොම ඔළුවට දාගන්න එපා. තමුන්ම දේවල් හොයලත් බලපන් මොකද එක එකාගේ කැපසිටි එක වෙනයි. හැකියාව වෙනයි.

German language case hindada, neththam PR ganna amaru hindada.
