Canowing Arcade" සංකීර්ණයයි
මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න"Canowing Arcade" සංකීර්ණයයි. කලකට ඉහත මේ ස්ථානය පැවිති ආකාරයත් දැන් පවතින ආකාරයත් දුටුවිට දැනෙන්නේ වේදනාවක් සහ කලකිරීමකි. ඉතා පිරිසිදුව පැවති ආහාර ගැනීමේ ශාලාව දැන් මැස්සන් ගහන ස්ථානයක් බවට පත්ව තිබේ. ආහාර ඇණවුම් කර ගෙන එන විටම ඒවා මතට මැස්සන් පැමිණීම ඉතා අප්‍රසන්න බවක් ඇති කරයි. එදා වැසිකිළි සහ කැසිකිළි ද ඉතා හොඳ නඩත්තුවකින් පවත්වාගෙන යනු ලැබීය. ප්‍රසන්න සුවඳක් සහිතව තිබූ ඒ ස්ථානවල දැන් හමන දුගද මහත් අප්‍රසන්නතාවයක් ඇති කරයි. සමහර ජල කරාමයන් කැඞී ගොසිනි. ශ්‍රී ලාංකික ජනතාවට සිහිනයක්ව පැවති අධිවේගී මාර්ග ඉතා බිහිසුණු යුද්ධයක් අතරේම ඉදිකරමන් කිසිවකුට ජයගත නොහැකි යැයි කියූ යුද්ධය ජයග්‍රහණය කරමින් ලෝක ආර්ථික අවපාතයක් හමුවේ රට සංවර්ධනය කරා ගෙන යමින් තිබූ ඒ අතීතයත්, වෛරය ක්‍රෝධය සහ පළිගැනීම පමණක්ම අරමුණු කරගත් වර්තමානයත් සසඳා බලන්න. අලුත් දෙයක් කිරීම නොව තිබෙන දේ නඩත්තු කර ගැනීමටවත් නොහැකි අකාර්යක්ෂමක වර්තමානය ගැන ඔබ සැබැවින්ම තෘප්තිමත්ද ද? කප්පිත්තන් රැසක් පැදවීමට උත්සාහ දරන එක තැන නැවතී සිටින නෞකාවක අවාසනාවන්ත මගියන් බවට අප පත්වී සිටිමු.